D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-181 Lalith Weeratunga-image_f2d9706a72.jpg

කොවිඩ්-19 වෛරසයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරටට ජනතාව වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණි. තවද පසුගිය ජනවාරි මස ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සිරම් ආයතනයට මුහුණ දී ඇති අර්බුද තත්වයන් හේතුවෙන් එන්නත් සැපයීම කළ නොහැකි වීම නිසා එම එන්නත ලබාගැනීම දුෂ්කර වී තිබු බවට ද වාර්තා පළවී තිබුණා.

මෙවන් පසුබිමක ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම, එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් මේ දිනවල හුවමාරු වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ බොහෝ දෙනා අතර සංසරණය වූ පණිවිඩය පහතින් දක්වා තිබේ.

“ලංකාවේ පෞද්ගලික සමාගම් ඩොලර් මිලියන 50 ඇස්ට්‍රා සෙනිකා එන්නත ගෙන්වීමට රජයට මීට මාස 3 කට පෙර එකඟත්වය පළ කර, ඊට අමතරව පිටරට ඖෂධ නිෂ්පාදන සමාගම් වල ඇනවුම්ද ලබා ගෙන තහවුරු කරගෙන සිටියහ. නමුත් ජනපති උපදෙෂක ලලිත් වීරතුංග එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. රජයට කිසිම ප්‍රශ්නයක් නැති බව දැන්වූහ.

දැන් තත්වය ඇස්ට්‍රා සෙනිකා ඇනවුම් ඉහළ ගිය නිසා ලංකාවට එය මෑත කාලයේදී නොලැබේ.

පළමු මාත්‍රාව ගහපු ලක්ෂය 6 කට දෙයියන්ගෙ පිහිටයි. එ් අස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකරපු එන්නත් දීමට තද බල උත්සාහයක.

මෙහෙමත් මෝඩ අසාර්ථක රජයක්.

මේ ප්‍රශ්නයට පාට පක්ෂ නැත, අපේ ජිවිතයි අනතුරේ.”

Archived Link

සමාජ මාධ්‍ය සටහන් :

අනෙකුත් එන්නත්වලට සාපේක්ෂව වැයවන මුදල අඩුවීම, එන්නත් ගබඩාකරණයේදී පැවතිය යුතු තත්ත්වයන් වැනි කරුණු සැලකීමේදී මෙරටට වඩාත්ම උචිත එන්නත ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත බව මීට මාස කිහිපයකට පෙර සැලකීමත් සමඟ අවස්ථා දෙකකදී එනනත් 2ක් වශයෙන් ලබාගත යුතු ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදීමේ එන්නත්කරණ වැඩපිළිවෙල පසුගිය මාසයේ දී ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් රෝගීන්ට දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත් එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නොමැති බවත් ලලිත් වීරතුංග මහතා පැවසූ බවට පුවත් පත් වාර්තාවල දැක්වුණේ මෙලෙසින්.

අප මේ සම්බන්ධයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතාගෙන් කළ විමසීමදී ඒ මහතා සඳහන් කළේ, මෙම ප්‍රකාශ නියත වශයෙන්ම අසත්‍ය හා ද්වේෂ සහගත බවයි.

ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ, එන්නත් ගෙන්වීම සඳහා පෞද්ගලික අංශය මෙම එන්නත් ආනයනය කරන නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබු නමුත් මෙය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද එන්නතක් බැවින්, එන්නත් ගෙන්වීට රජයට පමණක් ප්‍රමුඛතාවය ලබා දී තිබෙන බවයි. පුද්ගලික අංශයේ සමාගම් තම සේවකයින්ට එන්නත් කිරීම සඳහා එන්නත් ආනයනය කිරීම සඳහා අරමුදල් ලබා දීමට ඉදිරිපත් වූ බව සත්‍යක් මුත් රජයට කිසි විටෙකත් මේ සඳහා අරමුදල් හිඟයක් නොතිබුණි. ගැටලුව වී තිබෙන්නේ කලින් අපේක්ෂා කළ පරිදි ඉන්දියාවේ සීරම් ආයතනයට එන්නත් සැපයීමට නොහැකි වීම නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත හිඟ වීමයි. ලොව පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශාල හිඟයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරන අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව 600,000 ක් වන අතර එය ලබා ගැනීම සඳහා රජය වෙනත් රජයන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

එසේම ඇස්ට්‍රාසෙනෙකා ආයතනයට අවශ්‍ය පරිදි යමිකිසි රටක පවතින අතිරේක එන්නත් වෙනත් රටකට යොමු කිරීමේ අවකාශයක් නොමැති බවත් එම තීරණ අදාළ රජයන් අතර තීරණයන් මඟින් පමණක් සිදුවන බවත් අපට පවසා සිටියා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවිඩය සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මහත්මිය පැවසුවේ ද එම පණිවිඩය සම්පූර්ණයෙන්ම අසත්‍යය හා පදනම් විරහිත බවයි.

සියලුම එන්නත් නිෂ්පාදකයින් රජය සමග සෘජුව වැඩ කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබුණ අතර ලක්ෂ 5ක් කොටස් වශයෙන් එන්නත් ලක්ෂ 15 ක් රජය විසින් ඇණවුම් කර තිබුණ ද ඉන් ලක්ෂ 5ක් පමණක් ලැබුණු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා එන්නත් කට්ටල මිලියන 1.6 ක් ලැබීමට නියමිතව තිබුන ද ඉන් 264,000 ක් ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරිය තහවුරු කළා. ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාවේ අනපේක්ෂිත ලෙස කෝවිඩ් වසංගතය වර්ධනය වීම හේතුවෙන් එරට සිරම් ආයතනයට පොරොන්දු වූ පරිදි සැපයුම් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. තවද වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරන ලද එන්නත් පමණක් මෙරට භාවිතා කරනු ලබන අතර එන්නත්කරණ පිලිබඳ තීරණ ලබාගැනීමට පෙර කමිටුවේ තනි තනි පුද්ගලයගෙන් ඊට අනුමැතිය ලබාදෙන බවට ප්‍රකාශ පත්‍රයකට අත්සන් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය තහවුරු කළා.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනය තවත් පුද්ගලික ආයතන කිහිපයක් සමඟ එකතුව එන්නත් ලබාගැනීම සඳහා ප්‍රදානයක් ලබාදීමක් පිළිබඳව සලකා බැලීමක් මීට මාස පෙර කිහිපයකට තිබුණද ඒ අනුව මාධ්‍ය කිහිපයක් ලලිත් වීරතුංග මහතා ද සම්බන්ධ කරමින් එවැනි පුවත් වාර්තා කර තිබුන ද එබඳු කිසිඳු තීරණයකට එළඹුණේ නැති බවට අප විසින් මීට පෙර කළ විමර්ශනයකදී තහවුරු කළේ මෙලෙසිනි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මෙරටදී පසුගිය අප්‍රේල් මස 27 වනදා සිදු වුනා. පළමු එන්නත ලබා දුන් 925,242 ක පමණ පිරිස අතරින් 196,546 දෙදෙනෙකුට දෙවන මාත්‍රාව මැයි මස 09 වැනිදා වන විට ලබා දී තිබුණා. ඒ පිලිබඳ මාධ්‍ය නිවේදනය මෙතනින්

වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, පළමු මාත්‍රාව ලබා දුන් ලක්ෂ 6 ක පමණ ජනතාවට වෙනත් රටකන් හෝ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මිළදී ගැනීමේ හැකියාව පවතිනවාද යන්න පරීක්ෂා කරන බවයි. එම වීඩියෝව පහතින් (06:02) යුධ හමුදාපතිතුමා ද මේ පිලිබඳ කරුණු දැක්වූ බවට වාර්තාවක් මෙතනින්

https://www.youtube.com/watch?v=jGqNkNrmShk

මෙම WhatsApp පණිවිඩයේ සඳහන් පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත නොකරපු එන්නත් දීමට තද බල උත්සාහයක යනුවෙන් සඳහන් කර තිබුණේ මීට පෙර චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා නොදුන් හේතුව නිසාවෙන් බව පැවසිය හැක.

කෙසේවෙතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ 6 වන එන්නත ලෙස සිනොෆාම් එන්නත රෝගීන්ට ලබා දීමට පසුගිය 7 වන දා (මැයි) අනුමැතිය ලැබුණි. මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය. එම වීඩියෝව සහ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ලලිත් වීරතුංග ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළාද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading