මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැ‍ටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා.

මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට දැක ගණනට ලැබුණා. ඒ පිලිබඳ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

මේ තත්වය යටතේ ඊශ්‍රායල් ගුවන් හමුදාව පලස්තීනයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන ආකාරය ලෙස සඳහන් කරමින් චායාරූපයක් මේ දිනවල මෙරට ෆේස්බුක් තුල බහුලව හුවමාරු වනවා. විශාල ප්‍රහාරක ගුවන් යානා ප්‍රමානයක් ගුවන් තො‍ටුපලක ඇති බව දැක්වෙන මෙම චායාරූපය Nava නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කර තිබුනේ පහත පරිදියි.

Facebook | Archived

ඒ සටහන බොහෝ පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.මෙම ඡායාරූපයම Kanishka Silva නම් අයෙකු විසින්ද ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.

Facebook | Archived

මේ දිනවල බොහෝ දෙනෙක් ගාසා සීමාවේ සිදුවන මේ යුධ තත්වය පිළිබඳව විමසිලිමත් වනවා. ඒ නිසා මේ ආකාරයට හුවමාරු වන ඡායාරූපය සත්‍ය එකක් ද යන්න පිලිබඳව සොයා බැලීමට අප තිරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ගූගල් රිවර්ස් ඉමේජ් ඔස්සේ අප මේ ඡායාරූපය සම්බන්ධයෙන් මීට ඉහත පලව ඇති වාර්තා පිලිබඳව අප සොයා බෙලුවා.

එහිදී අපට ෆ්ලිකර් නම් ප්‍රසිද්ධ ඡායරූප පල කරන වෙබ් අඩවියට මෙම ඡායාරූපයම US Air Force ගිනුම විසින් එකතු ඇති බව නිරීක්ශනය උනා.

Flicker | Archived

මෙම ඡායාරූපය ලබාගත් දිනය ලෙස එහි පලව තිබුනේ 2012 වසරේ දෙසැම්බර් මස 14 වන දිනයි. එබැවින් මෙම ඡායාරූපය මෑතක දී ලබාගත් එකක් නොවන බව පැහැදිලි වෙනවා. එමෙන්ම එක්සත් ජනපද ගුවන් හමුදා මාණ්ඩලික සැරයන් ජොනතන් ෆෝලර් නම් අයෙකු විසින් මෙම ඡායාරුපය ගත් බවත් එහි වැඩි දුරටත් සටහන් කර තිබෙනවා. Flicker චායාරූපයේ විස්තරයට අනුව මෙම ඡායාරූපය දකුණු කොරියාව සහ අමරිකාව යුධ අභයාසයකදී ගත් එකකි.

F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා දකුනු කොරියාවේ කුන්සාන් ගුවන් හමුදා කඳවුරේ තබා ඇති අයුරු ලෙස සඳහන් කරමින් businessinsider නම් වෙබ් අඩවියද මේ ඡායාරූපය ඔවුන් වාර්තා කරන පුවතකට එක් කර තිබුනේ පහත පරිදියි.

Businessinsider.com | Archived

මෙම ඡායාරූපයේ දැක්වෙන F 16 Fighting Falcon නම් ගුවන් යානාව තනි එංජිමක් සහිතව නිර්මානය කරන ලද්දක් බව පැවසෙනවා.මේ ගුවන් යානා අමරිකානු ගුවන් හමුදාව සතුව පවතින අතර මෙම ඡායාරූප වල දැක්වෙන්නේ දකුනු කොරියාව සහ ඇමරිකාව අතර සිදුවන ගුවන් අභ්‍යාසයකට එම ගුවන් යානා භාවිතා කිරීමට සැරසෙන අවස්ථාවකි.

Elephant Walkනමින් හැඳින්වෙන මේ ගුවන් හමුදා ක්‍රියාකාරකම අමරිකානු ගුවන් හමුදා බලය වර්ධනය කර ගැනීමට නිතර සිදු කරනවා. කුන්සාන් ගුවන් හමුදා කඳවුරේ ඇමරිකානු F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා Elephant Walk ගුවන් හමුදා ක්‍රියාකාරකමට සුදානම් වූ අයුරු පහත වීඩියෝවෙන්.

https://youtu.be/lnpXnpNxGiw

එසේම ඊශ්‍රායලයේ ආරක්ෂක පවුරක් ලෙස ක්‍රියාත්මක වන “අයන් ඩොම්” Iron Dome පිළිබඳව පසුගිය කාලය පුරාවට ම කතාබහක් ඇතිවූ අතර ඒ පිලිබඳ ලිපියක් මෙතනින් සහ මෙතනින්. එය නිර්මාණය කර තිබෙන්නේ ඊශ්‍රායලයේ Rafael Advanced Defense Systems Limited.

කෙසේවෙතත් මෙය ශ්‍රී ලාංකිකයින් විසින් නිර්මාණය කළ බව දක්වමින් මෙවැනි උපහාසාත්මක සටහන් රැසක් ම හුවමාරු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. එම සටහන් වලට මුල් වූ සටහන ලෙස සැලකිය හැකි මෙම සටහන කෙටි කලක් තුළ තුන්දහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුණා

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ ප්‍රහාරක ගුවන් යානා බොහොමයක් සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති ඡායාරූපය ඊශ්‍රායලය හා සම්බන්ධ එකක් නොවන බවයි. එම ඡායාරූපය 2012 වසරේ දකුණු කොරොයාවේ දී ඇමරිකානු F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා යුධ අභ්‍යාසයක යෙදෙන අවස්ථාවේ දී ජොනතන් ෆෝලර් නම් අමරිකානු සැරයන් වරයෙකු විසින් ලබාගත් ඡායරුපයකි.

Avatar

Title:පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

Fact Check By: Sahan Perera

Result: False