කොවිඩ් ව්‍යාප්තිය සීග්‍ර වීමත් සමඟම ශ්‍රී ලංකා රජය විසින් නව සංචරණ මාර්ගෝපදේශ පනවන ලද අතර ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම අනුව අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නිවෙස්වලින් පිටතට යාමට අවසර ලබාදීමට කටයුතු කර තිබුණා. එනම් ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඔත්තේ අංකයකින් අවසන් වන පුද්ගලයින් ට ඔත්තේ දිනවල ද ඉරටු දිනවලින් අවසන් වන අයට ඉරට්ටේ දිනවල ද නිවසෙන් බැහැර විය හැකි පරිද්දෙනි.

කෙසේනමුත් මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම මෙම නිවැරදි තොරතුරු ලබා දී තිබුණ ද ඇතැම් පාර්ශව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම අනුව නිවෙස්වලින් බැහැර වීම පිලිබඳ නිවේදනයට වැරදි අර්ථකතනයක් දී තිබුණා. ඒ පිලිබඳ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

"මේන්න වැඩටයන අලුත් වීදිය...සර්ගේ අලුත් වීදිය" යන තේමාවෙන් පළවූ පහත මෙම නොමඟ යවන සුළු සටහනින් නිවෙස්වලින් බැහැර යාමට හැකි දින පිලිබඳ දක්වා තිබුනේ පහත පරිද්දෙනි.

සඳුදා : හැඳුනුම්පතේ අංකය 1 හෝ 2 ඇති අය අඟහරුවාදා : හැඳුනුම්පතේ අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අංක ලෙස 9 හෝ 0 ඇති අය

Facebook | Archived

මෙම ඡායාරුපය පසුගිය දින කිහිපයේ හුවමරු කරගෙන ඇති අයුරු අපට පෙනී ගියේ මෙලෙසින්.

එසේම මෙහි ජාතික හැඳුනුම්පතේ උඩ තිබෙන “1” යන අංකය ඉස්මතු කර තිබීම මඟින් එම ජාතික හඳුන්ම්පතේ ඉදිරිපස ඇති අංකය සැලකිල්ල ට ගත යුතු ද බවක් ද ඇතැම් අය වරදවා අවබෝධ කරගෙන තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පසුගිය මැයි මස 12 වැනිදා රජය විසින් පැනවූ නව සංචරණ මාර්ගෝපදේශ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින් සහ මෙතනින් . එහි පැහැදිලිවම සඳහන් වන්නේ මැයි 31 දක්වා නැවත දැනුම් දෙන තුරු පිළිපැදිය යුතු නව සංචරණ මාර්ගෝපදේශ අනුව සම්පුර්ණ සංචරණ සීමා පනවා නැති දිනවල අත්‍යාවශ්‍ය කරුණක් මත නිවෙසින් බැහැර වීමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුව බවයි.

එනම් සංචරණ සීමා බල නොපැවැත්වෙන දිනවල ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් ඔත්තේ දිනයන්හි දී ද ඉරට්ටේ නම් (0 ද ඇතුලත් ව) ඉරට්ටේ දිනයන් හි දී ද අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැර වීමට අවසර ලැබෙන බවයි

Mawbima | Archived

වීඩියෝවක් පහතින්

https://youtu.be/3JIFJ8Sjcrs?t=168

මේ අනුව සමාජ මාධ්‍ය ඉහත සටහන් පැහැදිලිව පාඨකයින් නොමඟ යැවීමේ අරමුණින් පළවූ ව්‍යාජ සටහනක් බව පෙනී යනවා.

තවද එහි දැක්වීමට අදහස් කර ඇති පරිදි හැඳුනුම්පතේ ඉහල දක්වා ඇති අංකය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා බැහැර වීමේ දී සැලකෙන අංකය නොවෙයි. එයින් දැක්වෙන්නේ පළාත් අංකයයි.

මෙම නොමඟ යවන සුළු ඡායාරුප සටහන පසුගිය වසරේ ද රජය විසින් පුද්ගලයින් වෙත නිවෙස්වලින් බැහැර වීමට ලබා දී තිබු උපදෙස් මත පදනම් ව පළවූ නොමඟ යවන සුළු සටහනක් සඳහා යොදාගත් ඡායරුපයකි

හැඳුනුම්පත් අංක පිලිබඳ විස්තරයක් සහිතව එසේ පසුගිය වසරේ හුවමරු වූ සටහන් පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ෂණය පහතින්. හැඳුනුම්පතේ අවසන් අංකය (නව සහ පැරණි) ලෙස සැලකෙන අංකය පිලිබඳ පැහැදිලි කිරීමක් පහත එම ලිපියෙන් දක්වා තිබෙනවා.

මේ අතර දිවයිනට ඉදිරි කාලයේ දී බලපැවැත්වෙන සංචරණ සීමා පිලිබඳ පැහැදිලි කරමින් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටින්නේ මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බවයි. එසේම නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවද ඔහු පවසා තිබුණා. එසේම හැඳුනුම්පත් අංක නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ද වාර්තා වී තිබුණා

https://youtu.be/BpA7KbB5xwQ?t=5

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම නොමඟ යවන සුළු ව්‍යාජ සටහනක් බවයි. මෙය පසුගිය වසරේ යොදාගෙන තිබු හැඳුනුම්පතේ අංකය මත නිවසින් බැහැර වීම පිලිබඳ කරුණු ඔස්සේ එම අවධියේ දී හුවමාරු වී තිබු නොමඟ යවන සුළු ඡායාරුප සටහනක් නැවත හුවමාරු වීමකි

වර්තමාන නව සංචරණ මාර්ගෝපදේශ අනුව ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ නම් ඔත්තේ දිනයන්හි දී ද ඉරට්ටේ නම් (0 ද ඇතුලත් ව) ඉරට්ටේ දිනයන් හි දී ද සංචරණ සීමා පනවා නැති දිනවල අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැර වීමට අවසර ලැබෙනවා.

Avatar

Title:නව සංචරණ මාර්ගෝපදේශ යටතේ ජාතික හැඳුනුම්පත භාවිතා කරන්නේ මෙලෙසින් නොවේ!

Fact Check By: Sahan Perera

Result: False