පරිශීලනය කරන්නනගේ අවධානය යොමු කර ගැනීමට හෝ සිය ගිණුම ජනප්‍රිය කර ගැනීම සඳහා හෝ වෙන යම් යටි අරමුණක් ඉටුු කර ගැනීමට බොහෝ ගිණුම් හිමියන් සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය සටහන් ඉදිරිත් කිරීමට පෙළඹී සිටී. විශේෂයෙන්ම කුඩා දරුවන් සම්බන්ධ සටහන් ද මෙවැනි ප්‍රබන්ධයන් දක්නට ලැබේ. එවන් ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෙවන් පසුබිමක වරින් වර ඉස්මතු වන කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් සහිත සටහනක් හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලීමක් කරමින් දමිළ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුනේ දින 5ක් තිස්සේ නැතිවී තිබෙන දරුවෙකු යනුවෙනි. එම සටහන පහතින්.

Facebook | Archived

පසුගිය දින කිහිපයේ විශේෂයෙන්ම දමිළ පාඨකයින් අතර එම සටහන් හුවමාරු වී තිබු අයුරු පෙනී ගියේ මෙලෙසින්.

මෙම නැතිවී සිටින දරුවා පිලිබඳ සටහන් මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම බොහෝ ලෙස හුවමාරු වූ අතර 2019 වසරේ එසේ හුවමාරු වී තිබු සටහනක දැක්වුණේ “For five days this child is missing... Thinking as Ur child share this msg to many as possible u can..” යනුවෙනි. එහි සිංහල අරුත වුයේ “දින පහක් පුරා මෙම දරුවා අතුරුදහන්ව සිටින අතර මෙය ඔබේ දරුවාට සිදුවු සේ සලකා හුවමාරු කරන්න” යනුවෙනි.

Facebook | Archived Link

මෙම සටහන් බොහෝමයකම දරුවාටට ඉක්මනින් දෙමාපියන් සොයා දෙන ලෙස කළ ඉල්ලීම් දැකගනන්ට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම දරුවාගේ සේයාරුව අප google reverse image සෙවීමකට යොමු කළෙමු. ට්විටර් සටහන් රැසක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල රැසකම මෙම දරුවාගේ සේයාරුව සහිත සටහන් තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහන් බොහොමයක් ම දෙමළ බසින් හෝ මලයාලම් බසින් දක්නට ලැබුණා.

2019 වසරේ Kundra News නමැති ෆේස්බුක් පිටුවක පළවු සටහනකද මෙම දරුවාගේ ඡායාරූපය විය. මෙම මලයාලම් භාෂාවෙන් සටහන් වී තිබුණේ ජංගම දුරකථනයක් භාවිතා කරමින් පැය 40ක පමණ කාලයක් ක්‍රීඩාවක යෙදුනු දරුවෙකු ජංගම දුරකථනය පුපුරා යාම නිසා බරපතල තුවාල ලබා තිරුවන්නන්තපුරම් රෝහලකට ඇතුලත් කළ බවටයි.

Facebook | Archived Link

කෙසේවෙතත් තිරුවන්නන්තපුරම්හි කුමන රෝහලට මෙම දරුවා ඇතුළත් කළාද යන්න සඳහන් නොවීම හේතුවෙන් අප Factcrescendo මලයාලම් කණ්ඩායම විසින් තිරුවන්නන්තපුරම්හි සෑම රෝහලක් හා ප්‍රධාන පුවත් මාධ්‍ය වාර්තාද ආවරණය කරමින් විමර්ශනයක් ඇරඹුවා. එහිදී ද මෙවන් අනතුරක් සිදුවූ දරුවෙක් කිසිදු රෝහලකට ඇතුලත් නොකෙරුණු බව කරුණු අනාවරණය වී තිබුණා. එම කරුණු විමර්ෂණය මෙතනින්

මෙම දරුවාගේ සේයාරුව සහිත දෙමළ බසින් වූ Twitter සහ WhatsApp පණිවුඩ රැසක් ද නිරීක්ෂණය වුණා. එම පණිවිඩ තුළ දැක්වුණේ, කේරළයේ කැසොර්ගාඩ් පෙදෙසින් අතුරුදහන්ව ඇති මෙම දරුවා සොයා දෙන ලෙස කළ ඉල්ලීමකි. නමුත් මෙම පණිවුඩ තුළ එම දරුවාගේ දෙමව්පියන් පිළිබඳව දරුවාගේ ලිපිනයක් හෝ පිළිබඳ කිසිදු සටහනක් ද නොවීය.

එසේ හුවමාරු වී තිබු සටහන් කිහිපයක් පහතින්

Twitter | Archived Link

https://lh3.googleusercontent.com/u49WU8TvrZ0Wc_gdyk8D13P1g0eJBMao5-zTJw_JCAxbYRYrt8MHYykJYZFlqDI-QBEXx8vVGTxHYdWsG5ewDJICR0cgnnBT_dQpNnjbsYtKg8Wfqk3Ify6coWpuL74XRpA_DoFp5BQmOEPsNg

මෙවන් පුවතක් මෙරට ද වාර්තා වී නොමැති අතර මෙම දරුවාගේ සේයාරුව යොදා ගනිමින් වරින්වර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුල ව්‍යාජ සටහන් මතුවන බවත් දැක ගැනීමට පුළුවන්.

කෙසේනමුත් මෙම දරුවාගේ ඡායරුපයට සම්බන්ධව නිල වාර්තාවක් අපට සොයාගැනීමට ලැබුනේ නැහැ.

ඉන්දියානු දරුවන් යොදා ගනිමින් මෙවැනි සටහන් බොහෝ විට නිර්මාණය වන අතර එම සටහන් ලංකාවේ ද විටින් විට හුවමරු වනවා. එබඳු සටහන් පිලිබඳ අප මීට පෙර සිදුකළ කරුණු විමර්ෂණ කිහිපයක් පහතින්.

FACT CHECK: අතුරුදහන්ව ඇති දැරියක් බව පවසමින් හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

Fact Check: අතුරුදහන් වූ දැරියක් සොයාගෙනීමට ඡායාරුපයක් හුවමාරු කරන ලෙස ඉල්ලමින් පළවූ ව්‍යාජ සටනක්!

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ මෙම දරුවාගේ සේයාරුව රැගත් සටහන් නොයෙකුත් තේමාවන් යටතේ ෆේස්බුක් ඇතුළු සියලු විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙරට මෙන්ම ඉන්දියාවේද මලයාලම් සහ දෙමළ භාෂාවෙන් ඉදිරිපත් වන බවත් ඒවා සියල්ලම කිසිඳු මුලාශ්‍රයකින් තොරව පලකරන ලද නොමඟ යවන සුළු ව්‍යාජ සටහන් බවත්ය.

Avatar

Title:මෙම ඡායරුපයේ දක්වන්නේ සැබැවින්ම මෑතක දී අතුරුදහන් වී සිටින දරුවෙක්ද?

Fact Check By: Sahan Perera

Result: Misleading