කඳු හරහා මහාමාර්ග තැනීමේදී ආනතියක් සහිතව පාරවල් සැකසීම සිදු කරනු ලබනවා. ලංකාවේද ඒ ආකාරයට නිර්මානය කරන ලද ප්‍රධාන මාර්ග අතරේ දහ අට වංගුව මෙරට බොහෝ දෙනෙක් දන්නා කියන ස්ථානයක්. නුවර - මහියංගණය පාරේ පිහිටි මෙම දහ අට වංගුවේ ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“උබලා දැක්ක ගමන් හිතුවේ මේ පිට රටක පින්තූරයක් කියල නේ නෑ මචෝ මේ තමා ලංකාවේ දහඅට වංගුව” යන විස්තරයක් ද සහිතව දහ අට වංගුවේ ඉහළින් සිට ගත් ඡායාරුපයක් බව හඟවමින් “ගල් ඉබ්බා” නම් ඉන්ස්ටග්‍රම් ගිණුමක් විසින් පල කර තිබු සටහනක් අපට පසුගිය දිනෙක දකින්නට ලැබුනා. 

Instagram | Archived

ලංකාවේ 18 වංගුව මේ ආකාරයේ ගුහාවක් තුළට යැවෙන පටු මාර්ගයක් බව බොහෝ දෙනා දන්නා කාරණයක් වන අතර මෙවැනි ව්‍යාජ සටහන් උපහාසාත්මක කෝණයකින් වුවුද පළකිරීම හෙළා දකිමින් බොහෝ දෙනෙක් ප්‍රතිචාර ද දක්වා තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

එයට හේතුව විශේෂයෙන්ම Instagram වැනි සමාජ මාධ්‍ය කුඩා දරුවන් සහ යෞවනයන් අතරේ ද බොහෝ ප්‍රචලිත බැවින්. එබැවින් මෙහි ඇත්ත වශයෙන්ම දැක්වෙන ස්ථානය පිලිබඳ කරුණු සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම ඡායාරූපය ගූගල්හි රිවර්ස් ඉමේජ් පහසුකම භාවිතා කර සොයා බැලීමක් සිදු කරනු ලැබුවා. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙම ඡායාරූපය ඇමරිකාවේ, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ පිහිටි Carlsbad Caverns නම් ජාතික උද්‍යානයේ තිබෙන ලෙනක් වෙත පටු පිවිසුම් මාර්ගයක් බවයි.

එම ඡායාරූපය අන්තර්ජාලය පුරා දක්නට ලැබුනු අතර පහතින් Imgur වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඒ ඡායාරූපයයි. 

Imgur | Archived Reddit | Archived

Carlsbad Caverns ජාතික උද්‍යානය ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි. 100කට වැඩි ගුහා සමූහයකින් යුත් මේ ප්‍රදේශයේ වවුලන් දහස් ගණනක් සිටිනා බව සඳහන්.

Alamy ඡායාරුප එකතු වෙබ් අඩවියේ එම ස්ථානයේ ඡායාරුපයක් දක්වා තිබුනේ මෙලෙසින් තවත් කෝණයකින් Google සිතියමේ එම ස්ථානය පෙන්වන ඡායාරුපයක් මෙතනින්.

Carlsbad Caverns ජාතික උද්‍යානයේ නිල වෙබ් අඩවියේ එම ස්ථානය දක්වා තිබුනේ මෙලෙසින්

NPS

මෙම ප්‍රදේශය වෙත ගමන් ගන්නා මාර්ගය road to hell නමින්ද හඳුන්වනවා. ඒ මෙම ප්‍රදේශය වෙත යාමට ඇති මාර්ගය දැඩි බෑවුමක් සහිතව වංගු ආකාරයෙන් සකස් කර ඇති බැවින් මෙහි පැමිනෙන සංචාරකයන් මෙම වංගු සහිත මාර්ගයේ ඇවිදීමට ප්‍රියතාවයක් දක්වන බවද සඳහන්.

nationalparkstraveler | Archived

ලංකාවේ 18 වංගුව පිලිබඳ විස්තරයක්..

උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙනි. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කිරීමේදී දහ අට වංගුව ප‍්‍රදේශය සහිත මහියංගණ – මහනුවර මාර්ගය ශ්‍රේණිගත වී ඇත්තේ ඒ 26 ලෙසිනි.

හසලක ඔය බැම්මෙන් යටවෙන හේතුව මත පසු කලෙක 18 වැනි වංගුව කෙලින් කර වාරි මාර්ග කාර්යාලය ඉදිරිපිටින් පිරිවෙන අසලින් දිසාපති කාර්යාලය ඉදිරිපිටින් හසලක ඔර්ලෝසු කණුව අසලින් පැමිණි පැරණි පාරට නව පාර එක්වෙන්නට සකසන ලදී. මෙම 18 වැනි වංගුව කෙලින් කිරීම හේතුවෙන් 18 වංගුව අහිමි වී දහහත වංගුව ලෙස ද හඳුන්වන්නට විය.

මුල් කාලයේ මේ මාරගයේ ධාවනය වී ඇත්තේ එක බසයක් පමණි. ඒ තැපැල් රැගෙන එන බසයයි. උදේ පැමිණ ආපසු සවසට නුවරට යන මෙම බසය පදවන්නේ බොහෝම හෙමින් බව ගම්මු පවසති. එකම වංගුව පස්හය වතාවක් රිවෙස් කර බස් එක වංගුවලින් හරවා ගත්තේ බවද ඔවුන් පවසති. එවකට මෙම ගමන එතරම්ම දුෂ්කර වී තිබේ. 18 වංගුව පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මෙතනින්.

ගුවනින් ලබා ගත් 18 වංගුවේ වීඩියෝවක් පහතින්.

https://youtu.be/mfEiGJrixZo?t=21

attractionsinsrilanka වෙබ් අඩවියේ විවිධ කෝණ වලින් ලබා ගත් 18 වංගුවේ ඡායාරූප දක්වා තිබුණේ මෙලෙසින්.

18 වංගුව Google Map ඔස්සේ දැක්වෙන අයුරු මෙතනින්

මීට පෙර ද ලංකාවේ දහඅට වංගුව යනුවනේ වෙනත් ආකාරයේ ඡායාරුප හුවමාරු වී තිබු අතර එවැනි ඡායාරුපයක් පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු අනාවරණයක් පහතින්.

http://srilanka.factcrescendo.com/english/fact-check-aerial-image-of-hairpin-bends-claiming-to-be-from-sri-lanka/

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව අපට පෙන්වා දිය හැක්කේ දහ අට වංගුව ලෙස සඳහන් කරමින් උපහාසාත්මක කෝණයකින් හුවමාරු වන ඡායාරූපය ඇමරිකාවේ, නිව් මෙක්සිකෝවේ පිහිටි Carlsbad Caverns උද්‍යානයේ ලෙනක් වෙත පිවිසෙන මාර්ගයේ ඡායාරූපයක් බවයි.

Avatar

Title:ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

Fact Check By: Sahan Perera

Result: False