
තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. මෙම සිදුවීමේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ ගවේෂණයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
Lanka Hot News නම් වූ ෆේස්බුක් ගිණුමක පළවී තිබු සටහනක දක්වා තිබුනේ “ඇෆ්ගන් ත්‍රස්තයින් උඩු ගුවනේ දී මිනිසෙකු එල්ල මරයි – සංවේදී දර්ශන සහිතයි)” යනුවෙනි.

එමෙන්ම Asian Mirror වෙබ් අඩවියද, මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
“අමෙරිකානු හමුදාවන් ඊයේ (31) දිනයේ දී ඇෆ්ගනිස්ථානය සම්පුර්ණයෙන්ම අත්හැර දමා ගිය අතර ඉන්පසුව කාබුල් හමීඩ් කර්සායි ගුවන්තොටුපොළේ බලයද තලේබාන් ත්‍රස්තයන් විසින් අල්ලා ගත්තා.
මේ අතර ත්‍රස්තයන් විසින් අමෙරිකානු හමුදාවන් විසින් දමාගිය යුද හෙලිකොප්ටර් යානයක පුද්ගලයෙකු ගැට ගසා උඩු ගුවනේ දී එල්ල මරා දමන කෲර වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබෙනවාෙ
මෙම කෲර සිදුවීම වාර්තා වී තිබුණේ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් දිස්ත්‍රික්කයෙන්.
අමෙරිකානු හමුදාවන් විසින් අත්හැර දැමූ යුද හෙලිකොප්ටර් යානා යොදාගනිමින් තලේබාන් ත්‍රස්තයන් විසින් වෙනම ගුවන් හමුදාවක් ද පිහිටුවා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
එම හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ඇෆ්ගනිස්ථානය පුරාවට ත්‍රස්තයන් විසින් මුර සංචාරයන්ගේ යෙදෙන බවද වාර්තා වෙනවා.
පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානයේ එල්ලා මරා දමන ආකාරය දැක්වෙන සංවේදී වීඩියෝව පහතින්”
Asian Mirror | Archived Link Lanka hot news | Archived Link
Old Holborn නමැති Twitter ගිණුමේ පළ කර තිබූ එම වීඩියෝව පහතින්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් විදෙස් ජාතිකයන්ද සිය Twitter ගිණුමේ මෙම වීඩියෝ පටය පළ කර තිබුණේ, අමෙරිකානු හමුදාවට ලබා දුන් සහය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් දිස්ත්‍රික්කයේදී ඇෆ්ගන් පුද්ගලයෙකු එල්ලා මරා දැමුවා විය හැකි බවත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටියා නම් මෙසේ සිදු වන්නේ නැති බවක් එහි දක්වා තිබුණේ මෙලෙසින්.
එක්සත් ජනපද සෙනෙට් සභික Ted Cruz ද, Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබූ සඳහනේ සිංහල පරිවර්තනය වන්නේ “මෙම දර්ශනය මගින් අමෙරිකානු ජනාධිපති ජෝ බිඩ්න් සිදු කළ ඇෆ්ගනිස්ථාන ව්‍යසනය පෙන්නුම් කෙරෙන බවයි. තලේබාන් සංවිධානය ඇමරිකානු බ්ලැක්හෝක් හෙලිකොප්ටරයකින් පුද්ගලයෙකු එල්ලා මරා දමයි යනුවෙනි.”

බොහෝ පිරිසක් නොමග ගොස් තිබූ මෙම සිදුවීමේ සත්‍යය කුමක්ද යන්න පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාව මෙතනින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙම වීඩියෝව පළමු වරට Talib Times නම් Twitter ගිණුමේ පසුගිය සඳුදා(30) පළ කර තිබුණේ,
“Our Air Force!
At this time, the Islamic Emirate’s air force helicopters are flying over Kandahar city and patrolling the city.” යනුවෙනි. එහි සිංහල පරිවර්ථනය නම් “අපේ ගුවන් හමුදාව! මේ අවස්ථාවේදී ඉස්ලාමීය එමිරේට්ස් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා කන්දහාර් නගරයට ඉහළින් පියාසර කරමින් නගරයේ මුර සංචාරයේ යෙදනවා” යනුවෙනි.
https://web.archive.org/web/20210830130802/https://twitter.com/TalibTimes/status/1432328727376007171
මෙම වීඩියෝවේ ඇෆ්ගනිස්ථාන භාෂාවෙන් (Pashto) ලියන ලද වචනයක් පෙන්නුම් කරන අතර එහි පරිවර්ථනය වූයේ Tabassum Radio යනුවෙනි. වැඩිදුර නිරීක්ෂණයේදී ඇෆ්ගනිස්ථානයේ කන්දහර් ප්‍රදේශයේ ඇති ගුවන්විදුලි ආයතනයක් වන බවට තහවුරු වූ අතර අප Factcresendo ඉන්දීය කණ්ඩායම විසින් එහි ප්‍රධානී Sadiqullah Afghan මහතාව සම්බන්ධ කර ගත් අතර ඔහු පවසා සිටියේ පසුගිය සඳුදා කන්දහාර් පළාත් පාලන ගොඩනැගිල්ල අසළ ඔහු විසින් සිය ජංගම දුරකතනයෙන් එම වීඩියෝව පටිගත කළ බවයි. ප්‍රථමයෙන්ම එම දර්ශනය දැකගත් අවස්ථාවේ ඔවුන් බිය වූ බවත් පසුව ලැබුණු තොරතුරු අනුව තෛලයිබාන් සටන් කාමියෙක් විසින් පළාත් පාලන ගොඩනැගිල්ලේ තලෛබාන් කොඩිය ඔසවා තැබීමට ප්‍රයත්න දැරූ අවස්ථාවක් එලෙස වරදවා වටහා ගත් බවයි ඔහු පවාස සිටියේ. ඇෆ්ගනිස්ථාන වැසියෙක් උඩු ගුවනේදී එල්ලා මරණ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ එම ප්‍රකාශ වැරදි වැටහීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු විසින් ඒ සම්බන්ධයෙන් පළ කරන ලද Twitter පණිවිඩිය පහතින්.
එහි සඳහන් කර තිබුණේ, කන්දහාර් පළාත් පාලන ගොඩනැගිල්ලේ හෙලිකොප්ටරයක එක් අයෙකු එල්ලී සිටින බවට දැකගන්නට ලැබුණු අතර නිලධාරින් තවමත් ඒ ගැන අදහස් දක්වා නොමැති බවයි.
එමෙන්ම මෙම අවස්ථාවේ වෙනත් කෝණ වලින් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ වැසියන් මෙන්ම මාධ්‍යවේදීයෝද, ලබා ගත් දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
Arghand Abdulmanan නමැති ඇෆ්ගන් මාධ්‍යවේදීයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර තිබුණේ, හමුදා නිලධාරියෙකු විසින් කණුව මත කොඩිය එසවීමට උත්සාහ කළ නමුත් ඔහුට එම කාර්ය සාර්ථකව කර ගැනීමට නොහැකි විය යනුවෙන්.
තවත් කෝණයකින් පළ කර වීඩියෝවක් මෙතනින්.
එමෙන්ම තවත් ඇෆ්ගනිස්ථාන මාධ්‍යෙව්දියෙකු වන BILAL SARWARY නමැත්තෙකු විසින්ද සිය Twitter ගිණුමේ පළකර තිබුණේ, Blackhawk හෙලිකොප්ටරය නියමූ ගුවන් නියමුවා අමෙරිකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පහුණුව ලැබූ එරට ගුවන් නියමුවෙක් බවත් මෙම වීඩියෝවේ දැක්වෙන තලෛබාන් සටන් කාමීයා විසින් ඔවුන්ගේ කොඩියක් එල්ලීමට තැත්කළ බවත් නමුත් අවසානයේ එම ක්‍රියාව නිෂ්ඵල වූ බවයි.
Factcrescendo අප ඉන්දියානු කණ්ඩායම ඉංග්‍රීසි බසින් මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු පරීක්ෂාව මෙතනින්. මේ සම්බන්ධයෙන් සත්‍ය කරුණු හෙළි කළ තවත් විදෙස් වාර්තා මෙතනින් සහ මෙතනින්.
තලෛබාන් හා ඇෆ්ගන් නායකයින් අතර සාකච්ඡා අවසන් වීමෙන් පසු කාබුල් නව ඇෆ්ගනිස්ථාන රජය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇෆ්ගන් ප්‍රවෘත්ති ඒජන්සිය වන TOLOnews වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා. තලෛබාන් නායක Hebatullah Akhundzad නව රජයට නායකත්වය දෙන අතර අගමැති හෝ ජනාධිපති බොහෝ විට තලෛබාන් නායකයා යටතේ වැඩ කරනු ඇති බවටයි එහි වාර්තා වන්නේ.
2001 දී ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමෙන් පසු පසුගිය 31 වන දිනයේදී නැවතත් ඉස්ලාමීය සටන්කාමීන්ට ඇෆ්ගනිස්ථානය භාර දී ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක කාලයක් පැවති යුද්ධය නිමා කරමින් එක්සත් ජනපදයේ අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපොළෙන් පිටත් වුණා. ඒ බවට සඳහන් පුවත් වාර්තාවක් මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
එ් අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ තලෙයිබානුවන් විසින් අමෙරිකානු හමුදාවන් විසින් දමාගිය යුධ හෙලිකොප්ටර් යානයක පුද්ගලයෙකු ගැට ගසා උඩු ගුවනේ දී එල්ල මරා දමන කෲර වීඩියෝවක්, යනුවෙන් පළ වූ වීඩියෝවේ දැක්වුණේ, තෛලයිබාන් සටන් කාමියෙක් විසින් කන්දහාර් පළාත් පාලන ගොඩනැගිල්ලේ තලෛබාන් කොඩිය ඔසවා තැබීමට ප්‍රයත්න දැරූ අවස්ථාවක් බවයි. මෙම වීඩියෝවේ වෙනත් කෝණ වලන් ලබා ගත් දර්ශන ඔස්සේ ඒ බව තහවරු වන අතර එරට මාධ්‍යවේදීන් ද ඒ බව තහවුරු කරනු ලැබුවා.

Title:තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
