විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ.

මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් අප ඒ පිළිබඳ අපගේ විමර්ශනයක් සිදුකළා.

සමාජ මාධ්‍ය සටහන්:

“චීනයේ දූෂිත දේශපාලනඥයන් 26 දෙනෙකුට මරන දඬුවම් ක්‍රියාත්මක කිරීම” යන ආරක්ෂක භටයින් ඉදිරියේ නැමී සිටින පිරිසකගේ ඡායාරුපයක් ද සහිත සටහනක් 2018 වසරේ සිට විසි තුන් දහසකටත් වැඩි පිරිසක් අතර මේ වන විට හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook | Archived

විශාල පිරිසක් මෙම සටහන් සඳහා අදහස් දක්වා ද තිබුණා. ඒ අතර ඇතැමුන් පවසා තිබුණේ මේ ආකාරයට ලංකාවේද දේශපාලකයන්ට දඬුවම් ලබා දිය යුතු බවයි.

මෙම සටහන තවත් බොහෝ ලෙස ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එසේ මෑතක දී පළකර තිබූ සටහනක්. Facebook | Archived

එබැවින් මෙම ඡායාරූපය සහ පුවත පිළිබඳ සත්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායාරූපය අප පළමුව ගූගල් රිවස් ඉමේජ් සෙවුමක් හරහා මීට පෙර පළව ඇත්දැයි පරීක්ෂා කර බැලුවා. එහිදී මෙම ඡායාරූපය Getty Images /AFP යනාදී  ඡායාරූප පළ කරන වෙබ් අඩවි පළවී තිබෙණු අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Getty Images | Archived AFP

එම ඡායාරූපය සඳහා පළ කර තිබුණු විස්තරයේ දැක්වුණේ මෙය 2004 වසරේ දී චීනයේ WENZHOU නම් ප්‍රදේශයේදී පොලිස්සිය විසින් දඬුවම් ලබා දීමට පුද්ගලයන් පිරිසක් ගෙන ගිය ආකාරයක් බව සඳහන්. එම සිරකරුවන් අතරින් 11 දෙනෙකු ට මරණීය දණ්ඩනය නියම වී තිබූ බවත් එහි වැඩි දුරටත් දක්වා තිබුණා. අනෙකුත් රටවලට සාපේක්ෂව චීනයේ බොහෝ වැරදිකරුවන් මෙසේ මරණීය දණ්ඩනයට නියම වීම පිළිබඳව ද එම විස්තරයේ සඳහන්.

චීනයේ ඉතා විශාල වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වන බව දක්වමින් thesun.co.uk වෙබ් අඩවිය දිගු වාර්තාවක් ද පළ කර තිබුණා. ඔවුන්ද ඉහත ඡායාරූපය හුවමාරු කරමින් දක්වා තිබුනේ මේ අතරින් අපරාධකරුවන් 11 දෙනෙකු ට එහිදී මරණ දඬුවම් ලබාදීමට කටයුතු කර තිබු බවයි.

thesun.co.uk | Archived

එම අපරාධකරුවන් 11 දෙනා සමග තවත් සිරකරුවන් චීන පොලීසිය විසින් පෝලිම් ගස්වා ඇති ආකාරය ඡායාරූපයෙන් දැක්වෙන බව එහි වැඩිදුරටත් සඳහන්.

මෙම ඡායාරුපය ඉහත නොමඟ යවන සුළු ප්ප්‍රකාශයත් සමඟ ලොව බොහෝ ප්‍රදේශවල ද මීට පෙර හුවමාරු වී තිබු අතර ඒ පිලිබඳ සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්. එහිදී AFP කරුණු විමර්ශණ කණ්ඩාම විසින් එම අවස්තවෙම් තවත් ඡායාරුප පෙළක් ද ඒ පිලිබඳ චීන බසින් පළවූ සටහනක් ද මෙසේ පෙන්වා දී තිබුණා

මරණීය දණ්ඩනය පිලිබඳ නිරතුරුවම කතාකරන Amnesty International ආයතනයේ 2019 වසරේ දත්ත වලට අනුව ද චීනම ලොව වැඩිම මරණීය දණ්ඩනයට නියම කරන රට බව දක්වා තිබුනේ මෙලෙසින්.

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීම ඇතුළු කාරණා සඳහා බොහෝ විට මෙසේ මරණ දණ්ඩනය නියම වූ අවස්ථා වාර්තා වුණද දේශපාලනික ඇතුළු කාරණා මුල් කරගනිමින් රාජ්‍ය මෙන්ම සමාජයේ ඉහල තලවල සිටි නිලධාරීන් ද කිහිප අවස්ථාවක දී ම මෙසේ මරණීය දණ්ඩනය සඳහා චීනයේ දී නියම වී තිබුණා.

මේ පිළිබඳව සහිත වැඩිදුර කරුණු ඇතුළත් ලිපියක් Rappler වෙබ් අඩවියේ පළකර තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

ඉහත සඳහන් කරුණු වලට අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති පරිදි චීනයේ දූෂිත දේශපාලනඥයන් පිරිසකට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ආකාරය පිළිබඳව ඡායාරූපයක් යන තේමාවෙන් හුවමාරු වන්නේ මීට වසර 17 කට පෙර, 2014 වසරේ පළවූ ඡායාරුපයක් වන අතර එහි සිටින පිරිස අතරින් මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ අපරාධ සඳහා සම්බන්ධ 11 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වූ බව වාර්තා වෙනවා. එසේම ඔවුන් දේශපාලනඥයන් බවක් සඳහන් වන්නේ නැහැ.

කෙසේනමුත් චීනය ලොව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන රටවල් අතරින් ඉහළින් ම සිටින අතර දේශපාලනික, ආර්ථික යනාදී හේතු මත රාජ්‍ය මෙන්ම ඉහළ පරිපාලකයින් කිහිප දෙනෙකුට ද එරට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

Also Read : එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

Avatar

Title:චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading