
ලෝකයේ විශේෂ පුද්ගලයන් ,සාර්ථක මිනිසුන් යයි බොහෝ දෙනා පිළිගන්නා අය, ධනයෙන් බලයෙන් ඉහලටම ගිය අය , විද්‍යාවේ තාක්ෂණයේ හිණි පෙත්තටම ගිය අය මරණයට මුහුණ දුන්නේ කෙසේද? ඔවුන්ගේ ජීවිතය අවසානය කෙබඳුද යන්න පිළිබදව දැනගැනීමට බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්. ඒ නිසාම එවන් අයගේ ජීවිත අවසානය පිළිබඳව වූ බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාල වල පැතිරෙනවා. මේ ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගේ මරණය සම්බන්ධයෙන් පැතිරෙන නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමසුමක් !
සමාජ ජාලා සටහන් (Social Media Notes)
ස්ටීව් ජොබ්ස් මියයන අවස්ථාවේ ජීවිත යතාර්ථය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලදැයි විස්තරාත්මකව සදහන් ෆේස්බුක් සටහනක් පළව තිබුණේ මෙලෙසින්.
අග්න්‍යාශ පිළිකාවෙන් වයස අවුරුදු 56 දී ස්ටීව් ජොබ්ස් මිය යන අතර,ඩොලර් බිලියන 7 ක ධනයක් සහිත ප්‍රකෝටිපතියෙකු ලෙස මිය යන අවශ්ථාවේ ඔහුගේ අවසාන වචන කිහිපයක් මෙන්න …
“මේ මොහොතේ, ඇඳ මත වැතිරී, අසනීප වී මගේ මුළු ජීවිතයම සිහිපත් කරමින්, මා ළඟ ඇති මගේ පාපොච්චාරණය සහ ධනය තේරුමක් නැති බව මට වැටහේ.
ඔබ වෙනුවෙන් වාහනයක් පැදවීමට, ඔබට මුදල් ඉපයීමට යමෙකු කුලියට ගත හැකි නමුත්, ඔබ වෙනුවෙන් රෝගය ගෙන යාමට කෙනෙකු කුලියට ගත නොහැක. කෙනෙකුට ද්‍රව්‍යමය දේ සොයා ගත හැකි නමුත් නැති වූ විට සොයා ගත නොහැකි එක් දෙයක් ඇත – එය ජීවිතයය”.
ඔබට හොඳින් අන් අයට සලකන්න සහ අන් අයව අගය කරන්න. අපි වයසට යත්ම අපි බුද්ධිමත් වන අතර ඔරලෝසුවේ වටිනාකම ඩොලර් 30 ක් හෝ ඩොලර් 300 ක් බව සෙමෙන් අවබෝධ කර ගනිමු-දෙකම එකවර පෙන්වන්නේ එකම වෙලාවයි. අපි ඩොලර් 30 මුදල් පසුම්බියක් හෝ ඩොලර් 300 ක මුදල් පසුම්බියක මුදල් රැගෙන ගියත්-මුදල් රැගෙන යන්නේ එකහා සමාන පසුම්බියකය. අපි ඩොලර් 150 ක් වටිනා කාර් එකක් පැදෙව්වත් ඩොලර් 30 ක් ගියත්-පාර සහ දුර සමාන වුවහොත්, අපි එකම ගමනාන්තයකට ලඟා වෙමු. අපි ඩොලර් 300 ක් හෝ ඩොලර් 10 ක් වටිනා වයින් බෝතලයක් පානය කළහොත් ශරීරය මත් බව එසේම වේ. අප ජීවත් වන නිවස වර්ග මීටර් 300 ක් හෝ වර්ග මීටර් 3000 ක් වුවත්- තනිකම එහි එක සමාන ය.
ඔබේ සැබෑ අභ්‍යන්තර සතුට ලැබෙන්නේ මේ ලෝකයේ භෞතික දේ වලින් නොවේ. ඔබ පළමු පන්තියේ හෝ ආර්ථික වශයෙන් දෙවන පන්තියේ පියාසර කළත් – ගුවන් යානය අනතුරට පත් වුවහොත් ඔබ, එය සමඟ කඩා වැටෙනු ඇත.
ඉතිං, ඔබට මිතුරන් හෝ කතා කිරීමට කෙනෙකු සිටින විට එය සැබෑ සතුට බව ඔබ තේරුම් ගනී යැයි සිතමි.”
* ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණු පහක්:
1 ඔබේ දරුවන් හට පොහොසත් වීමට උගන්වන්න එපා. සතුටින් සිටීමට ඔවුන්ව පුහුණු කරන්න. ඉතින් ඔවුන් වැඩෙන විට ඔවුන් දන්නවා දේවල වටිනාකම මිල නොවන බව.
2 ඔබේ ආහාරය ඖෂධයක් ලෙස ගන්න, එසේ නොමැතිනම් ඔබට ආහාර වශයෙන් ඔබේ ඖෂධ අනුභව කිරීමට සිදු වේ.
3 අත්හැරීමට හේතු 100 ක් තිබුනත් ඔබට ආදරය කරන කවුරුත් ඔබව කිසිදා අත් නොහරිති! රඳවා තබා ගැනීමට ඔහු සැමවිටම එක් හේතුවක් සොයා ගනීවි.
4 මිනිසා සහ මනුෂ්‍යයා අතර විශාල වෙනසක් ඇත.
5 ඔබට වේගයෙන් යාමට අවශ්‍ය නම් – තනිවම ඇවිදින්න! නමුත් ඔබට බොහෝ දුර යාමට අවශ්‍ය නම් – තවෙකෙකු සමග එකට යන්න.
අවසාන වශයෙන් …
ලොව හොඳම වෛද්‍යවරුන් හය දෙනා:
1 හිරු එළිය.
2 නිවාඩු.
3 චලනය.(ව්‍යායාම)
4 ශරීරයේ තත්වයට ගැලපෙන පරිදි විශේෂ ආහාර පාලන ක්‍රමය.
5 ආත්ම ගෞරවය.
6 හොද මිතුරන්.
අන් අයට හොඳින් සලකන්න. ඔවුන්ව අගය කරන්න! ”
මේ හා සමාන සටහන් අන්තර්ජාලය පුරා සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම ) :
ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මියගියේ 2011 වසරේදී යි. ඒ දුලබ අගන්‍යාශික පිළිකාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඔහුගේ එකල පැවති සෞඛ්‍ය තත්ත්වය පිළිබදව විස්තර මෙතනින්.Archived.
අප මුලින්ම විමසා බැලුවේ විදෙස් මාධ්‍ය ධාරාවල හෝ මරණාසන්න මොහොතේදී ස්ටීව් ජොබ්ස් විසින් ජීවිත යතාර්ථය පිළිබදව හෝ ධනය සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට සඳහන් වනවාද යන කරුණයි. එහිදී අපට පෙනී ගියේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ පිළිබදව සටහන් කර නොමැති අතර ,මෙය බොහෝ දුරට සමාජ මාධ්‍ය සහ බ්ලොග් අඩවිවලට සීමාවූ දෙයක් පමණක් වන බවයි.
ස්ටීව් ට ඉතා සමීපව අවසාන මොහොත තෙක් ඔහු ළඟ සිටි ඔහුගේ සොහොයුරිය වන Mona Simpson විසින් Stanford විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද ගුණ කථනයකදී, ඔහුගේ මුවින් අවසානයට පිටවූ වචන ලෙස පවසන්නේ “OH WOW. OH WOW. OH WOW” යන වචන තුනයි.
New York Times වෙබ් අඩවියේ පළවූ එම කතාවෙන් උපුටාගත් කොටසක් පහතින්.

Walter Isaacson විසින් රචිත ස්ටීව් ජොබ්ස් ගේ චරිතාපදානයේද මෙවැනි අවසන් වරට ජීවිත යථාර්ථය පිළිබඳව ඔහු විසින් පැවසූ ප්‍රකාශයක් පිළිබඳව සටහන් වන්නේද නැහැ.
වෙනත් කරුණු විමර්ශන වෙබ් අඩවියක් මගින් සිදු කල මෙම කාරණය පිළිබද තොරතුරු විමසා බැලීමකට පිවිසුම මෙතනින්.Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කල ගවේෂණයේදී පැහැදිලි වන්නේ ස්ටීව් ජොබ්ස් විසින් මරණාසන්න මොහොතේදී ,ජීවිත යතාර්ථය හෝ ධනය පිළිබඳව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එමෙන්ම ඔහුත් සමග අවසන් මොහොතේ සිටි ඔහුගේ සහෝදරියද පවසන්නේ ඔහු අවසන් වරට පැවසුවේ OH WOW!OH WOW!OH WOW! ලෙස පමණක් වන බවයි.

Title:ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,