ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල් දෙක, පුද්ගල නිදහස අගයන, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ ඉහල ස්ථානයක් හිමි සංවර්ධිත රටවල් රටවල් දෙකක් ලෙස හැඳින්වෙනවා. එම රටවල් දෙක අතර සාගරය මැදින් ඉදිකර ඇති පාලමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පළවන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසුමකි මේ .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පාලමක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.

“ස්විඩනයේ සිට ඩෙන්මාර්ක් වෙත පිවිසීමට ඉදිකළ මෙම දැවැන්ත ඉන්ජිනේරු විස්කම සඳහා ජනතා බදුමුදල් හා බැංකුණය අතුළුව යූරෝ බිලියන 2,6 ක් වැය වුණා. මේ අරුම පුදුම පාළම දිගින් කි.මී. 8 යි. රටවල් දෙක යා කරන්නේ මුහුදෙන්. මෙහි අවසන් කි.මී. 4 දිව යන්නේ මුහුද යටින්. මෙහි ඇති සුවිශේෂි කරුණ වන්නේ විවෘත කිරීමට කිසිදු දේශපාලඥයෙකු නොපැමිණීමයි. වැඩ නිම කළා. වාහන ගමනා ගමනය පටං ගත්තා. රටේ තිබෙන චැනල් හැත්ත බුරුත්තම ලයිව් දීගෙන කාලය කා නොදමා තමන්ගේ සුපුරුදු වැඩකටයුතු වල නිරත වුණා. රට්ටු ණය කරල හදන එව්ව අයිති රට්ටුන්ට මිසක කසිකබල් දේශපාළුවන්ට නොවන බව බලන්න නම් දූපතෙන් එළියටම එන්ට ඕන හොඳේ.”

Facebook | Archived

මේහා සමාන සටහන් ෆේස්බුක් අවකාශය තුළ පැතිර පැවතියේ මෙලෙසින්.

පසුගිය දා නව කැළණි පාලම විවෘත කිරීමට දේශපනාලන නායකයින් රැසක් සහභාගී වූ අවස්ථාවක මේ ආකාරයේ සටහන් වේගයෙන් පැතිර ගොස් තිබු අතර යන කුතුහලය දනවන සුලු මෙම සටහන් ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප මුලින්ම සොයා බැලුවේ මේ සටහන හා සබැදි ඡායාරූපය සැබැවින්ම ස්වීඩනය හා ඩෙන්මාර්කය යා කරන පාලමක්ද යන කාරණයයි. Google Reverse Image Search මගින් දැනගන්නට ලැබුණේ මෙය ස්වීඩනය හා ඩෙන්මාර්කය අතර ඉදිකර ඇති Oresund නම් පාලම වන බවයි.මෙය ඉදිකර ඇත්තේ Oresund සමුද්‍ර සංධිය හරහා ඩෙන්මාර්කය හා ස්වීඩනය යා කරමින්.

මෙම පාලම ඉදිකිරීම සදහා වන ගිවිසුම අත්සන් තබා ඇත්තේ 1991 වසරේදීයි. ඒ ඩෙන්මාර්කය හා ස්වීඩනය රජයන් අතරයි . මෙය සම්පුර්ණ වශයෙන් කිලෝමීටර් 16කත ආසන්න දිග පාලමක් වන අතරවාහන ගමන්ගන්නා මාර්ගයක් මෙන්ම දිගු දුම්රිය මාර්ගයකින්ද සමන්විතයි. ඒ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්

එහි කිලෝමීටර් 7.8ක කොටසක් කේබල් ආධාරයෙන් එල්ල ඇති පාලමක් ලෙස ද කිලෝමීටර් 3.5 ක් කොටසක් උමඟක් තුළින් දිය යටින් සකසා ඇති අතර එම කොටස් දෙක මැදින් කිලෝමීටර් 4ක් කොටසක් කෘතිම ලෙස නිපදවන ලද දුපතක් මතින් ගමන් කෙරෙනවා. ඒ පිලිබඳ විස්තර මෙතනින්

NASA

පාලම සම්බන්ධයෙන් 2000 වසරේ පළවූ BBC වාර්තාවක් මෙතනින්

මෙම පාලමේ වැඩ කටයුතු නිමවී ඇත්තේ 1999 වසරේදීයි. පාලමේ කටයුතු නිමවීම සංකේතවත් කරමින් ඩෙන්මාර්කයේ ඔටුන්න හිමිකුමරා වන ෆෙඩ්‍රික් හා ස්වීඩනයේ ඔටුන්න හිමිකුමරිය වන වික්ටෝරියා මෙම පාලමේ මැදදී හමුවී තිබෙනවා. මෙම අවස්ථාවට සම්බන්ධවූ දෙරටේම ප්‍රවාහන අමාත්‍යවරුන් කතා පවත්වා තිබෙනවා. එමෙන්ම මෙම අවස්ථාව නිමවී තිබෙන්නේ රාත්‍රී කාලයේ පවත්වන ලද ගිණිකෙලි සංදර්ශනයකින් හා ජල සංදර්ශනයකින්. මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.

එමෙන්ම පාලම විවෘත කිරීමේ නිල උත්සවය පවත්වා ඇත්තේ 2000 වර්ෂයේ ජූලි මාසයේ පළමු වැනිදායි. එම උත්සව අවස්තාව සදහා ද ඩෙන්මාර්කයේ එවක සිටි රැජින වන දෙවන මාර්ග්‍රට් රැජිනද ,ස්වීඩනයේ එවක සිටි රජු වන දහසය වන කාල් ගුස්ටාෆ් රජුද සම්බන්ධවී තිබෙනවා. රටවල් දෙකේ අගමැතිවරුන්ද එම අවස්ථාව සදහා සම්බන්ධවී තිබෙනවා. පොදු ජනතාවගේ මෝටර් වාහන සදහා පාලමේ ඉඩ ලබාදී ඇත්තේ ඉන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් වන වාර්තාවක් මෙතනින්. Archived.

සාගරය මැදින් ඉදි කර ඇති මෙම පාලමේ මනස්කාන්ත බව පිළිබද වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=9vvvmcY2lmE

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙම Oresund පාලම ඉදිකිරීමෙන් පසු ජනතා අයිතියට පත් කිරීමට පෙර උත්සව පවත්වා ඇති බවත් එයට ඩෙන්මාර්ක් සහ ස්වීඩන් වල පාරම්පරික රජ පවුල්වල සාමාජිකයන් මෙන්ම දේශපාලන නායකයන්ද සහභාගිවී තිබු බවයි. මෙය විවෘත කිරීම සදහා කිසිදු දේශපාලන නායකයෙක් සම්බන්ධව නැති බවට පළවන සමාජ ජාල සටහන් නොමග යවන සුලු ඒවායි.

Avatar

Title:ස්වීඩනය සහ ඩෙන්මාර්කය අතර සාගරය මැදින් ඉදිවූ පාලම විවෘත වූයේ කිසිදු දේශපාලන නායකයකුගේ සහභාගීත්වයෙන් තොරවද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading