පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ෂයිල්කෝට් ඝාතන සිද්ධියට

ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය පෙන්නන්න බැරි

BBC සුවාජීන මාජ්ජවේදි Azzam Ameen අසෑම් අමීන් බුදිද?

BBC News Lanka BBC” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහන් සංසරණය වූයේ පසුගියදා පාකිස්ථානයේදී දරුණු ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කරනු ලැබූ ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික මාධ්‍යවේදී අසාම් අමීන් වාර්තා නොකිරීම බවට දක්වමින්.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණු අයුරු පහතින්.

සත්‍ය වශයෙන්ම පාකිස්ථානයේ සිදුවූ ශ්‍රී ලාංකික ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් මහතා මාධ්‍ය වර්තා නොකළාද යන්න අප විමසුමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පසුගිය දෙසැම්බර් 03 වන දා පාකිස්ථානයේ සියල්කොට් හීදී එරට ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරිවරයයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන නම් ශ්‍රී ලාංකිකයෙකු දරුණු ලෙස පහරදී, පුළුස්සා ඝාතනය කරනු ආකාරය රැගත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීමත් සමග මේ පිළිබඳව දෙස් විදෙස් අවධානය ද යොමුවූ අතර ජාත්‍යන්තරයේද මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් මහත් පිළිකුළෙන් යුතුව හෙළා දැක තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වූ දෙස් විදෙස් වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පුවත් නිරන්තරයෙන් වාර්තා කළ අතර ඉහත ෆේස්බුක් සටහනින් පවසා තිබුණේ, මාධ්‍යවේදී අසාම් අමීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා නොකළ බවයි.

මේ හේතුවෙන් අප ඔහුගේ නිල සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී මාධ්‍යවේදී අසාම් අමීන් විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ හා Twitter ගිණුම ඔස්සේ මේ සම්බන්ධ පුවත් වාර්තා කර ඇති බවක් අපට දැක ගන්නට ලැබුණා.

මේ වන විට මාධ්‍යවේදී අසාම් අමීන් සේවය කරනු ලබන්නේ, ශ්‍රී ලංකා BBC සේවයේ නොව News wire පුවත් වෙබ් අඩවියේ බවට එම වෙබ් අඩවිය හරහාද දැක ගන්නට ලැබුනේ මෙලෙසින්. Archived Link. මේ පිළිබඳව අප ඔහුගෙන් ද විමසීමක් කොට තහවුරු කර ගන්නා ලදී.

එමෙන්ම අසාම් අමීන් සිය Twitter ගිණුම ඔස්සේ සහ ෆේස්බුක් පිටුව ඔස්සේ තමන් සේවය කරන News Wire වෙබ් අඩවියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පළ කරන ලද පුවත් නැවත තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කර ගෙන ඇති ආකාරයක්ද දැක ගන්නට ලැබුණා.

ඒ අනුව, ප්‍රියන්නත කුමාර මහතා ඝාතනය සිදුවීම සම්බන්ධයෙන් දෙසැම්බර් 03 වන දා සිට මේ වන තෙක් (06) සටහන් 11ක් පමණ නිල ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබුණා.

එමෙන්ම මෙම ඝාතනය සිදු වූ දිනද ඒ පිළිබඳව වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මගින් පෙන්වා දීමට උත්සහ දරා තිබුණේ, මාධ්‍යවේදී අසාම් අමීන්ද මුස්ලිම් ජාතිකයෙකු බැවින් පාකිස්ථානයේ වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් වාර්තා නොකළ බවයි. නමුත් අප කළ විමර්ශනයේදී පෙනී ගියේ ඔහු විසින් මෙම ඛේදවාචකයි සිදුවූ දින සිට සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වාර්තා කර ඇති බවකි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, ශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේදී සියල්කොට් හීදී ඝාතනය කරනු ලැබූ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍යවේදී අසාම් අමීන් විසින් පුවත් වාර්තා නොකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බවයි. අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ මාධ්‍යවේදී අසාම් අමීන් විසින් සිදුවීම වූ දින සිට ඒ සම්බන්ධයෙන් වාර්තා සහ තොරතුරු සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර ඇති බවයි.

Avatar

Title:ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading