
කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
දිවයින පුවත්පතේ ෆේස්බුක් පිටුව මගින් , “ ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලින් පාලනය කරන්න බැහැ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න”
ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.

මේ හා සමාන තවත් සමාජ ජාල සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සමාජ මාධ්‍ය ජාල සටහන් නිසා පරිශීලකයන් මෙහි නිරවද්‍යතාවය සොයා විමසිලිමත් වූ ආකාරයක් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

මේහා සබැදි සටහන් අන්තර්ජාලය පුරා ව්‍යාප්තව පැතිර පවතින ආකාරයයි මේ.

මෙහි ඇති කාලීන වශයෙන් ඇති වැදගත්කම නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප මුලින්ම විමසා බැලුවේ, මෙම නොමග යවන සුලු ෆේස්බුක් සටහන්වල මූලාශ්‍රය කුමක්ද යන කාරණයයි.
එහිදී අපට දැනගන්නට ලැබුණේ දෙසැම්බර් මාසයේ දෙවන දින වෛද්‍ය සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් පිළිබදව වාර්තාකරණය කිරීමේදී දෙසැම්බර් 3 දා ,දිවයින පුවත්පත විසින් තබන ලද නොමග යවන සුලු ශිර්ෂ පාඨයක් පදනම් කර ගනිමින් මෙම නොමග යවන සුලු සටහන් ව්‍යාප්ත වී ඇති බවයි.

දිවයින ඊ පුවත්පත(2021.12.3- පිටු අංක 1 සහ 13)
මේ සම්බන්ධව දිවයින වෙබ් අඩවියේ ඇති සටහන මෙතනින්. Archived
ඉන්පසු අප විසින් අවධානය යොමු කළේ, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය වන වෛද්‍ය පද්මා ගුණරත්න විසින් දෙසැම්බර් දෙවැනිදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පිළිබදවයි. එම සම්පූර්ණ වීඩියෝවම නැරඹූ අපට දැකගන්නට ලැබුණේ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කිසිදු අවස්ථාවක ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට ප්‍රකාශයක් සිදු නොකරන බවයි.
එම සම්පූර්ණ වීඩියෝව පහතින්.
වෛද්‍ය පද්මා ගුණරත්න මෙහිදී එන්නත් පිළිබදව පවසන කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු වුණා. ඇය විසින් මෙහිදී පවසන්නේ, කොවිඩ් එන්නත් මගින් ඉතා විශාල ආරක්ෂාවක් පෙර ප්‍රභේද කෙරෙහි පැවතුනද, ඔමික්‍රෝන් ප්‍රභේදය කෙරෙහි එය එතරම් නොවෙන්නට ඉඩ ඇති බවට මෙන්ම මෙම නව ප්‍රභේදය මගින් එම ආරක්ෂාව කෙරෙහි යම්කිසි බලපෑමක් වන්නට ඉඩ ඇති බවට විද්‍යාඥයන් අතර යම් විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවයි.(3 මිනිත්තුවේ සිට 5 වන මිනිත්තුව දක්වා වීඩියෝවේ )
දැනට රට තුල ව්‍යාප්තව ඇති ප්‍රබේද වලට මෙන්ම වඩා වේගයෙන් ව්‍යාප්ත විය හැකි ඔමික්‍රෝන් ප්‍රභේදයට මුහුණදීමටද අප සතුව ඇති වඩාත්ම වැදගත්ම අවිය වන්නේ එන්නත්කරණය බව පවසන ඇය වැඩිදුරටත් පවසන්නේ වයස අවුරුදු 60 ඉක්මවූ අය ,නිදන්ගත රෝග පවතින අය, සෞඛ්‍ය අංශ ආදී කොවිඩ් ආදී ඉදිරිපෙළ රැකියා කරන අය හැකි ඉක්මනින් දැනට රජය මගින් ලබාදෙන කොවිඩ් බූස්ටර් එන්නත ලබාගැනීමට කටයුතු කල යුතු බවයි. මෙම බූස්ටර් එන්නත ලබාදීම සඳහා වන ඉල්ලීම මීට මාස කිහිපයකට පෙර වෛද්‍ය සංගමය මගින් රජයෙන් සිදු කළ එකක් බවද ඇය පවසනවා. (වීඩියෝවේ මිනිත්තු 7-11)
එන්නත මගින් ලබාදෙන ආරක්ෂාවේ සම්පූර්ණ අඩුවීමක් ඔමික්‍රෝන් ප්‍රභේදය යටතේ අපේක්ෂා නොකරන අතර, යම් ආකාර ආරක්ෂාවේ අඩුවීමක් තිබිය හැකි වුවද එන්නත් මගින් යම් ආරක්ෂාවක් ඔමික්‍රෝන් ප්‍රභේදයටද ලබාගත හැකි නිසා එන්නත් ලබාගැනීම වැදගත් බවයි ඇය සදහන් කරන්නේ.(25 වන මිනිත්තුව)
මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ දිවයින මාධ්‍යවේදියා කරුණු නිසි ආකාරයෙන් වටහා නොගෙන වාර්තාකරණයේ යෙදීම නිසා මෙම තත්ත්වය ඇතිව ඇති බවයි. එමෙන්ම එම මාධ්‍ය හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූවේ පවතින තත්ත්වය හමුවේ වයස්ගත පුද්ගලයන් එන්නත්කරණය සඳහා වැඩියෙන් නැඹුරු කිරීම බවත් ඇය පැවසුවා,
ශ්‍රීලංකා වෛද්‍ය සංගමය මගින් දෙසැම්බර් 7 වැනිදා නිකුත් කළ එන්නත්කරණය පිළිබදව මාධ්‍ය නිවේදනයකි මේ .

Additional Information
රෝග පාලනය සහ වැලැක්වීම පිළිබද මධ්‍යස්ථානය හෙවත් එක්සත් ජනපද CDC ආයතනයද පවසන්නේ වත්මනේ දී අනෙකුත් ප්‍රබේද වලට එරෙහිව එන්නත්වලින් ආරක්ෂාව ලැබෙන අතර දැනට භාවිතාවන එන්නත් ඔමික්‍රෝන් ප්‍රබේදයට එරෙහිවද ක්‍රියාකර අසාධ්‍ය තත්ත්වයට පත්වීම් සහ මරණ අඩුකරනු ඇතැයි අපේක්ෂිත බවයි.එමෙන්ම එන්නත්කරණයේ මෙන්ම බූස්ටර් එන්නත් ලබාගැනීමේ වැදගත්බාවය ඔමික්‍රෝන් ප්‍රබේදයේ පැමිණීමත් සමග වඩාත් ඉස්මතුවන බවත් ඔවුන් පවසනවා.මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.
කෙසේ වෙතත් හදිසි තත්ත්වයන් පිළිබද ලෝක සෞක්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ Mike Ryan මීට දින කිහිපයකට පෙර AFP පුවත් සේවයට පවසා තිබුණේ එන්නත් මගින් අනෙත් කොවිඩ් වෛරස ප්‍රබේද වලට එරෙහිව ලබාදෙන ආරක්ෂාව ඔමික්‍රෝන් ප්‍රබේදයට එරෙහිවද ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.එන්නත් වලින් ලබාදෙන ආරක්ෂාව ,ඔමික්‍රෝන් මගින් අභිබවා යන බවට මෙතෙක් සලකුණක් නොමැති බවත් ඔහු පවසා තිබුණා.මේ අතර තුරදී Africa Health Research Institute නම් ආයතනයක් මගින් කරන ලද මූලික පර්යේෂනයකින් හෙලිවී තිබුණේ ෆයිසර් එන්නත මගින් ලබාදෙන ආරක්ෂාව යම් පමණකින් අඩු කිරීමේ හැකියාවක් ඔමික්‍රෝන් ප්‍රබේදයට ඇති බවයි.එම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ මහාචාර්‍ය Alex Sigal පවසන්නේ එන්නත්කරණයට ලක්වූ මෙන්ම කලින් කොරෝනා ආසාදිතව සුවය ලැබූ අය ඔමික්‍රෝන් ප්‍රබේදයට එරෙහිව ඉතා හොදින් ප්‍රතිචාර දැක්වූ බව සහ එමගින් බූස්ටර් මාත්‍රාවක අවැසි බව මනාව ඉස්මතු වන බවයි. මේ පිළිබදව වැඩිදුර විස්තර මෙතනින්.Archived.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ
ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය වන වෛද්‍ය පද්මා ගුණරත්න විසින් ප්‍රකාශ කර නොමැති බවයි. ඇය විසින් සඳහන් කර ඇත්තේ, ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ එන්නතින් ලැබෙන ආරක්ෂාවේ යම් අඩුවක් සිදුවිය හැකි වුවත් වෛරසය හමුවේ සටනේදී ප්‍රධානම අවිය වන්නේ එන්නත්කරණය බවයි. විශේෂයෙන්ම 60 ට වැඩි අය සහ සෞඛ්‍ය අංශ වල ආදී ඉදිරිපපිරිස් මේ දිනවල බූස්ටර් එන්නත කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වා එය ලබාගත යුතු බවයි ඇය පවසන්නේ .

Title:ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,