FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

Misleading Social

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මවක් දරු සතර දෙනෙකු මෙලොව හැරදා ගියේය.. ඔබේ ආදරණිය දරුවාද ආරක්ෂා කර ගැනීමට පියවර අදම ගන්න. ප්‍රමාදය පසුතැවීමට හේතු විය හැකිය. ” ලෙස සඳහන් කළ වීඩියෝ සටහනක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. එම වීඩියෝව පහතින්.

Facebook 

මෙරටින් පසුගිය මස පුරා ගෑස් පිපිරීම්, ගෑස් උදුන් පිපිරීම් සම්බන්ධයෙන් වාර්තා වූ අතර ඊට සමගාමීව මෙරට වූ ගෑස් පිපිරීමක් බව මෙමගින් හඟවා තිබුණා.

මේ වනවිට මෙම වීඩියෝව 7200ක් පමණ ෆේස්බුක් පරිශීලිකයින් අතර හුවමාරු වුණා.

මෙම වීඩියෝව WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ද බහුලව  සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා දෙන ලෙසත් මෙය බොහෝදුරට මෙරට සිදුවීමක් නොවන බවටත් අප වෙත ලැබුණු ඉල්ලීම් ද මත අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

දෙසැම්බර් 01 වන දා නිවසෙහි වූ ගෑස් කාන්දු වීම හේතුවෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කෙරුණු මහනුවර, කුණ්ඩසාල, නත්තරම්පොත ප්‍රදේශයේදී 53 හැවිරිදි සිව්දරු මවක්  පසුගිය 12 වන දා ජීවිතක්ෂයට පත් වුණා. ඒ බවට සඳහන් පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එම සිදුවීම සමග මෙම වීඩියෝව පළ කිරීම තුළින් හඟවා තිබුණේ, ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ එම සිදුවීමට අදාළ හෝ මෙරටින් වාර්තා වූ මේ දිනවල බහුලව දක්නට ලැබෙන ගෑස් ආශ්‍රිත පිපිරීමක් හූ සබැඳි වීඩියෝව දර්ශන බවටයි. නමුත් අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ ඉහත සිව්දරු මවගේ අවාසනාවන්ත සිදුවීමේ CCTV දර්ශන ප්‍රධාන මාධ්‍ය තුළින් හෝ දක්වා නොතිබුණි බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී එම අවස්ථාවේ පීඩන උඳුනක් (Pressure cooker) බිම වැටෙන අයුරු දක්නට ලැබේ.

ඒ අනුව අප ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දර්ශන Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

එහිදී මෙම වීඩියෝව සම්බන්ධයෙන් Right This Minute නම් බොහෝ දෙනා අතර හුවමාරු වන වීඩියෝ සහ ඒ හා සබැඳි සිද්ධි වාර්තා කරන ආයතනයක්, 2018 වසරේදී වාර්තා කර තිබු අයුරු දැක ගන්නට ලැබුණි. එම වාර්තාවට අනුව මෙය චීනයේ, Guangdong පළාතේ නිවසක ගෑස් උදුනක් මත වූ පීඩන උදුනක් ගිනිගෙන බිම වැටෙන ආකාරයකි. එම අවස්ථාවේම කුඩා දැරියක් උදුන ළඟට යන ආකාරයත් නිවසේ ආරක්‍ෂක කැමරාවල සටහන් වී තිබුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් එම දැරියට වාසනාවන්ත ලෙස අනතුරක් සිදු වූයේ නැති බව ද වාර්තා කර තිබු අතර මෙවැනි අවස්ථා ගැන සැලකිලිමත් වන ලෙස ද දක්වා තිබුණා.

ඒ බවට දැක්වෙන පුවතක් පහතින්.

rightthisminute.com| Archived Link  Facebook

ඒ අනුව මෙම අනතුර ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙරට සිදුවීමක් නොවන බවට තහවුරු වේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශන වලට අනුව පෙන්වා දිය හැක්කේ, ගෑස් පිපිරීමකින් මෙරට වූ සිදුවීමක දර්ශන ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ 2018 වර්ෂයේදී Right This Minute නාලිකාව විසින් වාර්තා කර තිබු ආකාරයට චීනයේ නිවසක පීඩන උදුනක් සම්බන්ධයෙන් අනාරක්ෂිත ලෙස කටයුතු කිරීම හේතුවෙන් සිදුවූ අනතුරක දර්ශන පෙළකි. කෙසේනමුත් එම සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදු වී නොතිබුණි.

Avatar

Title:ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *