දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . ඒ අතර වැරදි තොරතුරුද බහුලයි. යුක්‍රේනයට උප ජනාධිපතිවරයෙකුද සිටින බව සහ ඔහුගේ බිරිදද රුසියාවට එරෙහි සටනේදී සෙබලියක් ලෙස යුධ බිමට පැමිණ ඇති බව පෙන්වීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් කලෙක නාවික හමුදාවට සම්බන්ධව සිටි අගමැතිවරයාගේ පුත් සහ දැනට අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානියා ලෙසක්‍රියා කරන යෝෂිත රාජපක්ෂගේ ඡායාරූපයක්ද සමගින් හමුදා සෙබලියක් ලෙස පෙනෙන ඡායාරූපයක්ද අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් .

“යුක්‍රේනයේ උප ජනාධිපතිගේ බිරිද සටන් බිමට පිවිස තිබෙන අයුරු දැක,අපටත් උරුමව තිබු එවන් යුගයක නිල නොවන යුවරජ යෝශිත සටන් බිමට පිවිසි අයුරු මතක් නොවේනම් ඔබත් 3%ක කුහකයෙක් පමණයි.”

Facebook | Archived

මෙයට සමාන වෙනත් සටහන්ද ෆේස්බුක් තුළ පවතින ආකාරය නිරීක්ෂණය කළ හැකිවූ අතර ඉන් එක් සටහනක් පහතින් .

Facebook | Archived

කාලීනව වැදගත් සටහනක් නිසා මේ පිළිබදවසොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Also Read:

යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

යුක්රේනයේ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරුණු අයුරු ? (Video)

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මේ පිළිබදව Google Reverse Image Search සෙවීමක් සිදුකළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූපය දින කිහිපයකට පෙර ඇවිලුනු රුසියා යුක්‍රේන යුද්ධයට එක්වූ උප ජනාධීපති බිරියකගේ නොව 2021 අගෝස්තු මාසයේදී පැවති යුක්‍රේනයේ 30 වන නිදහස් දින සමරුවේ පෙරහුරුවකට එක්වූ කාන්තා හමුදා සෙබලියකගේ ඡායාරූපයක් වන බවයි.යුක්‍රේන ඡායාරූප ශිල්පියෙක් විසින් ගෙන තිබූ මෙම ඡායාරූපය Alamy ඡායාරූප ගොණුවේ තිබියදී සොයාගැනීමට අපට හැකි වුණා .

Web | Archived

මෙම ඡායාරූපයේ දක්නට ලැබෙන හමුදා සෙබලියගේම ඡායාරූපයක් iStock ඡායාරූප එකතුවේ තිබෙනු දක්නට හැකිවුණු අතර එම ඡායාරූපය ලබාගෙන ඇත්තේද ඉහත ඡායාරූපය ලබාගත් ඡායාරූප ශිල්පියා විසින්මයි. එහිදී ඇය හමුදා සෙබලුන් දෙදෙනෙක් සමග සිටින ආකාරයයි දිස්වෙන්නේ.

Web | Archived

වැඩිදුරටත් මේ පිළිබදව කරුණු විමසා බැලීමේදී අපට තහවුරු කරගත හැකිවූ කාරණය වූයේ යුක්‍රේන ව්‍යවස්ථාවට අනුව එහි උප ජනාධිපතිවරයකු නොමැති බවයි.ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන එහි රටේ පාලනය ගෙන යාමට දායක වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයායි.

ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරණයකින් වන අතර අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවද තෝරාගනු ලබන්නේ මැතිවරණයකින්.යුක්‍රේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බැලිය හැකියි මෙතනින් .

මේ සම්බන්ධව අප විසින් ඉංග්‍රීසි බසින් රචිත සටහන කියවිය හැකියි මෙතනින් .

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදද රුසියාවට එරෙහි යුද්ධයට එකතුව ඇතැයි යන කාරණය අසත්‍ය බවයි.සැබැවින්ම යුක්‍රේනයේ උප ජනාධිපතිවරයෙකු නොමැති අතර යුක්‍රේනයේ ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව රට පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්.වේගයෙන් ව්‍යාප්ත වන ඡායාරූපය යුක්‍රේන හමුදාවේ කාන්තා සෙබලියක්ගේ රුවක් වන අතර එම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 2021 අගෝස්තු මාසයේදීයි.

Also Read :

Did This Massive Blast Happen In Ukraine? Find Out The Truth…

Old Images Of Ukrainian President Zelenskyy In Military Uniform Shared As Him Joining His Soldiers On The War Front…

Avatar

Title:යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

Fact Check By: Kalana Krishantha

Result: False