
ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 වසරේ පෙබරවාරි මස 11 වැනි දින හිරු පුවත් ඔස්සේ විකාශය වූ පුවතක සුළු ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩිවූ ප්‍රමාණය නිරූපණය වන ඡායාරූපයක් සමග පහත සටහනද එක්කර තිබුණා .
“මහින්ද මහත්තයා බයිසකල් පැද්ද කාලේ”

තවත් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පාපැදියක නැග තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග ගමන්ගන්නා ඡායාරූපයක් සහ 2019 වසරේ ඉන්ධන මිල වැඩිවීමක් සිදුවූ අවස්ථාවේ රූපවාහිනී තිරයක දැක්වුණු සටහනක් එක්කර තිබුණේ පහත සටහනද සමගින් .
“ඒ කාලේ රුපියල් 6කින් 7කින් තෙල් වැඩි කලාම යකා නටපු උන් දැන් 75 කින් වැඩි කලත් පාඩුවේ ඉන්න ලස්සන බලන්න .ගෝඨා ස විනය නම් හදල තියෙනවා සුපිරියටම”

මෙම සටහන් මඟින් අදහස් කර තිබුනේ 2019 පෙබරවාරි මස සිදුවූ බව දැක්වෙන සුළු මිල වැඩිවීමක් හමුවේ එවකට විපක්ෂ මන්ත්‍රීවරුන් පාපැදියකින් ගමන් කරමින් විරෝධතාවක් දක්වා ඇති බවයි.
බොහෝ ෆේස්බුක් පරිශීලකයින් පිරිසක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබු ආකාරය පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)
අප මුලින්ම මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටි සමයේ පාපැදියෙන් පාර්ලිමේන්තුවට පිවිසි කාල වකවානුව පිළිබදව විමසා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ 2017 වසරේ නොවැම්බර් මස ඔහු ඇතුළු පිරිසක් මේ ආකාරයට පාපැදියෙන් පාර්ලිමේන්තු ගොස් ඇති බවයි. ඒ එවකට පැන නැගුණු ඉන්ධන අර්බුදයක් හේතුවෙන්.
මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ 2017 නොවැම්බර් 9 දාතමින් යුතුව එම අවස්ථාව සදහන් කර තිබුනේ මෙලෙසින්. එහි සටහන්ව තිබුනේ ඛනිජ තෙල් සපයාගත නොහැකි ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව වෙත යන බවයි.

මේ අවස්ථාව එම අවධියේ වෙනත් පුවත් ආයතන විසින් ද වාර්තා කර තිබුනේ මෙලෙසින්.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ සිටි සමයේ පාර්ලිමේන්තුවට පාපැදියෙන් පිටත්වූයේ එවක කෙටිකාලීනව පැවති ඉන්ධන හිගයට විරෝධතාවය දැක්වීම සදහා විනා ඉන්ධන මිල ඉහල දැමීමකට එරෙහිව බව මාධ්‍ය වාර්තාවල ද සදහන්ව ඇත්තේ නැහැ.
කෙසේනමුත් 2017 වසරේ නොවැම්බර් මස, ඉන්ධන මිලෙහි ද යම්කිසි වෙනසක් සිදුවී තිබුනේ දැයි වැඩිදුර තහවුරු කර දැනගැනීම සදහා අප ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියේ දැක්වෙන ඉන්ධන මිල ගණන් වෙනස්වීම පිලිබඳ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමුකළා. ඒ සම්බන්ධ විස්තර ලබාගත හැකියි මෙතනින්. ඛනිජ තෙල් සංස්ථාවේ දත්ත අනුවද 2017 නොවැම්බර් මාසයේ දී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදුව නොමැති බව පැහැදිලි වූ අතර ඉන්පසුව ඉන්ධන මිලෙහි වෙනස්වීමක් පෙන්වන්නේ 2018 මැයි මාසයේ සිටයි.
ඉන්ධන නැවක් නියමිත ප්‍රමිතියකින් තොර හෙයින් ප්‍රතික්ෂේප කිරීම මුලික කොටගත් කරුණු කිහිපයක් 2017 වසරේ පැවති ඉන්ධන අර්බුදයට බලපා තිබු බව මෙසේ වාර්තා වී තිබුනා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අපගේ පහත කරුණු විමර්ශනයෙන්.
2017 ලංකාවේ පැවති ඉන්ධන හිඟය පිළිබඳ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
මීළඟට අප සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබු පැරිදි 2019 වසරේ පෙබරවාරි මස සිදු වී තිබු බව පැවසෙන ඉන්ධන මිලෙහි සුළු ඉහල යාම පරීක්ෂා කළා. එම අවධියේ දී ඉන්ධන සඳහා ක්‍රියාත්මක වූ මිල සුත්‍රය හේතුවෙන් නිරතුරු ඉන්ධන මිලෙහි වෙනස්වීම් ද දැක ගන්නට ලැබුණු අතර එම තොරතුරු ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල පිලිබඳ පැරණි වාර්තා අතරේ මෙන්ම මාධ්‍ය ඔස්සේ ද වාර්තා වී තිබුනා.
සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු රුප රාමුව ලබාගෙන තිබු 2019 පෙබරවාරි මස 11 වැනිදා හිරු පුවත් වාර්තාකරණය පහතින්
2019 පෙබරවාරි මස සිදුවූ මෙම මිල වැඩිවීමට, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විරෝධය දක්වා තිබුණා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්. නමුත් මෙම අවධියේ, එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සමාජ මාධ්‍ය සටහන් මඟින් හඟවා තිබු පරිදි බයිසිකලවලින් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙමින් විරෝධතාවක් දැක්වූ බවක් වාර්තා වන්නේ නැහැ.
Update 28-03-2022
මේ අතර මාර්තු මස 25 මධ්‍යම රාත්‍රියේද රුපියල් 49 කින් ලංකා ඉන්දීය ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල මිලද ඉහල දමා තිබිණ.එම සිදුවීම ඉලක්ක කරගෙන පහත පෝස්ටුව පළකර ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ.එම පෝස්ටුව මගින් හැගවීමට උත්සාහ කර තිබූ පරිදි මෙම ආණ්ඩුව 2019 වසරේ නොවැම්බර් බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා රුපියල් 166 කින් ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සැබැවින්ම ඉහල දමා තිබිණ . පසුගිය ආණ්ඩුව සමයේ අවසාන වරට මිල සංශෝධනයක් සිදු වුණු 2019 සැප්තැම්බර් වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක ඉන්දීය ඔයිල් සමාගමේ මෙන්ම සිපෙට්කෝ මිල සදහන් වූයේ රුපියල් 137 ක් ලෙසයි.මේ වන විට ඉන්දීය ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 303 කි.එනම් යහපාලන ආණ්ඩුවේ අවසාන තෙල් මිල ගණන් වලට සාපේක්ෂව රුපියල් 166 ක වැඩිවීමකි. කෙසේ වෙතත් සිපෙට්කෝ මිල මේ සටහන තබන මොහොත වන විටත් ඔක්ටේන් 92 ලීටරයක් පැවතියේ රුපියල් 254 ක අගයකයි. එය යහපාලන ආණ්ඩුව තිබුණු කාලයට සාපේක්ෂව වැඩිව තිබෙන මිල වන්නේ ලීටරයක් රුපියල් 117 කි. රුපියල් දෙකක් තෙල් මිල වැඩිවූ අවස්ථාවේ පාපැදි පදින ආකාරයක් ලෙස සදහන්ව තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විපක්ෂයේ සිටියදී රටේ තෙල් හිගයක් ඇතිවූ අවස්ථාවේ එයට විරෝධය පා 2017 වසරේ දිනයක පාර්ලිමේන්තුවට පාපැදියකින් ගිය අවස්ථාවේ ඡායාරූපයකි. කෙසේ වෙතත් ඔහු පාපැදි පදින මොහොත වන විට තෙල් මිල වැඩිවීමක් සිදුව නොතිබූ අතර ඔහු පාපැදි පැද්දේ තෙල් මිල වැඩිවීමකට විරෝධය පෑමක් ලෙස නොව ඇතිව තිබූ තෙල් හිගයකට විරෝධය පෑමටයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ 2017 නොවැම්බර් මස ඇතිවූ ඉන්ධන හිගයකට විරෝධය පළකිරීමට, එවකට විපක්ෂය නියෝජනය කල මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාපැදියෙන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගමන් ගත් අවස්ථාවේ ඡායාරුපයක්, 2019 පෙබරවාරි මස සිදුවූ සුළු ඉන්ධන මිලෙහි ඉහළ යාමකට දැක්වූ විරෝධයක් ලෙස හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්.

Title:මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,