රටේ ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් වකවාණුවකදී ජනතාව තව තවත් බිය ගන්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සොරසතුරන්ගේ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ කරුණු 22ක් ඇතුළත් කරමින් පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන් වර්තමානයේ ජනතාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ මුදල් අඟහිඟ කම් හේතුවෙන් පීඩා විඳින ජනතාව විසින් සොරකම් සිදු කළ හැකි බවටත් එයින් ආරක්ෂා විය යුතු අන්දම පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරුණු 22ක් ඇතුලත් කරමින් පවසන ලද්දක් බවට මෙම පණිවිඩය මගින් දක්වා තිබුණා. එම සටහන පහතින්.

*_සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය.._*

ප්‍රවේශම් වන්න..⚠ ආර්ථික අර්බුද ❗️හමුවේ ඇති වන තත්ත්වය පිළිබඳව අප සැවොම දැනුවත් විය යුතුය.

රථවාහන නීති පිළිපැදීමේදී අප වගකිවයුතු පුරවැසියන් විය යුතු අතර අප සහ අපගේ දේ ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක විය යුතුය.

නගරවල හෝ ගම්වල වේවා, එහි සිටින බොහෝ දෙනෙකුට මේ දිනවල එතරම් ඉපැයීමක් නොමැති බැවින් රැකියා අහිමිවීම් / ව්‍යාපාරවලට බලපෑම් හේතුවෙන් ඔබට හදිසියේම නොසිතන සිදුවීම් විය හැකිය.

1. ජනතාව එනම් නිවසේ සිටින අය, ළමයින්, පාසල් සහ විද්‍යාල යන පිරිමි/ගැහැණු ළමයින්, රැකියා කරන කාන්තාවන්/පිරිමි ඇතුළු සියලු ජනතාව බොහෝ ප්‍රවේශම් විය යුතුය.

2. මිල අධික ඔරලෝසු පළඳින්න එපා.

3. මිල අධික මාල, වළලු, කරාඹු පැළඳ නොයන්න, ඔබේ අත් බෑග් ප්‍රවේශම් කරගන්න.

4. පිරිමින්, වටිනා අත් ඔරලෝසු, මිල අධික බ්රේස්ලට් සහ චේන් පැළඳීමෙන් වැළකී සිටිය යුතුය.

5. ඔබගේ වටිනා ජංගම දුරකථන ප්‍රසිද්ධියේ භාවිතා නොකරන්න. ප්‍රසිද්ධියේ ජංගම දුරකථන භාවිතය අවම කිරීමට උත්සාහ කරන්න.

6. නාඳුනන කිසිවකු වාහනයේ නංවාගෙන යෑමෙන් වලකින්න.

7. අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් රැගෙන නොයන්න.

8. ඔබ ගමන් කරන අතරතුර ඔබේ atm සහ credit කාඩ්පත් සුරක්ෂිතව තබා ගන්න.

9. ඔබේ වැඩිහිටියන්, භාර්යාව සහ දරුවන් ගැන සොයා බැලීමට නිතර නිතර ගෙදරට කතා කරන්න.

10. දොර සීනුවකට නාද වන විට නිවසේ සිටින වැඩිහිටියන්ට සහ පුද්ගලයින්ට ප්‍රධාන දොරේ සිට ආරක්ෂිත දුරක් තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න, හැකි නම් පාර්සල් හෝ ලිපි ලබා ගැනීමට ග්‍රිල් එක ළඟට නොයන ලෙස ග්‍රිල් ගේට්ටු අගුළු දමා තබන්න.

11. හැකිතාක් ඉක්මනින් ගෙදර යන ලෙස දරුවන්ට උපදෙස් දෙන්න.

12. නිවසට ළඟා වීමට හුදකලා මාර්ග හෝ කෙටි මාර්ගවල නොයන්න. හැකි හැමවිටම ප්‍රධාන මාර්ග භාවිතා කිරීමට උත්සාහ කරන්න.

13. තරුණ තරුණියන්, ඔබ පිටතට යන විට ඔබේ වටපිටාව ගැන විමසිල්ලෙන් සිටින්න.

14. සෑම විටම හදිසි අංකයක් අත ළඟ තබා ගන්න.

15. මිනිසුන්ගෙන් කිසියම් ආරක්ෂිත දුරක් තබා ගන්නට වගබලාගන්න.

16. *මහජනයා බොහෝ විට mask පැළඳ සිටී*. ඒ නිසා පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීම අපහසු වනු ඇත.

17. කැබ් රථ සේවා භාවිතා කරන අය ඔබ යන තැන ගැන විස්තර ඔබේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්, මිතුරන් හෝ භාරකරුවන් කවුරුන් හෝ දැනුවත් කරන්න.

18. හැකි සෑම විටම රජයේ පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීමට උත්සාහ කරන්න.

19. සෙනඟ ගැවසෙන බස් රථවලින් හැකි සෑම විටම වළකින්න.

20. ඔබේ දෛනික කටයුතු වලදී පෙරවරු 6.00 - සවස 8.00 ට කාලය යොදා ගන්න, ඒ සඳහා හැකි සෑම විටම ප්‍රධාන මාර්ග භාවිත කරන්න. පාලු වීදිවල තනියම ගමන් කිරීමෙන් වළකින්න.

20. සාප්පු සංකීර්ණ, වෙරළ සහ උද්‍යානවල වැඩි කාලයක් ගත නොකරන්න.

21. දරුවන්ට උපකාරක පන්තිවලට යාමට සිදුවුවහොත් වැඩිහිටියන් ඔවුන් රැගෙන යාමට ඒමට කටයුතු කරන්න.

22. ඔබේ වාහනවල වටිනා දේවල් කිසිවක් තබා ඉන් බැස නොයන්න.

මෙය අවම වශයෙන් මාස 3 ක් හෝ තත්වය යහපත් වන තුරු අනුගමනය කළ යුතුය.

ඔබ සැලකිලිමත් වන සියල්ලන් සමඟ බෙදා ගන්න.

අපේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් දැනුම්දීමක් නිකුත් කරන ලෙස ඔබේ ප්‍රදේශයේ සියලුම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්න.

පරිස්සමින් ඉන්න.

~ පොලිස් දෙපාර්තමේන්තුව..

Facebook | Archived Link


එම පණිවිඩය අද වනවිටත් බොහෝ දෙනා අතර WhatsApp ඔස්සේ ද බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ යනුවෙන් කරුණු 22ක් ඇතුළත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේද යන්න අප විමර්ශනය කරනු ලැබුවා. එවන් නිවේදනයක් පිළිබඳ මාධ්‍ය මගින් හෝ වාර්තා කර නොතිබුණි.

ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදු කළා.

ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි එවැනි අවධානවමක් සහිත වාතාවරණයක් මෙතෙක් වාර්තා නොවී ඇති අතර එලෙස පොලිස් දෙපාර්තමේන්තුව විසින් ‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ක් නිකුත් නොකළ බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් පොලිිස් මාධ්‍ය ඒකකයෙන්ද, පසුගිය 12 වන දා නිවේදනයක් නිකුත් කර තිබුණේ මේ අයුරින්.

නමුත් මේ වනවිටත් එම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.

සැ.යු : අප මෙහි පෙන්වා දී තිබෙන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් මෙවැනි පණිවිඩයක් නිකුත් කර නොමැති බව පමණක් බව කරුණාවෙන් සලකන්න.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය’ යනුවෙන් පවතින ආර්ථික අර්බුද හමුවේ ඇති වන තත්ත්වය හේතුවෙන් සොරකම් වලින් ආරක්ෂා වීමට කරුණු 22ක් ඇතුළත් කරමින් පණවිඩයක් නිකුත් කළ බවට පැවසෙන සටහන් අසත්‍ය වෙයි. පොලිස් දෙපාර්තමේන්තුව විසින් එවන් පණිඩිඩයක් නිකුත් නොකළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

Avatar

Title:‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයේ’ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading