සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක කෝණයෙන් ඡායාරූපයක් පළ වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර මෙම ඡායාරූප සටහන සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සිදුවීම සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවට ඉහත සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යනු ලබනවා.

ඒ හේතුවෙන් මෙය සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳ අප විමසා බැලීමක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා Newsfirst ප්‍රවෘත්ති විකාශයන් වෙත අවධානය යොමු කරනු ලැබූ අතර ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ එම නිවේදකයාගේ ඇසක පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙන ආකාරයේ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

ඉහත ඡායාරූපයේ සඳහන් සිරස පාර්ලිමේන්තු වාර්තාකරු, අමර ශ්‍රී බණ්ඩාර විසින් මෑතකදී ප්‍රවෘත්ති නිවේදනය සිදු කළ අවස්ථාවන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළ අතර අපට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපයේ පසුබිම දැක්වෙන පුවත් විකාශය සොයා ගන්නට ලැබුණා.

පසුගිය මැයි 14 වන දා රාත්‍රී 07.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී පාර්ලිමේන්තු වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාර විසින් ඉදිරිපත් කළ ඉදිරිපත්කිරීමක් අතර තුරදී ඉහත මුල් රූප රාමුව ඇතුළත් ඡායාරූපයක් ලබා ගෙන තිබුණේ මෙලෙසින්.

එම වීඩියෝව මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව පෙනී යන්නේ සිරස ප්‍රවෘත්ති විකාශයේදී ඉහත ප්‍රවෘත්ති නිවේදකයා විසින් එලෙස පැලැස්තරයක් දමා නොමැති බවයි. එම සංසන්දනය පහතින්.

පසුගිය 09 වන දා ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරයත් සමග සමග පොදු ජන පෙරමුණට සහය පළ කළ පිරිසගේ නිවෙස් වලට ද, මහ ජනතාව විසින් අලභහානි සිදු කරනු ලැබුවා.

මෙම තත්ත්වය මත අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලන බව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඩෑන් ප්‍රියසාද් විසින් නිකුත් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා. එම වීඩියෝව මෙතනින්.

ඔහු සිය වම් ඇසට ප්‍රහාරයක් එල්ල වූ බවට හඟවා තිබූ බැවින් ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ ඊට සමගාමීව උපහාසාත්මක කෝණයෙන් ඡායාරූප රැසක් පළ වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

මෙම උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූපවලට සමගාමීව සිරස ප්‍රවෘත්ති අංශය විසින් ද, උපහාසාත්මක කෝණයෙන් ප්‍රවෘත්ති විකාශයක් අතරතුර ඇසට පැලැස්තරයක් දමා පුවත් ඉදිරිපත් කිරීමක් සිදුකල බව ඉහත සටහන් මඟින් පෙන්වා දී තිබුණා.

මේ අනුව බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු ඡායාරූපය, හුදෙක් විනෝදස්වාදය සඳහා උපහාසාත්මක කෝණයෙන් සිදුකර තිබු සංස්කරනණයක් බව පැහැදිලිය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සිරස ප්‍රවෘත්ති අංශය විසින් එහි ප්‍රවෘත්ති නිවේදකයෙකුගේ ඇසක් පැලැස්තරයකින් වසා දමා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමක් සිදු කළ බවට පළ වන ඡායාරූප වල දැක්වෙන්නේ, පැලැස්තරයක් දැමූ බවට සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි. ඩෑන් ප්‍රියසාද් ඇසට පැලැස්තරයක් දමා පළ කළ වීඩියෝවට සමගාමීව, මේ ආකාරයට පැලැස්තර සමඟ උපහාසාත්මක කෝණයෙන් ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.

Avatar

Title:සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: Satire