
දෙවැනි එලිසබෙත් රැජිණගේ මරණයත් සමගම ඇය මෙන්ම ළඟින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් ද සටහන් රැසක් පළවෙනවා. රැජිණගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර 19 දින, ලංකාවේද ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට ලක්කර තිබෙනවා.
රැජිණ විසින් සුරතලයට ඇති කරන ලද සතුන් සහ ඔවුන්ගේ ඉරණම කුමක්වේද යන්න පිලිබදව සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන කණ්ඩායම්වල අවධානයට ලක්ව තිබෙනවා. එවන් වටපිටාවක් තුළ රැජිණ සුරතලයට ඇති කල සුනඛයන් කිහිප දෙනෙක් හෙලිකොප්ටරයක් මගින් රැගෙන එන ආකාරය දැක්වෙන බව සදහන් සේයාරූ කිහිපයක් සමාජ ජාලාවල පැතිරෙනවා.මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව, ස්කොට්ලන්තයේ Balmarol හි පිහිටි මැදුරේ සිට රැජිණගේ සුරතල් සුනඛයන් හෙලිකොප්ටරයක් මගින් බකින්හැම් මැදුර වන රැජිණගේ නිල නිවෙස වෙත ගෙන එන බවක් හැගවෙනසේ සමාජ ජාලා සටහන් සැකසී තිබුණේ මෙලෙසයි.
“බ්‍රිතාන්‍ය රැජිනගෙ යාලුවො ටික එයා නැතුව ගෙදර එනවා. රැජිනගේ අසමසම ආදරණීය මිතුරන්. බ්‍රිතාන්‍ය රාජ්‍යය ඇතුළත රැජින වාසය කරන්න කොතනද ඒ මාලිගාවන් හැම තැනකටම කාලෙන් කාලෙට හිටපු සුමීතුරෝ අරන් ගියා”

“රැජිනගෙ යාලුවො ටික එයා නැතුව ගෙදර එනවා” යනුවෙන් ඒ සම්බන්ධ තවත් සටහන් පළව තිබුණේ මේ අයුරින්.

මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
මේ පිලිබදව අප මුලින්ම keyword search සහ Google reverse image search සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම සේයාරුව 1993 වසරේදී ලබාගත් එකක් බවයි.Getty Images හි කෙටි විස්තරයක් සමගින් එම ඡයාරුපය දක්නට ලැබුණේ පහත ආකාරයෙන්.

මේ අනුව පැහැදිලි වන කාරණය නම් ,මෙම සේයාරුව මගින් නිරුපණය වන්නේ රැජිණගේ මව ජිවත්ව සිටි කාලයේ දී, රැජිණගේ මවගේ සුරතලුන්ව සිටි සුනඛයන් කිහිප දෙනෙක්ව Balmoral හි පිහිටි රජ පවුලේ ගිම්හාන නවාතැනේ සිට ලන්ඩන් හි බකින්හන් මාලිගයට පැමිණෙන අතරවාරයේ දී ලන්ඩනයේ Heathrow ගුවන් තොටුපොළේ දී ගුවන් යානයකින්න් පිටතට ගෙන එනු ලබන අවස්ථාවකි.
මෙම සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ Corgi වර්ගයට අයත් සුනඛයන් ය. මෙවන් සුනඛයන් දෙවැනි එලිසබෙත් රැජින ගේ සුරතල් සතුන් ලෙසත් සිටියාද ? මේ පිලිබදව AFP පුවත් සේවයට අදහස් දැක්වූ රැජිණගේ එක් දරුවෙක් වන Andrew කුමාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසන්නේ මිය යන අවස්ථාව වන විට දෙවන එලිසබෙත් රැජිණගේ සුරතල් සුනඛයන් 4 දෙනෙක් සිටි බවයි. ඉන් දෙදෙනෙක් Corgi වර්ගයේ සුනඛයන් වන අතර එම සුනඛයන් දෙදෙනාව Andrew කුමාරයා විසින් අනාගතයේදී රැකබලා ගනු ඇති බවයි.
අනෙත් සුනඛයන දෙදෙනාට සිදුවන්නේ කුමක්ද? බ්‍රිතාන්‍ය සහ එහි රජපවුල පිළිබදව බොහෝ කාලයක් හදාරා ඇති වර්ජිනියා පොදුරාජ්‍ය මණ්ඩල විශ්ව විද්‍යාලයේ සහාය මහාචාර්යවරියක් වන Brooke Newman ඒ පිලිබදව අදහස් දක්වමින් පවසා ඇත්තේ එම සුනඛයන් දෙදෙනාව බොහෝ දුරට රජ පවුලේ අනෙත් සාමාජිකයන් විසින් ඉදිරියේදී ඇති දැඩි කරනු ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වන AFP වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived.
රජ පවුල ආශිතව කලක සිටම හැදෙන වැඩෙන Corgi සුනඛයන් පිලිබදව කෙටි වීඩියෝවක් පහතින්.
Corgi සුනඛයින් සහ දෙවන එලිසබෙන් රැජිනගේ ද දැඩි ලෙන්ගතුකමක් තිබු අතර ඒ පිලිබඳ පළවූ ලිපියක් මෙතනින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුයේ දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව ස්කොට්ලන්තයේ සිට ලන්ඩනයට නැවැත පැමිණෙන ඇයගේ සුරතල් සුනඛයන් ලෙස සමාජ ජාලා හරහා පැතිරෙන සේයාරුව නොමගයවන සුලු බවයි.
එමගින් සැබැවින්ම නිරුපණය වන්නේ දෙවන එලිසබෙත් රැජිණගේ මවගේ Corgi වර්ගයේ සුරතල් සුනඛයින් , ස්කොට්ලන්තයේ පිහිටි රජ පවුලේ ගිම්හාන මන්දිරයේ සිට නැවැත ලන්ඩනයට ගුවන් යානයක නංවා ප්‍රවාහනය කර ලන්ඩන් Heathrow ගුවන් තොටුපොලේදී ගුවන්යානයකින් පිටතට ගෙන එන අයුරියි. මෙය 1993 දී ගන්නා ලද ඡයාරූපයකි .

Title:එලිසබෙත් රැජිණගේ මරණයෙන් පසුව ඇයගේ සුරතලුන් බැකිංහම් මාළිගයට පැමිණෙන අයුරු? (PHOTO)
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,