දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප ව්‍යාජ අර්ථකතන පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ඇතැම් අවස්ථාවල දී සංසරණය වනු ලබනවා. එවැනි තොරතුරු පිළිබඳ විධිමත් කරුණු පරීක්ෂාවක් සිදු නොකට පිළිගැනීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් අසත්‍ය තොරතුරු බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලබනවා. මේ අතර ජාත්‍යන්තරයේ සිදුවන සිදුවීම් අරඹයා බහුල වශයෙන් අසත්‍ය තොරතුරු පැතිරෙනු ලබයි. එලෙසින් විද්‍යාඥයෙක් සම්බන්ධ පළ වූ අසත්‍ය සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ලොව සියලුම ආගම් සහ එහි හරයන් හෑල්ලුවට ලක්කළ මහා විද්‍යාඥයකු වන ස්ටීවන් හොකින් තම මරණ මංචකයේදී ප්‍රකාශ කලේ "මම දැන් විශ්වාස කරමි" යන්නයි ...ධනයෙන් බලයෙන් ඔලුව ඉදිමුනු හුගාක් අයට මේක ලොකු පාඩමක් යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වුණා.

ඔබ දෙවියන් සොයාගෙන ගියා. මම විද්‍යාව සොයාගෙන ගියා. ඔබට තව කල් තියනවා. මට කාලයක් නෑ. මට යන්න කාලය ලන්වෙලා. ඔබ යන්න ඉන්න තැනට මට කලින් යන්න ලැබෙනවා නම් මම සතුටුයි. මා වෙනුවෙන් යාච්ඥා කරන්න” යනුවෙන් ස්ටීවන් හොකින් විසින් පාප්තුමන්ට ප්‍රකාශයක් සිදු කළ බව ද, එහි වැඩි දුරටත් දක්වා තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ස්ටීවන් හොකින් තම මරණ මංචකයේදී ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් සිදු කළා ද යන්න පිළිබඳ අප විමසා බැලීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින් (Stephen Hawking) 2018 මාර්තු මාසයේදී වයස අවුරුදු 76ක් ආයු ලබා ජීවිතක්ෂයට පත් වුණා.

හෝකින් යනු දිගුකාලීන හා කැපී පෙනෙන අදේවවාදියෙකු (atheist) වූ අතර ඔහු විශ්වයේ මූලාරම්භය සහ දිව්‍යමය මැවුම්කරුවෙකු පිළිබඳ සංකල්පය සහ ඔහුගේ අදහස් ගැන සමාජයේ කතා බහට ලක් වුණා. ඔහුගේ මරණයෙන් පසු වොෂින්ටන් පෝස්ට් ලේඛනගත කර ඇති පරිදි, හෝකින් 2011 වර්ෂයේදී ගාඩියන් පුවත්පතට පැවසුවේ තමා මරණින් මතු ජීවිතයක් හෝ ස්වර්ගයක් විශ්වාස නොකරන බවටයි. අඳුරට බිය වන මිනිසුන්ට එය සුරංගනා කතාවක් බව ද, ඔහු සඳහන් කර තිබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

2010 දී ඔහු ABC ප්‍රවෘත්ති සේවයට මෙසේ පැවසීය: "දෙවියන් වහන්සේ නොමැති බව කෙනෙකුට ඔප්පු කළ නොහැක, නමුත් විද්‍යාවට දෙවියන් වහන්සේ අනවශ්‍යයි”. ඒ පිළිබඳ පළ වූ ලිපිය මෙතනින්. Archived Link

හෝකින්ග් ඔහුගේ මරණයට පෙර ජීවිත කාලය පුරාවටම එම මතවලින් බැහැර වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමෙන් පසු ඔහුගේ ඇදහිල්ල පිළිබඳ හෝ දෙවියන් අදහස බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඔස්සේ කළ නිරීක්ෂණයේ දී ද, තහවුරු වුණා.

හොකින්ස්ගේ මරණයට වසර දෙකකට පෙර පාප් වහන්සේ හමුවූ අවස්ථාවක ඡායාරුපයක්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන Facebook සටහනේ ඡායාරූපයේ දැක්වෙන්නේ හෝකින් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2016 නොවැම්බර් මාසයේදී වතිකානුවේදී සාකච්ඡාවක යෙදී සිටින ආකාරයයි. එනම් මෙය හොකින්ගේ මරණයට වසර දෙකකට පෙර හමුවකි.

හෝකින්ස් ඇතුළු ලොව පුරා විශ්ෂ්ඨ විද්‍යාඥයන් රැසක් Pontifical Academy of Sciences සාමාජිකයින් වශයෙන් මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා ලබා තිබුණා. 1968 දී හයවන පෝල් පාප්තුමා විසින් ස්ටිවන් හෝකින්ට මෙම ඇකඩමියේ සමජිකත්වය ලබා දී තිබුණා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්

එසේම අවස්ථා කිහිපයක දී ම ස්ටීවන් හෝකින්ස් වතිකානුවේ දී පාප් වහන්සේ ලා මීට පෙර ද හමු වී තිබෙනවා.

https://youtu.be/ouCDZJTqXDA

කෙසේවෙතත් 2016 වසරේ දී , ඊට පෙර හෝ පසුව ඔහුගේ මරණය තෙක්ම හොකින්ස් කිතුණු දහම වැළඳ ගත් බවට කිසිඳු සාක්ෂියක් දැකගන්නට ලැබෙන්නේ ද නැහැ.

The Pontifical Academy අරමුණු අතර ඇදහිල්ල සහ හේතුව අතර අන්තර්ක්‍රියාකාරිත්වය පෝෂණය කිරීම සහ විද්‍යාව සහ අධ්‍යාත්මික, සංස්කෘතික, දාර්ශනික සහ ආගමික වටිනාකම් අතර සංවාදය දිරිමත් කිරීම යනාදිය ඇතුළත් වනවා. මේ ආකාරයෙන් විද්‍යාව සහ ඇදහිලි ක්‍රම අතර සංවාදය පෝෂණය කිරීමට, දශක ගණනාවක් තිස්සේ හොකින් දායකත්වය ලබා දුන්න ද, ඔහු මිය යනතුරුත් අදේවවාදියෙකු ලෙස ස්ථීරව සිටියා.

අදේවවාදීන් ඉලක්ක කරගනිමින් මීට පෙර ද මෙවැනි සටහන් රැසක් පළව තිබෙනවා

හෝකින්ග්ගේ මරණ මංචකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වලට සමාන ව්‍යාජ කතා මාලා බහුලව සංසරණය වී තිබුණා. නිදසුනක් ලෙස, 2011 දී ලේඛක Christopher Hitchensගේ මරණයෙන් පසු විවෘත අදේවවාදියෙකු සහ සංවිධානාත්මක ආගමේ විවේචකයෙකු වූ ඇමරිකානු එවැන්ජලිස්ත ක්‍රිස්තියානි ලේඛක ලැරී ඇලෙක්ස් ටවුන්ටන් මතභේදාත්මක පොතක් ප්‍රකාශයට පත් කර තිබුණා, එහි ඔහු කියා සිටියේ හිචන්ස් esophageal පිළිකාවෙන් මිය යමින් සිටියදී ඔහුගේ ආගමික විශ්වාසය නැවත ඇගයීමට ලක් කළ බවයි. මෙම පොත හිචන්ස්ගේ මිතුරන් විසින් පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරන ලද අතර දැඩි ලෙස විවේචනය කරන ලදී. ඊට පෙර, පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් සහ තාරකා විද්‍යාඥ Carl Sagan විසින් ක්‍රිස්තියානි ආගමට පරිවර්තනය වූ බවටද, ව්‍යාජ තොරතුරු පැතිර තිබුණා.

මෙම ෆේස්බුක් සටහන සුප්‍රසිද්ධ අන්‍යාගමිකයන් ගැන ගොතන ලද ප්‍රකාශවල තවත් එකක් බවටයි ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායමක් වන ස්නොප්ස් වාර්තා කරනු ලබන්නේ.

ව්‍යාජ මූලාශ්‍ර යොදා ගැනීම සම්බන්ධයෙන් අපකීර්තියක් උසුලන වෙබ් අඩවියක් වන FrancisMary.org හා සම්බන්ධ ෆේස්බුක් පිටුවකින් ඉහත ව්‍යාජ සටහන නිර්මාණ කර ඇති අතර, එය කතෝලික පල්ලිය සමඟ විධිමත් සම්බන්ධයක් නොමැති බව පෙනෙන අතර පල්ලියේ දේව මෙහෙයකදී ජේසූස් ක්‍රිස්තුස් වහන්සේ මාංසයෙන් පෙනී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට, clickbait ලිපි පළ කරයි. සුදු අශ්වයෙකු පිට සිටින දේවදූතයෙකු ඊශ්‍රායලයේ සටන් කරන බවට වැනි ව්‍යාජ වීඩියෝ නිර්මාණය කර තිබේ. එම වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

මේ පිළිබඳව සිදු කර ඇති වෙනත් ජාත්‍යන්තර කරුණු විමර්ශනයන් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, විශ්ෂ්ඨ විද්‍යාඥයකු වූ ස්ටීවන් හොකින් විසින් සිය මරණ මංචකයේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදය හේතුවෙන් කිතුනුවෙකු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි.

අදේවවාදයෙකු (Atheist) වූ සුප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හොකින් 2018 මාර්තු මාසයේදී ජීවිතක්ෂයට පත් වන තෙක්ම එම මතයේම සිටි අතර කිතුණු දහම වැළඳ ගත් බවට කිසිඳු සාක්ෂියක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ඡායාරූපයේ පෙන්වන්නේ 2016 නොවැම්බර් මාසයේ දී ලොව පුරා විශ්ෂ්ඨ විද්‍යාඥයන් රැසක්, Pontifical Academy of Sciences සාමාජිකයින් වශයෙන් ඇරයුම් ලබා වතිකානුවට පැමිණි අවස්ථාවක දී හෝකින් සහ ෆ්‍රැන්සිස් පාප් වහන්දේ කෙටි සාකච්ඡාවක යෙදුණු අවස්ථාවක්. 2016 වසරේ දී , ඊට පෙර හෝ පසුව ඔහුගේ මරණය තෙක්ම හොකින්ස් කිතුණු දහම වැළඳ ගත් බවට කිසිඳු සාක්ෂියක් දැකගන්නට ලැබෙන්නේ ද නැහැ.

ව්‍යාජ මූලාශ්‍ර යොදා ගැනීම සම්බන්ධයෙන් අපකීර්තියක් උසුලන වෙබ් අඩවියක් වන FrancisMary.org හා සම්බන්ධ ෆේස්බුක් පිටුවකින් ඉහත ව්‍යාජ සටහන නිර්මාණ කර ඇති බවට ස්නෝප් ජාත්‍යන්කර කරුණු විමර්ශක කණ්ඩායම විසින් පෙන්වා දී තිබේ.

Avatar

Title:ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූවාද?

Fact Check By: Pavithra Sandamali

Result: False