
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“බෞද්ධයන්ට පෝයවල් 12ක් තියෙනවා. ඉතින් එක පෝයක් කළු කළා කියලා ප්‍රශ්නයක් නෑනේ. ඒකයි අපි වෙසක් එක කළු කළේ. ඒ වුනාට කතෝලිකයන්ට තියෙන්නේ නත්තල විතරයි. ඒ නිසා කළු නත්තලක් සමරන්න අවශ්‍ය නැහැ. නත්තල සුපුරුදු විදියට ලස්සනට උත්සවශ්‍රීයෙන් සමරන්න. ඒ වගේම ජීසස් වහන්සේගේ ඡායාරූප කළු පාටින් ඇදලා අපහාස කරන්න එපා කියලත් මම හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ දෙවියන්වහන්සේගේ දරුවා බව මතක තියාගන්න“ යනුවෙන් ජීවන්ත පීරිස් කතෝලික පියතුමන් පැවසූ බවට දක්වමින් චිත්‍රයකට නගා තිබූ බුදු රුවක් කළු පැහැති තීන්ත ආලේපයකින් විනාශ කර ඇති බවට හඟවමින් ජීවන්ත පීරිස් පියතුමන්ගේ ඡායාරූපය ද, සමගින් ඡායාරූපයක් දක්වා තිබුණේ මෙලෙසින්.

මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ජීවන්ත පීරිස් කතෝලික පියතුමන් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කළ බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ ඉහත සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අමිල ජීවන්ත පීරිස් කතෝලික පියතුමන් විසින් මෙවන් ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කර තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කළා.
පියතුමන් නත්තල පිළිබඳ සිදුකළ පණිවුඩයක් මෙතනින්. මෙහිදී පිඩිත පන්තියේ අරගලයක් කරා යොමුවීමේ අවශ්‍යතාව පිළිබඳ ජීවන්ත පීරිස් පියතුමන් පැවසුවද, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නැති බව අපට දැක ගන්නට ලැබුණි.
මේ පිළිබඳව අප අමිල ජීවන්ත පීරිස් පියතුමන්ගේ විමසීමක් සිදු කළා. පියතුමන් සඳහන් කළේ, මෙවන් ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක තමන් සිදු නොකළ බවයි.
Also Read : අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?
Abstract චිත්‍ර ශෛලියට විමුක්ති සහන් චිත්‍ර ශිල්පියා සිදුකළ නිර්මාණයක්!
එමෙන්ම ඉහත ඡායාරූපයේ බුදුරුව සම්බන්ධයෙන් ද, අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එම අවස්ථාව ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝගම අරගලය පැවති සමයේ ගෝඨාගෝගම ට සිදුකළ ප්‍රහාරයෙන් පසු, මුලුමනින්ම ගිනිබත් වූ ගෝඨාගෝගම චිත්‍රාගාරය පෙර තිබූ ස්ථානය, අපරාධ ස්ථානයක් සේ වටකොට ඉහත චිත්‍රය තබා තිබූ බවයි.
විමුක්ති සහන් නම් චිත්‍ර ශිල්පියා විසින් මෙලෙසින් අරුමැසිවාදී නැතහොත් Abstract (non-objective) ශෛලියට මෙම සිතුවම නිර්මාණය කොට ස්ථාපිත කර තිබුණා.
Abstract Art යනු නාගරික, ප්‍රභු කලාවේ අංගයක් ලෙස වැඩි ප්‍රචලිත වූවකි. එහි පැවැත්ම හා අභ්‍යන්තර අර්ථ දැක්වීම එය ස්ථානගත කරන ස්ථාන මත තීරණය වේ. ගෝඨාගෝගම පැවති චිත්‍රාගාරය ට ගිනි තැබීම බුදුන්ගේ අවිහිංසාවාදී දහම පුලුස්සා දැමීමකට සම කිරීම සඳහා මෙය මෙම ස්ථානයේ එකළ සවි කළ බවත්, මෙම චිත්‍ර ශෛලිය පිළිබඳ නොදන්නා බොහෝ දෙනා මේ පිළිබඳ වැරදි අර්ථකතන ලබා දී තිබු බවටත් ඇතුළු කරුණු ඇතුළත්ව පසුගිය මැයි මාසයේ දී පළවූ සටහනක් මෙතනින්. Archived Link
2018 වසරේ දී විමුක්ති සිදුකළ නිර්මාණයක්!
කෙසේ වෙතත් මෙම චිත්‍රය නිර්මාණය කළ විමුක්ති සහන් නම් චිත්‍ර ශිල්පියාගෙන් මේ පිළිබඳව අප විමසා සිටියා. ඔහු සඳහන් කළේ, 2018 වසරේ තමන් විසින් නිර්මාණය කළ මෙම ඡායාරූපය එකළ ඥාණසාර හිමියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ පිළඹිඹු කළ බවත්, මෙම අරුමැසිවාදී ශෛලියට (Abstract Art) කළ නිර්මාණය ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වඩාත් ගැළපුණ බවත්, ඒ හේතුවෙන් එම නිර්මාණය ගෝඨාගෝගම දී ප්‍රදර්ශනයට තබා තිබූ බවයි.
නමුත් බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණේ, ගෝඨාගෝගම චිත්‍රාගාරය ගිනිබත් වූ පසු එම අළු වලින් මෙම නිර්මාණය කර තිබූ බවත්, එය අසත්‍ය බවත්, මීට පෙර 2018 වසරේ තමන් කළ නිර්මාණය එදින ප්‍රදර්ශනයට තබා තිබූ බවයි විමුකත් සහන් වැඩි දුරටත් පවසා සිටියේ.
චිත්‍ර ශිල්පී විමුක්ති සිය ශෛලීන් පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්.
විමුක්ති 2018 වසරේ දී නිර්මාණය කළ එම සිතුවම මෙතනින්. තවත් එවැනි නිර්මාණ රැසක් ද ඔහු මේ ආකාරයේ Abstract ශෛලියට සිදුකර කර තිබෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” ගැන අරගලයේ ජීවන්ත පීරිස් පියතුමා පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් අසත්‍ය බවයි.
අමිල ජීවන්ත පීරිස් කතෝලික පියතුමන් විසින් එවන් ප්‍රකාශයක් සිදු කර තිබුනේ නැහැ. ඉහත බුදුන්ගේ ඡායාරූපය විමුක්ති සහන් නම් චිත්‍ර ශිල්පියා විසින් අරුමැසිවාදී නැතහොත් Abstract (non-objective) ශෛලියට නිර්මාණය කොට, ගෝඨාගෝගම ට සිදුකළ ප්‍රහාරයෙන් පසු, මුලුමනින්ම ගිනිබත් වූ ගෝඨාගෝගම චිත්‍රාගාරය තිබූ ස්ථානයේ ස්ථාපිත කර තිබුණි. විමුක්ති මෙම සිතුවම නිර්මාණය කර තිබුනේ 2018 වසරේ දී යි.

Title:ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත් ගැන ජීවන්ත පීරිස් පියතුමාගෙන් ප්‍රකාශයක් ?
Fact Check By: Pavithra SandamaliResult: False