දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා එන්නත්කරණය සඳහා කටයුතු කරමින් සිටින බවට, රීමා ලයිබෝ නම් වෛද්‍යවරියක් විසින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රැගත් වීඩියෝවක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම ට කටයුතු කරන බවට WhatsApp ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝව පහතින්.

එම වීඩියෝව පහතින්.

මෙම සටහන් රැසක් ෆේස්බුක් ඔස්සේ ද හුවමාරු වී තිබු අයුරු පහතින්.

එහි සඳහන් වූ කරුණු පහතින්.

2009 වසරේදී අමෙරිකානු වෛද්‍යවරියක් වර්තමානය ගැන කියූ ඇඟ කිළිපොළා යන අනාවැකිය-Dr.Rima E.Laibow. දැනට ලොකු වැඩසටහනක් දියත් වෙනවා ලෝක ජනගහණය බලෙන් යම් යම් ප්‍රතිකාර ක්‍රම වලට යොමු කරවන්න. විශේෂයෙන්ම එන්නත් (වැක්සීන්) අපිට පෙනෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) යටතේ එන වෛද්‍යමය ස්වභාවයකින් ඒකාධිකාරී කුරිරු පාලනයක්. කවුද මේක පිටිපස්සේ ඉන්නේ? බිල්ඩර්බර්ග් නමැති කණ්ඩායමයි(The Bilderberg group)ඔවුන්ට අවශ්‍ය ඒකාධිකාරී පාලනයක් මාර්ගයෙන් ලෝක ජනගහණය මර්ධනය කරන්නයි. ඔවුන් එය කරන්න සූදානම් වෙන්නේ බටහිර වෛද්‍ය සහ සෞඛ්‍ය අංශ හරහායි.ඒක තමයි මේ එන්නත් වලට මෙච්චර වැදගත් කමක් දෙන්නේ. අපි හොඳටම දන්නවා මේ එන්නත් බොහොමයක ඉතා බරපතළ අතුරු ආබාධ තියෙන බව. එන්නතර හදලාම තියෙන්නේ ඔබට තේරෙන්නේවත් නැතුව සෙමින් සෙමින් ඔබව මරණයට පත් කරන්න. ඒකට ඒගොල්ලෝ කියන්නේ සුමට ඝාතනය කියලා. මම දන්නා විශේෂ පුද්ගලයෙක් ඉන්නවා ඔබ අනිවාර්යයෙන් කතා කළ යුතු. වෛද්‍ය රීමා ලේබෝ. නමුත් ඇය ජීවත් වෙන්නේ ඇමරිකාවේ නෙමෙයි මොකද ඇය මේ කැලෑ නීතිය තියෙන රටේ තත්ත්වය දන්න නිසා. ඔබ නැවත ඇමරිකාවේ පදිංචියට එන්නේ නැද්ද? නැහැ, කොහෙත්ම නැහැ! ඔබගෙයි මගෙයි සංවාදය අවසන් වුන ගමන් මම නැවත රටෙන් පිටවෙනවා. ඒ මොකද? තව ටික කාලෙකින්, අද හෙටම නෙමෙයි, නොබෝ කාලෙකින් අපිට අනිවාර්ය කරන ලද එන්නත් කිරීමකට හසු වෙන්න සිදු වෙනවා. මේක බලෙන් කරාට පෙන්නන්නේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ම කරගන්නා දෙයක් විදියටයි. ඉතින් මොකක්ද ඒ එන්නත් කිරීමේ තියෙන නරක? ඒකට උත්තර දෙන්න කලින් කියන්න ඕනි ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා. ලෝක ජනගහණයෙන් 90%ක්ම අනවශ්‍ය බව. ලෝක සෞඛ්‍ය සංවිධානය 1974 වසරේ සිටම එන්නත් නිෂ්පාදනය කරනවා මිනිස්සුන්ව සදහටම සුන්නත්කරණය කරන්න. ඔබතුමිය කියන දෙය හරිම ආන්දෝලනාත්මකයි නේ? කොහොමද අපි විශ්වාස කරන්නේ? මට පුළුවන් ඕනෙම කෙනෙකුට අදාළ ලියකියවිලි සාක්ෂි පෙන්වන්න. මේක මට අදහා ගන්නත් බැහැ. මේකේ මූලික අදියර දැනටමත් පටන් අරගෙන තියෙන්නේ. කොච්චර නරකද කියනවා නම් අපි දන්නවා හොර පාරේ නීති විරෝධිව අනුමත වුන එන්නත් වල Squalene නම් රසායනයක් තිබෙනවා. Squalene යනු එන්නත් වලින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතික්‍රියාව වඩාත් ත්‍රීව කිරීමට යොදා ගන්නා විසසහිත කාබනික සංයෝගයකි. (adjuvant).

මම ඔබව Squalene විද්දොත්, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පළමුව ඒ විගසට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් එය එතනින් නතර වෙන්නේ නැහැ. ශරීරයේ ඔබේම අවයව වලටත් පහර දෙන්න පටන් ගන්නවා. ඔවුන් වසංගතයකට මග පාදා ගන්නවා නාසයට විදින බෙහෙතකින්. (PCR කියලා කරේ මේකද?) මේකේ ඇත්තටම තියෙනවා සජීවි මදක් බෙලහීන කරන ලද වෛරසයක්. ඒ කියන්නේ මම එ්ක ගත්තොත් මට උණ රෝගය වැළදෙනවා, ඔබ ඇතුළු අප වටේ අන් අයටත් බෝ වෙනවා. එතකොට මොකුත් දන්නේ නැහැ වගේ කරලියට එන අමෙරිකානු රජය, "අයියෝ මේ මොකද වුනේ, මේක ලොකු වසංගතයක් අපිට තව එන්නත් ඕනි!" කියනවා. අන්තිමට වෙන්නෙ මොකක්ද? දෙවන ලෝක යුද්ධය කාලේ වුනා වගේ මහා පරිමාණයේ ජන සංහාරයක්!

මිනිස්සු හැම තැනම ලෙඩ වෙලා මැරිලා වැටෙනවා. ඒකෙන් බේරුනත්, බේරෙන අයගෙත් ප්‍රජනන හැකියාව නැතිවෙනවා. ඉතින් මෙහෙම සංහාරයක් වෙද්දී මිනිස්සු නිකං ඉඳයිද? ඔවුන් බිම් මට්ටමේ ඉඳලා අරගල කරයි නේද? ඔව්. නමුත් ඒවා තාවකාලිකයි. ඒවා මැඩපවත්වන්න ලක්ෂ 4.2ක පමණ අමෙරිකානු හමුදාවක් කැඳවනවා. මේ අයට දෙන අණ වන්නේ අරගලයකදී හෝ වසංගතයකදී ජනතාව නිවාස අඩස්සියේ තැබීම හෝ නිරෝධායන මධ්‍යස්ථාන වල ගාල් කිරීමයි. ඩොක්ටර්, ඔබතුමිය කියන්නේ මිනිස්සු මේ එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළොත්, බලධාරීන් ඔවුන්ව කඳවුරු වල ගාල් කර සිරගත කරනවා කියන එකද? ඔව් ඔබට කැළැගත වෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා.

මෙය තවත් අනාවැකියක් ද? පසුගිය වසර කිහිපය තුළ අපි සියලු දෙනා අත්දුටු දෙයක්ද? නැතිනම් නුදුරු අනාගතයේ වෙන දෙයක්ද ? තීරණය ඔබ සතුයි.

මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් ම මෙම වීඩියෝවේ මූලාරම්භය සෙවීම සඳහා “Key word” සෙවීමක් සිදු කළ අතර එහිදී අපට මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූවා.

“Conspiracy Theory with Jesse Ventura” නම් TruTV වැඩසටහන “Secret Societies” වැඩසටහනේ 1 වන කථාංගයේ 5 වන කොටසේ වන අතර එහිදී Jesse Ventura විසින් Dr. Rima Laibow නම් වෛද්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක් මෙලෙස කතා බහට ලක් වී තිබුණි.

www.imdb.com | Archived Link

එමෙන් ම මෙය 2009 දෙසැම්බර් මස විකාශය වී ඇති අතර , වීඩියෝව නිර්මාණය කර ඇත්තේ 2008-09 කාලයේ පැතිර ගිය සූකර උණ සන්දර්භය තුළ වන අතර එය COVID-19 සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව මින් පැහැදිලි වේ. එමෙන් ම සූකර උණ එන්නත ස්ථිර වඳභාවයක් ඇති කළ බවට කිසිදු සාක්ෂියක් හමුවී ඇති බවට මෙතෙක් සාක්ෂියක් නොමැත.

වීඩියෝවේ සඳහන් ස්කොලීන් (Squalene) නම් ද්‍රව්‍ය ස්වභාවිකවම මිනිසුන්, සතුන් සහ ශාකවල දක්නට ලැබේ. Squalene යනු ශරීරයේ ඇතැම් හෝර්මෝන සහ අනෙකුත් ද්‍රව්‍ය නිපදවීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන අතර, මෙය අක්මාව තුළ නිපදවන අතර, සමේ ඇති ඉහළම ප්‍රමාණය සමඟ රුධිර ප්‍රවාහයේ සංසරණය වේ. සූකර උණ එන්නත් වල Squalene මත පදනම් වූ සහායක (ප්‍රතිදේහ වල ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම සඳහා) සොයා ගත හැක. කෙසේ වෙතත්, වාර්තා වන පරිදි COVID-19 එන්නත් වල ස්කොලීන් මත පදනම් වූ සහායක අඩංගු නොවන බවට සිදු කර ඇති අධ්‍යනයක් මෙතනින්. Archived Link | Archived Link

සම්පූර්ණ වඳභාවය ඇති කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් සූදානම් කර ඇති බව පෙන්වීමට මෙතෙක් කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. එමෙන් ම COVID-19 එන්නත් සම්පූර්ණ වඳභාවයට හේතු වන බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. මේ පිළිබඳ පළ වූ ජාත්‍යන්තර අධ්‍යන වාර්තාවන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

Also Read: FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

එසේම Jesse Ventura මිනසෝටා හි හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ අමෙරිකානු රූපවාහිනී නිවේදකයෙකි. 2009-2012 දී, ඔහු විවිධ කුමන්ත්‍රණ න්‍යායන් මත පදනම්ව TruTV සඳහා වැඩසටහන් පැවැත්වූ අතර, එය 'Conspiracy Theory with Jesse Ventura' (ජෙසී වෙන්චුරා සමඟ කුමන්ත්‍රණ න්‍යාය)ලෙස නම් කරන ලදී.

එමෙන්ම වෛද්‍ය රීමා ලයිබෝගේ සංවිධානය, ‘The Natural Solutions Foundation’ විවිධ කාලවලදී එක්සත් ජනපදයේ බලපත්‍ර රහිත ඖෂධ අලෙවි කර ඇත. 2014 වර්ෂයේ දී වෛද්‍ය රීමා ලයිබෝ විසින් Ebola වෛරසය සුව කළ හැකි බව පවසමින් වංචනික උපාය මාර්ගයක් මගින් ‘Nano-Silver’ ඖෂධය බෙදා හැර තිබුණි. ඒ පිළිබඳ පළ වූ අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳ කාර්යාලයීය වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක් මෙතනින්.

එමෙන් ම 2020 මුල් භාගයේදී ඇය කොරොන වෛරසය සඳහා ඖෂධ විකිණීමට ආරම්භ කර තිබූ අතර 2020 නොවැම්බර් 13 දින, ආහාර හා ඖෂධ පරිපාලනයේ ඉල්ලීම පරිදි, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඇයට සහ සංවිධානයට එරෙහිව සිවිල් පැමිණිල්ලක් ගොනු කර තිබුණා. පසුව, 2021 දෙසැම්බරයේ දී, ෆෙඩරල් අධිකරණයක් විසින් වෛද්‍ය රීමා ලයිබෝ සහ සංවිධානයට COVID-19 ප්‍රතිකාර ලෙස හුවා දක්වන අනුමත නොකළ ‘නැනෝ සිල්වර්’ නිෂ්පාදන බෙදා හැරීම නතර කරන ලෙස නියෝග කර තිබුණා. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් , මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

වඳභාවය ඇති කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් සූදානම් කර ඇති බව පෙන්වීමට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැත. මෙම වීඩියෝව "Conspiracy Theory with Jesse Ventura" නම් හැඳින්වූ සාකච්ඡාවක් වන අතර එහිදී නිවේදක Jesse Ventura විවිධ කුමන්ත්‍රණ න්‍යායන් පිළිබඳව සාකච්ඡා කරයි. මෙම වීඩියෝව 2008-09 දී පැතිර ගිය සූකර උණ සන්දර්භය තුළ නිර්මාණය කර ඇති වීඩියෝවක් වන අතර COVID-19 සමඟ කිසිදු සම්බන්ධයක් නැත. සූකර උණ එන්නත ස්ථිර වඳභාවයක් ඇති කළ බවට ද, කිසිදු සාක්ෂියක් නොමැත. සත්‍ය වශයෙන්ම, වර්තමාන COVID-19 එන්නත් සම්පූර්ණ වඳභාවයට හේතු වන බවට කිසිදු සාක්ෂියක් හමුවූ බවට මෙතෙක් සාක්ෂි නොමැත. Dr. Rima Laibow යනු කුමන්ත්‍රණ න්‍යායාචාර්යවරියකි, ඇයගේ සංවිධානය විවිධ කාලවලදී එක්සත් ජනපදයේ බලපත්‍ර රහිත ඖෂධ අලෙවි කර ඇත.

Also Read: Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

Avatar

Title:COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali

Result: False