
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ඉංග්‍රීසි බසින් භාවිත කරන ඇතැම් වචන, වෙනත් අරුත් ගැබ්ව ඇති කෙටි යෙදුම් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් සංසරණය වනවා. එලෙසින් පළ වූ නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“Sir” යන ඉංග්‍රීසි බසින් සිදු කරන ආමන්ත්‍රණයේ සැබෑ අර්ථය වන්නේ “Sir = Slave i remain” නැතිනම් සිංහල බසින් අරුත් ගැන්වෙන “මම ඔබේ වහලෙක්මි” යන්න බවට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

මෙම සටහනේ දැක්වෙන්නේ සත්‍යයක් ද, යන්න පිළිබඳව ද, ඇතැම් පිරිස් මෙලෙසින් විමසා තිබෙනු ද, අපට දැක ගන්න ට ලැබුණා. Archived Link
මේ හේතුවෙන් මෙහි සත්‍ය පිළිබඳ නිවැරදි තොරතුරු ගෙන එන්නට අපි පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
‘Sir’ යන ඉංග්‍රීසි වචනය ‘Slave I Remain’ යන්නෙහි කෙටි යෙදුමක් දැයි අන්තර්ජාලය ඔස්සේ පිළිගත හැකි සාක්ෂි ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කළ ත්, ඊට සහය පළ කරන කිසිදු තොරතුරක් අපට හමු නොවුණි.
මේ හේතුවෙන් අප කේම්බ්‍රිජ් ශබ්දකෝෂය ඔස්සේ ‘Sir’ ඉංග්‍රීසි වචනය අරුත් ගන්වා ඇත්තේ කෙලෙස ද, යන්න පරීක්ෂා කළා. ඒ අනුව, ‘Sir’ යනු “මිනිසෙකුට, විශේෂයෙන් ඔබ සේවයක් සපයන හෝ අධිකාරී තනතුරක සිටින පුද්ගලයෙකුට විධිමත් හා ආචාරශීලී ලෙස කතා කරන නාම පදයක්” ලෙස සඳහන් කර ඇති අයුරු දක්නට ලැබුණා.

dictionary.cambridge | Archived Link
තවත්, ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල ‘Sir’ යන්න අරුත් ගන්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
එමෙන් ම අප ඉංග්‍රීසි වචනවල මූලාරම්භය විස්තර කරන වෙබ් අඩවියක් වන etymonline.com හිද, ‘Sir’ යන වචනයේ අර්ථය පිළිබඳ පරීක්ෂා කළා. එහි සඳහන් කර තිබුණේ, ‘Sir’ යන වචනය පැරණි ප්‍රංශ වචනයක් වන ‘sire’ යන වචනයෙන් බිඳී ආ බවකි.
නයිට් පදවිය දැක්වීමට නමක් ඉදිරියෙන් ‘sire’ යන නාමය තබා ඇත. ‘Sire’ යනු ලතින් වචනයක් වන එහි අරුත සීනියර් යන වචනය වන අතර එහි තේරුම ‘වැඩිහිටි’ යන්නයි.

ඒ අනුව ‘Sir’ යනු කිසිදු වචනයක කෙටි යෙදුමක් නොවන බව ට තහවුරු වේ.
මේ පිළිබඳ තවත් කරුණු විමර්ශන කණ්ඩායමක් ඉංග්‍රීසි බසින් සිදු කර තිබූ කරුණු විමර්ශනය මෙතනින්.
Also Read : Hellow (හෙලෝ) යනුවෙන් පිළිතුරු දෙන්නේ දුරකථනයේ නිර්මාතෘගේ පෙම්වතියගේ නම මාග්‍රට් හෙලෝ වූ නිසා නොවේ!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “Sir” යන ඉංග්‍රීසි බසින් සිදු කරන ආමන්ත්‍රණයේ සැබෑ අර්ථය වන්නේ “Sir = Slave i remain” නැතිනම් සිංහල බසින් අරුත් ගැන්වෙන “මම ඔබේ වහලෙක්මි” යන්න බවට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන නොමග යන සුළුයි.
‘Sir’ යනු “මිනිසෙකුට, විශේෂයෙන් ඔබ සේවයක් සපයන හෝ අධිකාරී තනතුරක සිටින පුද්ගලයෙකුට විධිමත් හා ආචාරශීලී ලෙස කතා කරන නාම පදයකි. එමෙන් ම එය ප්‍රංශ වචනයක් වන ‘sire’ යන වචනයෙන් බිඳී ආ බවකි.
