දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

හිස මුඩු තරුණියන් සිව් දෙනෙක් සිනහ සෙමින් සිටින ආකාරය සමාජ ජාලා වල හුවමාරුවූ අතර ඒ හා බැදුණු සටහන් මගින් කියවුනේ ඔවුන් පිළිකා රෝගයෙන් පෙළෙමින් මරණය අභියස සිටින බව සහ එය නොතකා සිනහසෙමින් සතුටින් ජීවිතය ගත කිරීම ආදර්ශවත් බවක්.

Facebook | Archived

මෙම සටහන් සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වමින් මෙම තරුණියන් ට ඉක්මන් සුවය පතා තිබු අතර මේ ආකාරයේ සටහන් බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

පිළිකා රෝගයේදී යොදාගන්නා ඇතැම් ප්‍රතිකාර ක්‍රමවල අතුරුඵලයක් ලෙස හිස කෙස් ගැලවී ගොස් හිස මුඩු බවට පත්වීම පිළිකා රෝගීන් රැසකගේ දක්නට ලැබෙන ලක්ෂණයක්. පිළිකා රෝගී තත්වයක දී වුවද ධනාත්මකව සිටීම වැදගත් වුවද බොහෝ දෙනා අනුමාන කර තිබු පරිදි මේ තරුණියන් සිව් දෙනා සැබවින්ම පිළිකා රෝගී තත්වයකින් පෙළෙන අවධියේ ලබාගත් ඡායාරුපයක් ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

අප රිවර්ස් ඉමේජ් සර්ච් ක්‍රමවේදය යොදාගනිමින් මෙම සේයාරුවේ පසුබිම් සහ එහි ඇත්ත කතාව සොයා බැලුවා .

වියට්නාමයේ ප්‍රධාන පුවත්පතක වෙබ් අඩවියේ 2016 වසරේ පළවුණු වාර්තාවක චීන සමාජ ජාලාවල බහුලව පැතිරුණු ,චීන ජාතික තරුණියන් සිව් දෙනෙක් සිටින මෙහි පසුබිම්කතාව විස්තරාත්මකව දක්වා තිබුණා.

එහි දැක්වෙන්නේ මෙය චීන තරුණියන් අතර එකල පැතිරෙමින් තිබුණු විලාසිතාවක් අනුව යමින් මොවුන් සතර දෙනාද ,සැලූන් එකකට ගොස් සිය හිස් මුඩු කරගෙන තිබුණු බවයි. ඔවුන් හිස මුඩු කරගන්නා ආකාරය දැක්වෙන සේයාරූ ද එම වෙබ් අඩවි වාර්තාවේ අන්තර්ගතයි. සැලූන් එකේ සේවකයන් විසින් හිස මුඩු කරගැනීම පිලිබදව දෙවරක් කල්පනා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කළත් ,ඔවුන් සිව් දෙනාගේ දැඩි ඉල්ලීම නිසා හිස් මුඩු කරන ලද බවත් එම වාර්තාවේ සදහන් .එම වෙබ් අඩවි වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්. Archived

මේ පිළිබඳව චීන ප්‍රධාන වෙබ් අඩවියක පළවූ වර්තාවක ඉංග්‍රීසි පරිවර්තනය මෙතනින්. එහි දක්වා ඇත්තේ ද මෙම කාන්තාවන් සිව් දෙනාම සජීවී විකෂනවලට සම්බන්ධ ක්ෂේත්‍රයේ නියැලිව සිටි තරුණියන් සිව් දෙනෙකු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ මෙම සේයාරුවේ සිටින තරුණියන් සතර දෙනා පිළිකා රෝගයෙන් පෙළෙමින් මරණය අභියස සිටින බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය සහ නොමගයවන සුලු බවයි.මෙහි සැබැවින්ම දැක්වෙන්නේ 2016 වසර ආසන්න වකවානුවේ චීනයේ තරුණියන් අතර පැතිරුණු විලාසිතා රැල්ලක් (Trend) එකකට අනුව හිස් මුඩු කරගත් තරුණියන් සිව් දෙනෙකි.

පිළිකා රෝගයෙන් පෙළෙන පිරිසක් නොවේ .

Avatar

Title:පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !

Written By: Fact Crescendo Team

Result: False