
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජයත් සමඟ, කෝපයට පත් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් විසින් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිවසට ගිනි තබා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප සහ වීඩියෝ වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිවස එරට ක්‍රීඩා ලෝලීන් විසින් ගිනි තබා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සහ වීඩියෝ සංසරණය වුණා.

එලෙසින් ගිනි තැබූ විරාට් කෝලිගේ නිවසේ වීඩියෝවක් ලෙසට පවසමින් YouTube ඔස්සේ පළ වූ වීඩියෝවක් පහතින්.
විරාට් කෝලිගේ නිවසට ගිනි තබා ඇති අයුරු බවට ඡායාරූප සමගින් දක්වා තිබූ තවත් FB සටහනක් පහතින්.

එමෙන් ම මෙම සටහන් සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බවට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යයි.

මෙම පුවත සත්‍යයක් ද යන්න පිළිබඳ අප විමර්ශනය සිදු කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ලෝක කුසලාන පරාජයෙන් පසු ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් විසින් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ නිවසට ගිනි තබා ඇති ට පුවතක් ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂාවට ලක් කළා.
එවැනි පුවතක් වාර්තා වී නොතිබූ අතර කිසිදු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නිවසක ගිනි තැබීමක් වූ බවට කිසිදු වාර්තාවක් නොවීය.
එමෙන් ම අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම ද,තහවුරු කළේ, කිසිදු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නිවාස ගිනි තැබීමක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවයි.
මේ හේතුවෙන් අප විරාට් කෝලිගෙ නිවස බවට දක්වා තිබූ වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව අනාවරණය වූයේ, Stock image/video (ඡායාරූප / වීඩියෝ එකතුවක් අඩංගු) නොමිලේ ලබා ගත හැකි, Pexels නමැති වෙබ් අඩවියකින් ඉහත වීඩියෝ දර්ශන ලබාගෙන තිබු බවයි. එම වීඩියෝව පහතින්.
එමනේ ම මෙම වීඩියෝව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුවල සඳහන් වූයේ, මෙම වෙබ් අඩවියේ ඉහත වීඩියෝව මුල් වරට උඩුගත කර තිබුණේ, 2020 වසරේ ඔක්තෝම්බර් 17 වන දා බවයි. ඒ අනුව මෙම වීඩියෝවේ දැක්වෙන ගින්න 2023 ලෝක කුසලාන තරඟයට පෙර වූ සිදුවීමක් බවට තහවුරු වේ.

එමෙන් ම ලෝක කුසලානයෙන් පසු තම ආරක්ෂාව සඳහා විරාට් කෝලි ඔහුගේ පවුලේ සමාජිකයින් සමගින් සිය නිවසින් පිටත් වන අයුරු පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මීට පෙර ඉන්දියානුවන් විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය වීමෙන් පසු ක්‍රීඩකයන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කළ අවස්ථාවන්(තව ත් අවස්ථාවක් මෙතනින්) නිසා මෙලෙසින් ඉහත අසත්‍ය සටහන නිර්මාණය කර ඇති බවට පැවසිය හැක.
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශතක තුනක් ද ලබාගැනීමට විරාත් කෝලි සමත් වූ අතර එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට පත්වුණේ, සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කර් (ශතක 49) පිහිටුවා තිබූ වාර්තාව ද, බිඳ දමමින්. එසේම තරඟාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ වීරත් කෝලියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිවසට ගිනි තබා ඇති පුවත අසත්‍ය බවයි. ඉහත වීඩියෝවේ සහ ඡායාරූප වල දැක්වෙන්නේ නොමිලේ ලබාගත හැකි වීඩියෝ එකතුවකින් (Stock Video) ලබා ගෙන තිබු නිවසක් ගිනිගන්නා දර්ශන පෙළකි. එසේම එය 2020 වසරේ පළ වී තිබූ වීඩියෝවකි.

Title:ලෝක කුසලානයෙන් පසු විරාට් කෝලිගේ නිවසට ගිනි තැබූ අවස්ථාවක වීඩියෝවක් ද?
Written By: Pavithra SandamaliResult: False
