ලෝක කුසලානයෙන් පසු විරාට් කෝලිගේ නිවසට ගිනි තැබූ අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජයත් සමඟ, කෝපයට පත් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් විසින් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලිගේ නිවසට ගිනි තබා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප සහ වීඩියෝ වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

රිකී පොන්ටින් , ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙවර එක්දින ලෝක කුසලාන තරඟාවලිය, නොයෙකුත් මාතෘකා ඔස්සේ කතිකාවතාවන්ට බඳුන් වූ තරඟාවලියක් ලෙස ඉතිහාසගත වෙනවා. අවසන් තරඟයෙන් පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කරමින්, හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

ඉන්දියාව ලෝක කුසලාන අවසන් තරගයේ ලද පරාජය සමරනමින් හිටපු පකිස්ථාන ක්‍රීඩකයින් නර්තනයේ යෙදෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව, විශේෂයෙන්ම ඉන්දියාව ඉලක්ක කරගනිමින් හුවමාරු වන විවිධ උපහාසාත්මක සහ අපහාසාත්මක සටහන් අතර, නොයෙකුත් අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු සහිත සමාජ ජාලා සටහන් ද දැකගන්නට ලැබෙනවා. සමාජ ජාලා සටහන්  අවසන් තරගය දක්වා අපරාජිතව සිට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරදා […]

Continue Reading

මෝඩි, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සමග සේයාරුවකට හෝ පෙනී නොසිට, ලෝක කුසලානය දී එසැණින් වේදිකාවෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා අවසන්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී, මේ දක්වා අපරාජිතව සිටි ප්‍රබල ඉන්දීය පිළ පරාජයට පත්කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගත්තේ මිලියන ගණනක්වූ ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු බිද හෙලමින්. ලාංකේය සමාජ ජාලා පරිශිලකයන්ද මේ සම්බන්ධ ව විවිධ සමාජ ජාලා සටහන් පළකර තිබුණා. සමාජ ජාලා […]

Continue Reading

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට ඉල්ලා අස්වන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපේක්ෂිත දක්ෂතා අතරට පැමිණීමට හැකියාවක් නොලැබුණු බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයට පත්වුණේ, ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට පමණක් ඉදිරියේ සිටිමින්. එසේම බංගලාදේශය – ශ්‍රී ලංකා ලෝක කුසලාන තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හට ලබාදුන් “Timed out” දවා […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සිදුකළ ප්‍රකාශයක් බවට හුවමාරු වන සටහන් මහේල ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ලෝක කුසලානයේ මුලික වටයේ තරඟ 9න් තරඟ 7ක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විශාලය පිලිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව මේ දිනවල සංසරණය වනවා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්‍රම් පවසා නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් […]

Continue Reading

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට මිලාන් රත්නායක ඇතුළත් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරඟාවලියේ ප්‍රථම තරඟය ආරම්භ කිරීමට දිනයක් තිබියදී ත් ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කිරීමට ප්‍රමාද වීම පිළිබඳ ක්‍රීඩාලෝලීන් අතර කතාබහක් නිර්මාණය වී තිබුණා. මේ අතර එම සංචිතය සඳහා, ප්‍රමෝද් මධුෂාන් වෙනුවට මිලාන් රත්නායක ඇතුළත් කර ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය […]

Continue Reading

පර්සි අන්කල්ගේ මරණයට පෙර, ඔහු මිය ගිය බවට ව්‍යාජ පුවත් හුවමාරු වී තිබු අයුරු!

Update: ලංකාවේ ක්‍රිකට් ලෝලීන් මෙන් ම ජාත්‍යන්කර ක්‍රිකට් ලෝලීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන, ‘පර්සි අන්කල්’ ලෙස ලොකු – කුඩා සැවොම හඳුනන පර්සි අබේසේකර මහතා, රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වූ බව, ඔක්තෝබර් මස 30 වැනිදා ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දුන්නා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මාස […]

Continue Reading

දසුන් ශානක විසින් දිමුත් කරුණාරත්න විවේචනය කරමින් ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුකළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඇත්තටම දිමුත් කියන්නෙ හොඳ නායකයෙක් […]

Continue Reading

IPL ඉතිහාසයේ එකම ලකුණක් වත් නොදී 20 වන පන්දුවාරය යැවූ ප්‍රථම පන්දු යවන්නා මහීෂ් තීක්ෂණ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල අවසන් අදියරේ පැවැත්වෙන IPL තරඟාවලිය පිළිබඳව ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරේ ද පවතින්නේ දැඩි උනන්දුවක්. විශේෂයෙන්ම ඉහළින් දස්කම් දක්වන කණ්ඩායමක් වන චෙන්නායි පිළේ පන්දු යැවීමේ අංශයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහිෂ් සහ මතීෂගේ දස්කම් දැකගැනීමට ලංකාවේ බොහෝ ක්‍රීඩා ලෝලීන් උත්සුක වී තිබෙනවා. […]

Continue Reading

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා දසුන් ශානක ක්‍රීඩා කරන්නේ කුමන කණ්ඩායමට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 04/04/2023 IPL තරඟාවලිය ආරම්භ වීමට ආසන්නව තිබිය දී අලුතින් ආබාධයට ලක්වූ හෝ පෙර ආබාධ තත්වයන්ගෙන් සම්පුර්ණ සුවය නොලැබූ හෝ ක්‍රීඩකයින් වෙනුවට, වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීම සෑම වසරකම වාගේ දැකගනන්ට ලැබෙනවා. ඒ ආකාරයට ආබාධ තත්වයෙන් සුවය ලබා නොමැති වීම හේතුවෙන්, මෙවර තරඟාවලිය තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් […]

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය හේතුවෙන් මුළු ඉන්දියාවටම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අදින් ඇරඹෙන තරග 3කින් සමන්විත 2023 වසරේ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින පළමු තරගාවලියේ පළමු තරඟය සඳහා ඉන්දීය රජය විසින් මුළු ඉන්දියාවටම නිවාඩු දුන් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉන්දියාව එරට වැසියන්ට […]

Continue Reading

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී චාමික කරුණාරත්නව කිසිදු හෝ කණ්ඩායමක් මිලදී ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ, 2023 වසරේ පැවැත්වෙන තරඟ වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී පැවැත්වුණා.  මෙහිදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාත්න 2023 IPL තරගාවලිය සඳහා තේරීපත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

1879 දී සැමුවෙල් රැෂිශ්කි නම් කුඩා දරුවා චෙස් තරගයකින් පරාජය වූ අවස්ථාවක්ද (PHOTO)??

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චෙස් ක්‍රීඩාව ලොව පුරා ප්‍රකටයි. චෙස් ශූරයන් සහ ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවස්ථා පිලිබදව තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. සැමුවෙල් රැෂිශ්කි ලෙස හැදින්වෙන්නේද පෝලන්තයේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි ජීවත්වූ ප්‍රකට චෙස් ශූරයෙක්.  කෙසේ වෙතත් මෙම චෙස් ශුරයාගේ කුඩා කළ සිදුවීමක් බව […]

Continue Reading

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා  කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.  කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්,  හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ […]

Continue Reading

මෙසීගේ මව FIFA ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන ආකාරය ලෙස පැතිරෙන නොමගයවන සුලු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්‍රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් […]

Continue Reading

ඕස්ට්‍රේලියා අධිකරණයෙන්, ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසර ලැබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර […]

Continue Reading

කටාර් හී Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා ඒ එම තරගාවලිය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. මෙම තරගයෙන් අනතුරුව මෙම ක්‍රිඩාංගණය ගලවා ඉවත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප […]

Continue Reading

ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ ලබාදෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. FIFA ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම විසින් පසුගියදා ලබාගත් ජයග්‍රහණයයි. මෙම අනපේක්ෂිත ජයග්‍රහණය සමරමින් පසුදා එනම් නොවැම්බර් 23 වැනිදා සෞදි අරාබියේ ජාතික නිවාඩු […]

Continue Reading

චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රිකට් තහනම් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් පැනවීම පිළිබඳවත් එයට හේතුවූ කරුණු බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැගත් සටහන් සංසරණය වුණා. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අප කරන කරුණු පැහැදිලි කිරීමක් මේ. චාමිකට වසරක තරඟ තහනමක් ලබා දී ඇති බව […]

Continue Reading

ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading

පාපන්දු පිටියක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඇරඹීමත් සමග ඒ වෙත මුළු මහත් ලෝකයක ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වී තිබනෙවා. එවන් සමයක, පාපන්දු තරඟයක දී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත් වූ අයුරු බවට හැඟවෙන පරිදි  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය කලු පැටි පැළද ක්‍රීඩා කළේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පසුගියදා අවසන්වූ 20-20 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ දී පකිස්ථානය කණ්ඩායම පරාජයට පත්කරමින් 20-20 ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලු පටි පැළද ක්‍රීඩා කිරීම පිළිබඳව සමාජ ජාලාවල යම් කතාබහක් ඇතිකිරීමට සමත්වුණා. සිංහල බසින් පළවූ ඇතැම් උපහාසාත්මක සමාජ ජාලා සටහන්වල […]

Continue Reading

බ්‍රෙට් ලී ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු ක්‍රීඩක බ්‍රෙට් ලී පත් කර ඇති බවට කලින් කලට පළ වන සමාජ මාධ්‍ය සටහන්, මේ දිනවලත් නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකා […]

Continue Reading

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් 20-20 ලෝක ක්‍රිකට් කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 අතරට ?

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරඟ අද දිනයේ (ඔක්තෝබර් 22 දින) පැවැත්වුණා. ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව රටවල් 8ක් සුපිරි 12 තරග වටයට ඉබේම සුදුසකම් ලබා තිබුණා. අනෙත් කණ්ඩායම් 4 කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා පළමු වටයේ සුදුසුකම් ලැබීමේ තරඟ පසුගිය සතියේ පැවැත්වු අතර, එම වටය ඊයේ (ඔක්තෝබර් 21) නිමා වුණා.  මේ […]

Continue Reading

ලංකාව 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කරන බවට ඉන්දියානු රිෂිවරයෙකුගේ අනාවැකියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙක් කාරණා මුල් කොටගෙන මැතිවරණ, ක්‍රීඩා තරඟාවලි ආදිය ආරම්භ වීමට පෙර ජ්‍යෝතිර්වේදීන් සහ විවිධාකාරයේ අනාවැකි පළ කරන්නන්ගේ පුරෝකථන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවර 20-20 ලෝක කුසලානයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය රිෂිවරයෙකු විසින් සිදු කළ අනාවැකියක් සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 20-20 ලෝක […]

Continue Reading

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, මෙරට ප්‍රධාන ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සටන් සංසරණ වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “දිගු කාලයක් පුරාවට පිළිකා තත්ත්වය සමග සටන් කළ […]

Continue Reading

නවතම ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්ත – දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය […]

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]

Continue Reading

සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් : ලෝක කුසලානයෙන් පසුව සිදුවූ ලොකුම […]

Continue Reading

ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?

මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද […]

Continue Reading

විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

කොවිඩ් ආසාදිත වනිදු හසරංගට ඉන්දීය ක්‍රිකට් සංචාරයේ දී ක්‍රීඩා කරයි ද?

පසුගිය වකවානුවේ දී ලොව අංක එකේ T20 පන්දු යවන්නාගේ ස්ථානයට ද හිමිකම් කී වනිදු හසරංග ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ගේ ආදරයට ලක්වුනු චරිතයක්.කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය තුළදී ඔහුට කොවිඩ් වෛරස ආසාදනය වීමත් සමඟ අවසාන තරඟ කිහිපය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුනේ ද නැහැ. එම පසුබිම තුළ වනිදු හසරංග පෙබරවාරි 24 දින ආරම්භවීමට […]

Continue Reading

Alex Hales නැවත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බදවාගන්නා ලෙස ඉල්ලමින් එංගලන්තයේ විරෝධතා රැල්ලක් ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තොරතුරු පිළිබදව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ද දක්වන්නේ අති මහත් උනන්දුවක්. එම නිසා සමාජ ජාලා වලද ඒ පිළිබදව නිරතුරු කතාබහට ලක්වෙනවා .මේ අතර ඇතැම් නොමගයවන සුලු කරුණු ද ඇතුලත් වන අතර, මේ එවන් නොමගයවන සුලු සටහනක්  පිළිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් […]

Continue Reading

FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් […]

Continue Reading

බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක […]

Continue Reading

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?

Update :  ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා. srilankacricket.lk| Archived Link ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා. […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Notes) ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්. “ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

Updated : 09/12/2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායාම 2007 වසරේදී දෙමෝදර පාලමේ දී ලබාගත් ඡායාරුපයක්?

ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය ආශ්‍රිතව සුන්දර ස්ථාන බොහොමයක් පවතිනවා. ඒ අතරින් කඳුකර ප්‍රදේශ ඔස්සේ දිවෙන දුම්රිය මාර්ගය අවට දර්ශනීය ස්ථාන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට නිරතුරුවම ලක්වෙනවා. ඇල්ල ප්‍රදේශයේ පිහිටි එවැනි එක් ස්ථානයක් වන දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඡායාරුපයක් ලෙස ව්‍යාජ අර්ථකතනයක් සහිතව හුවමාරු වූ සටහනක් පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: හිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර පැවිදි දිවියට ?

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහිටපු ක්‍රිකට් ක්‍රීඩක අතුල සමරසේකර මහතා පැවිදි වූ බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් අඩවිවල වාර්තා වීම පිලිබඳ පුවතක් මෙරට ක්‍රිකට් ලෝලීන් අතරේ හුවමාරු වී තිබුණා. මෙම පුවත සත්‍යක්ද යන්න සොයා බලන ලෙස අප Factcrescendo කණ්ඩායමට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙහි නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: මිල්කා ගෙහානි ඔලිම්පික් උළෙලේ ජිම්නාස්ටික් තරඟයේ දී 28 වෙනි ස්ථානය ලබාගත්තා ද?

2020 ඔලිම්පික් තරඟාවලිය ජපානයේ ටෝකියෝහිදී නිමාව දුටුවේ රන් පදක්කම් 39ක් සමඟින් ඇමරිකා එක්සත් ජනපදය පළමු ස්ථානය ලබාගනිමින්. කොරෝනා වසංගතය නිසා යම් කිසි බාධා තත්ත්වයන් පැවතුණද තරඟ ඉසව් සඳහා සැළකියයුතු මට්ටමින් සහභාගීත්වයක් දැක ගන්නට ලැබුණු අතර නව තරඟ මෙන්ම ලෝක වාර්තා ද මෙවර ඔලිම්පික් තරඟාවලියේ දී දැක ගන්නට ලැබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් 2020 […]

Continue Reading

FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර වන 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පසුගිය ජුලි 23 වන දා ආරම්භ කෙරුණා.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි, ජුලි 30 වන දා තරඟ වැදි අවස්ථාවේ දී ඇයට ලබා දී තිබූ අංකය ආරක්ෂිත කටු  (හැට්ට […]

Continue Reading

FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යෙ‍ාමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ගැන කෝලිගෙන් ප්‍රකාශයක්?

එංගලන්ත සංචාරය අතර තුර නිරෝධායන නීතී උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් මේ දිනවල ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි විවේචනයන්ට ලක්වූ අවස්ථා බොහොමයක් දැක ගන්නට ලැබුණා.  සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් උපහාසාත්මක සටහන්ද මේ සම්බන්ධයෙන් නිර්මාණය වූ අතර එවන් නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනු විසුණු කරමින් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබා ගත්තා. ඒ අනුව ශෝකයට පත් වී සිටින ක්‍රීඩා ලෝලීන් ප්‍රකෝපකාරී කරවන අන්දමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් […]

Continue Reading

FACT CHECK: සුසන්තිකාගේ ලේ උරුමයෙන් මෙවර ඔලිම්පික් සඳහා යන මේධානි?

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඔලිම්පික් තරඟාවලියට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයක්. ජුලි මස 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා තෙක් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා. මෙවර ඔලිම්පික් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ද මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.  එවන් පසුබිමක ලංකාවේ කෙටි දුර ධාවන ශූරී […]

Continue Reading

FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?

නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading

FACT CHECK: චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?

පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට්  කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා […]

Continue Reading

Fact Check: කොදෙව් වේග පංදු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් හදිසි අනතුරකින් මියගිය බවට ව්‍යාජ පුවතක්!

මෙරට බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. මෙරට මෙන්ම විදෙස් ක්‍රීඩකයන් පිලිබඳව තොරතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සොයා බලන බව පෙනී යන කරුණක්. පසු ගිය දිනෙක හුවමාරු වී තිබු දුක්බර පුවතකින් දක්වා තිබුනේ  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් නම් ක්‍රීඩකයා හදිසි අනතුරකින් ලෙවෙන් සමුගෙන ඇති බවක්. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යක් […]

Continue Reading

FACT CHECK: නිරෝශන් දික්වැල්ල පන්දු 26කදී ලකුණු 89ක් වාර්තා කළා ද?

කොරොනා වසංගත තත්වය හමුවේ නවතා දමා තිබූ ක්‍රිකට් තරඟාවලි නැවතත් ක්‍රමයෙන් අරඹා ඇති අතර දේශීය තරඟ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි ද පසුගිය කාලයේ සංවිධානය කර තිබුණා. මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එල්.පී.එල් ක්‍රිකට්  තරඟාවලිය ද පැවැත්වුණු අතර මෑතකදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සඳහා මෙරටට පැමිණියා.  මේ දිනවල අබුඩාබි T10 නමින් පන්දුවාර දහයේ […]

Continue Reading

FACT CHECK : මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු සභාපති ලෙස පත්වීද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ විමර්ෂණ ද අප සිදුකළා.  මේ අතර පුද්ගලික හේතුන් මත ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති […]

Continue Reading

FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ […]

Continue Reading

FACT CHECK: කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් විදෙස් ප්‍රේක්ෂකයෙකු පුවරුවක් ප්‍රදර්ශනය කලාද?

කොරෝනා වයිරස් තත්වයේ බලපෑම හේතුවෙන් නවතා දමා තිබුණු ජාත්‍යන්තර  ක්‍රිකට් තරඟාවලීන් මේ වන විට නැවත ආරම්භ කර ඇති අතර ලංකාවේ ද LPL නමින් 20යි 20 ක්‍රිකට් තරඟාවලියක්ද පසුගියදා පවත්වන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයක් සඳහා එක් වුණු අතර එහිදී පැවති ටෙස්ට් තරඟ දෙකෙන්ම පරාජයට පත්විය. මෙහි දෙවෙනි තරඟයේදී […]

Continue Reading

හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!

මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ […]

Continue Reading

වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත් පළමු අවස්තාවට කිහිකම් කීවේ ජේම්ස් ඇන්ඩර්සන්!

වේග පන්දු යවන්නෙක් ටෙස්ට් කඩුලු 600 කඩයිම පසුකිරීමේ සමත්කම අලලා පළවූ සටහනක පෙන්වා දී තිබුනේ “වේග පන්දු යවන්නෙක් කඩුලු 600 ලබා ගත පළමු අවස්තාව! ඔබට සුභ පැතුම් Stuart Broad!” යනුවෙනි.  Link Archived Link මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඇත්ත වශයෙන්ම බොහෝ දෙනා සඳහන් කර තිබුනේද මෙම සමත්කම දැක්වුයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් නොවන බවයි. […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

මහේලව ක්‍රීඩා විමර්ෂණ ඒකකය විසින් හරවා යැවූ බවට සාවද්‍ය ප්‍රකාශයක්!

2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදි ශ්‍රී ලංකාව , ඉන්දියාව හමුවේ  පරාජය වීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් විය. එහෙත් ඊට වසර නවයකට පසු එවකට ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය, මෙවර පොදුජන පෙරමුණෙ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට පැවසීය. මහජන ගෞරවයට පාත්‍රව […]

Continue Reading

Fact Check : හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කර තිබේද ?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළේය. හිටපු ක්‍රීඩක නායක කුමාර සංගක්කාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් දක්වමින් පවසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ […]

Continue Reading

T20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත් කළාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව බලාධිකාරිය වේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ප්‍රතිපත්තිමය වැඩසටහන් හඳුන්වා දීම, සමාජ මට්ටමෙන් තරගාවලි පැවැත්වීම, කුසලතා ඇති ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික සංචිතයට කැඳවා ගෙන ඔවුන්ගේ  කුසලතා ඔප් නැංවීම, ටෙස්ට් වරම් හිමි අනෙකුත් රටවල් සමග තරගාවලිය සංවිධානය කිරීම වැනි නොයෙකුත් […]

Continue Reading

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සහ දිල්ෂාන්ගේ සහය සජිත් ප්‍රේමදාසට ?

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තරු යුගලයක් වූ රංගන හේරත් සහ තිලකරත්න ඩිල්ශාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකර තිබේ යනුවෙන් සදහන් සටහන් / පෝස්ට්ස් (posts) සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබේ.  එක් සටහනක දක්නට ලැබුනේ “සජිත් හොරකම් කරලා නෑ , ඔහුට මගේ රටේ පොඩි මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් , දුප්පත් කම […]

Continue Reading

Fact Check : සංගක්කාරගේ සහය ගෝඨාබයට ද?

මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් ක්‍රීඩා, කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තීයවේදීන් ඉදිරිපත්වීම පසුගිය මැතිවරණවල දී ද දක්නට ලැබුණු සුලභ සිද්ධියකි. මෙවර ජනාධිපතිවරණය සඳහා විශේෂයෙන්ම සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාර ඉලක්ක කරගෙන බොහොමයක් පුවත් නිර්මාණය වී තිබෙනු පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි. කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්ෂය හරහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි සඳහන් කරමින් මීට […]

Continue Reading

කුමාර් සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් නැත

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර්  සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවට හැඟෙන ඡායාරූපයක් සහිත ප‍්‍රවෘත්තියක් සැප්තැම්බර් 2 වනදා සිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය. අනුගාමිකයන් (followers) 22,000 පමණ සිටින Sirikotha Mandiraya ෆේස්බුක් පිටුව හරහා කුමාර්  සංගක්කාර දේශපාලනයට එකතුවන බවට හැඟෙන ඡායාරූපයක්  පළකර තිබුනා. පසුව සමාජ මාධ්‍ය හරහාද මෙම පුවත හුවමාරු […]

Continue Reading