දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 FIFA ලෝක කුසලාන පාපන්දු පිටියේදී ආර්ජන්ටිනාව පරදවා ස්පාඤ්ඤය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ලෝකයේම අවධානය දිනාගන්නා විට, ඊට සමගාමීව සමාජ මාධ්‍ය ජාලා තුළ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් සකසන ලද දර්ශන (Deepfakes), සංස්කරණය කළ වීඩියෝ සහ නොමග යන සුළු ප්‍රකාශ මිලියන සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් නොමඟ යැවීම සිදු කෙරුණා. තරගාවලිය පුරා ලොව පුරා පැතිර ගිය ප්‍රධානතම ව්‍යාජ තොරතුරු මොනවාද යන්න පිළිබඳ වාර්තාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim : ලැමීන් යමාල් ලෝක කුසලානය සමඟ පලස්තීන කොඩිය දවටාගෙන සිටීම
ලැමීන් යමාල් ලෝක කුසලානය සමඟ පලස්තීන කොඩියෙන් අතැතිව සිටින ඡායාරූපයක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact-Check :
අවසන් තරගයෙන් පසු ස්පාඤ්ඤයේ ක්‍රීඩක ලැමීන් යමාල් ලෝක කුසලානය අතැතිව පලස්තීන කොඩියක් තමන් වටා දවටා සිටින ඡායාරූපය පළ වුණා. නමුත් සත්‍ය අප සිදු කළ පරීක්ෂාවේදී නිරීක්ෂණය වූයේ, සැබෑ ඡායාරූපවල ඔහු “Campeones” (ශූරයෝ) යනුවෙන් සඳහන් සන්නායකයක් පමණක් දවටා සිටි බව ත්, කිසිදු කොඩියක් අතැතිව සිට නොමැති බවයි.

එමෙන් ම ද අවසන් තරඟයේ ඔහු සිටින වෙනත් ඡායාරූප පරීක්ෂා කිරීමේ දී, ඔහු එලෙසින් පලස්තීන කොඩියක් දවටා සිටිනු දැක ගන්නට නොලැබේ. ඒ අනුව මෙම ඡායාරූපය ඩිජිටල් ලෙස වෙනස් කර නිපදවා ඇති ඡායාරූපයක් බව තහවුරු වේ.
කෙසේ වෙතත්, 2026 මැයි මාසයේ පැවැති ලා ලීගා ශූරතාවෙන් පසු බසයේ ගමන් කරනා විටදී ඔහු සැබැවින්ම පලස්තීන කොඩියක් ප්‍රදර්ශනය කර තිබූ බැවින්, බොහෝ දෙනා ඉහත ව්‍යාජ ඡායාරූපය ද සැබෑ ඡායාරූපයක් ලෙස විශ්වාස කර තිබුණා.

Claim : යමාල් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අතට අත නොදීම
අවසන් තරඟයෙන් පසු අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනූ ස්පාඤ්ඤ කණ්ඩායමට සුබ පැතීමට අතට අත දුන් අවස්ථාව් යමාල් විසින් ට්‍රම්ප්ට අත්ට අත නොදී ප්‍රතික්ෂේප කළ බවට දක්වමින් වීඩියෝවක් හුවමාරු වුණා.
එමෙන් ම තව ත් වීඩියෝවකින් දැක්වුණේ, යමාල් ට්‍රම්ප්ට අතට අත නොදී අතින් V සලකුණ ට්‍රම්ප්ට පෙන් වූ බවයි.
Fact-Check :
පලස්තීනුවන් සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය නිසා ලැමීන් යමාල් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අතට අත දීමෙන් වැළකී සිටි බවට අනුමාන කරමින් මෙම වීඩියෝ පළ වූ වූවත්, ඉහත පළමු වීඩියෝව යමාල්ගේ පිටුපස සිට රූගත කරන ලද වීඩියෝවක් වන බැවින් අප ඉදිරියෙන් ගනු ලැබූ වීඩියෝ පරීක්ෂා කරනු ලැබුවා. ඒ අනුව යමාල් සිය පදක්කම ලබා ගැනීමට පෙර ට්‍රම්ප්ට අතට අත දී වැළඳ ගන්නා බවයි.
එමෙන් ම AFP ඔස්සේ පළ කරන ලද ඡායාරූපයක ද, යමාල් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අතට අත දුන් අවස්ථාවේ ඡායාරූපයක් ද, පළ කර තිබුණේ මෙලෙසින්.

එමෙන් ම ඉහත දෙවන වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් බවට AI හඳුනා ගැනීමේ මෙවලමකින් ද, තහවුරු වුණා.

Claim: අර්ලින් හාලන්ඩ් තමාගේම පිළිබිඹුවට බිය වීම
නෝර්වේ ක්‍රීඩක අර්ලින් හාලන්ඩ් අවන්හලක ඇති කණ්ණාඩියකින් තමාගේම මුහුණ දැක තැතිගන්නා වීඩියෝවක් මිලියන ගණනක් නරඹා තිබුණි.
Fact-Check :
මෙය 2026 ජූනි මාසයේදී චීන නිර්මාණකරුවෙකු Douyin (TikTok) හි පළ කළ විකට වීඩියෝවකි. කෘත්‍රිම බුද්ධිය ඔස්සේ AI Deepfake භාවිත කරමින් සත්‍ය වීඩියෝවක සිටින චීන ජාතිකයාගේ මුහුණ වෙනුවට හාලන්ඩ්ගේ මුහුණ සංස්කරණය කරමින් මෙම වීඩියෝව සකසා තිබුණි.
මේ පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.
Claim: ජූඩ් බෙලිංහැම් සහ “මුඛය වැසීමේ” නව රතු කාඩ්පත් නීතිය
එංගලන්ත ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් තරගයක් අතරතුර මුඛය වසාගෙන කතා කිරීම නිසා FIFA හි නව නීතියක් යටතේ ඔහුට රතු කාඩ්පතක් හිමිවිය යුතු බවට සමාජ මාධ්‍ය සටහන් පළ විය.

Fact-Check :
ෆිෆා ආයතනය විසින් මුඛය ආවරණය කර ගැනීමේ රීතිය සෑම ක්‍රීඩකයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක කරනු ලබයි. මෙම රීතියේ අරමුණ වන්නේ අපහාසාත්මක වදන් සැඟවීම වැළැක්වීම වේ. 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී, ප්‍රතිවාදියෙකු සමඟ ගැටුම්කාරී ලෙස වාද කරමින් මුඛය ආවරණය කරගැනීමේ (Mouth-covering rule) නව රීතිය උල්ලංඝනය කිරීම නිසා පියරෝ හින්කාපියේ, මිගෙල් අල්මිරොන් වැනි ක්‍රීඩකයින්ට VAR තාක්ෂණය හරහා සෘජු රතු කාඩ්පත් නිකුත් විය. නමුත් ජූඩ් බෙලින්හැම් මුඛය ආවරණය කරමින් කතා බහක යෙදුණේ, ඝානා කණ්ඩායමේ නායක ජෝර්ඩන් අයේව් (Jordan Ayew) සමඟ වන අතර ඔවුන් දෙදෙනා අතර කිසිදු බැනවැදීමක් හෝ රණ්ඩුවක් (Confrontation) සිදු නොවූ අතර එය සාමාන්‍ය කතාබහක් පමණක් විය. ඔවුන් දෙදෙනා මිතුරන් මෙන් සාමකාමීව අදහස් හුවමාරු කරගත් නිසා, විනිසුරුවන් හෝ VAR තාක්ෂණය මඟින් එය වරදක් ලෙස සැලකුවේ නැත.
තරඟයක් අතරතුර සිදුවන ගැටුම්වලදී අපහාසාත්මක වදන් සැඟවීම වැළැක්වීම සඳහා මෙම රීතිය හඳුන්වා දී ඇති අතර, එහිදී සතුරු ආකල්පයෙන් කරන වාද විවාද සහ සාමාන්‍ය සන්නිවේදනය අතර වෙනස හඳුනාගෙන තීරණ ගනු ලබයි. ගැටුම්කාරී නොවන සාමාන්‍ය කතාබහේදී මුඛය වැසීම දඬුවම් ලැබිය හැකි වරදක් නොවේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
Claim : ලෝක කුසලාන තරගාවලියේදී “මුහුණේ සායම්/තීන්ත” තහනම් කිරීම
FIFA 2026 තරග නැරඹීමට පැමිණෙන රසිකයින්ට මුහුණේ තීන්ත හෝ සායම් ගෑම තහනම් කර ඇති බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා.

Fact-Check :
මෙම සටහන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ වන අතර රසිකයින්ට මුහුණේ තීන්ත ගා ක්‍රීඩාංගණවලට ඇතුළු වීමට පූර්ණ අවසර තිබුණි. තහනම් කර තිබුණේ අනතුරුදායක විය හැකි තීන්ත බහාලුම්(paint containers) ක්‍රීඩාංගණය තුළට රැගෙන යාම පමණි. මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.
Claim: සිම්ප්සන්ස් (The Simpsons) කාටූනය පෘතුගාලය ජයග්‍රහණය කරන බවට වෛරල් වූ කතාව
“The Simpsons” කාටූන් කථාංගයක 2026 ලෝක කුසලානයේ පෘතුගාලයේ ජයග්‍රහණයක් පිළිබඳව අනාවැකි කියා ඇති බවට ඡායාරූපයක් ද, සමගින් සටහනක් පළ වී තිබුණා.

එසේම අදාළ කාටූනය මගින් 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහකයා පිළිබඳව දශක ගණනාවකට පෙර සිටම නිවැරදිව අනාවැකි පළ කර ඇති බවට සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact-Check :
සිම්ප්සන්ස් කාටූනය මගින් 2026 FIFA ලෝක කුසලානයේ ජයග්‍රාහකයා පිළිබඳව අනාවැකි පළ කර නොමැත. සමාජ මාධ්‍යවල පැතිරෙන ප්‍රකාශය 1997 දී විකාශය වූ අදාළ කාටූනයේ එක් කොටසක දර්ශනයක් මත පදනම් ව නිර්මාණය කරන ලද ඒවා වන අතර, එහි පෙන්වන්නේ මෙක්සිකෝව සහ පෘතුගාලය අතර පැවැත්වෙන්නේ ප්‍රබන්ධ තරඟයක් පමණි. එහි 2026 වසරක් හෝ ෆීෆා ලෝක කුසලානයක් ගැන හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කුසලානය ඔසවන බවක් සඳහන් නොවේ. මේ පිළිබඳව මීට පෙර අප සිදු කරන ලද කරුණු විමර්ශනය මෙතනින්.
Claim: FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ඉලක්ක කළ ව්‍යාජ දර්ශන
FIFA සභාපතිවරයා එකම අවස්ථාවක නගර දෙකක තරග දෙකකට සහභාගී වූ බවත්, ඊජිප්තු ගෝලයකට විශේෂ ප්‍රතිචාර දැක්වූ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ව විවේචනය කළ බවත් පවසමින් ඡායාරූප සටහන් සංසරණ විය.

Fact-Check :
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එකම වේලාවක විවිධ නගරවල පැවැත්වුණු තරඟ දෙකකට ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) සහභාගී වූ බව පෙන්වන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවට පැතිර යන ප්‍රකාශය අසත්‍ය වේ.
X ගිණුමක පළ වූ පෝස්ටුවක සඳහන් වූයේ ඉන්ෆැන්ටිනෝ එකම වේලාවක ආරම්භ වූ ඉක්වදෝර ජර්මනි තරඟයේ සහ අයිවරි කෝස්ට් කියුරකාඕ තරඟයේ මිනිත්තු 10 ක පරතරයකින් පෙනී සිටි බවයි. නමුත්, පළමු ඡායාරූපය සත්‍ය වශයෙන්ම 2026 ජූනි 15 වනදා පැවැත්වුණු ඉරාන – නවසීලන්ත තරඟයේදී ලබාගත් ඡායාරූපයක් වේ.

දෙවන ඡායාරූපය
ජපානය සහ ස්වීඩනය අතර තරඟය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Arlington හි පැවැත්විණි.
ටියුනීසියාව සහ නෙදර්ලන්තය අතර තරඟය අමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ Kansas City හි පැවැත්විණි. මෙම ක්‍රීඩාංගණ දෙක අතර දුර සැතපුම් 500 ක් (කිලෝමීටර් 800 කට වඩා) වේ. තරඟ දෙකම ආරම්භ වූයේ එකම වෙලාවක බැවින්, සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එකම විනාඩියේදී (ඡායාරූපවල පෙනෙන පරිදි තරඟයේ 10:32 විනාඩියේදී) මෙම ස්ථාන දෙකෙහිම එකවර සිටීමට නොහැක.
එම තරඟවල නිල වීඩියෝ දර්ශන නැවත පරීක්ෂා කිරීමේදී අදාළ මිනිත්තුවලදී ඉන්ෆැන්ටිනෝ ක්‍රීඩාංගණයේ සිට නොමැති බව ඔප්පු වෙයි.
ටියුනීසියාව සහ නෙදර්ලන්තය අතර තරඟය

ජපානය සහ ස්වීඩනය අතර තරඟය

2026 ජූනි 25 වනදා පැවැත්වුණු තරඟවල නිල රූපවාහිනී දර්ශන (Fox Sports Replay) නැවත පරීක්ෂා කර බැලීමේදී මෙම අවස්ථාව අයිවරි කෝස්ට් – කියුරකාඕ තරඟයේදී ඉන්ෆැන්ටිනෝ සැබවින්ම එදින සිටියේ එම ක්‍රීඩාංගණයේයි.

ඒ අනුව Xහි පළමු ඡායාරූපයෙන් දැක්වෙන්නේ, 2026 ජූනි 25 වනදා පැවැත්වුණු ඉක්වදෝර – ජර්මනි තරඟයේ ඉන්ෆැන්ටිනෝ සිටි දර්ශනයක් නොවන අතර ඊට දින 10කට පෙර, එනම් 2026 ජූනි 15 වනදා පැවැත්වුණු ඉරාන – නවසීලන්ත තරඟය අතරතුර රූපවාහිනී සජීවී විකාශයේ (Fox Sports) දිස්වූ ඉන්ෆැන්ටිනෝගේ සැබෑ දර්ශනයකි. එම පැරණි තරඟයේ වීඩියෝවෙන් ඉන්ෆැන්ටිනෝ වාඩි වී සිටින කොටස (Screenshot එකක් ලෙස) ලබාගෙන පසුව, එහි ඉහළින් ඇති ලකුණු පුවරුව (Scoreboard) ග්‍රැෆික්ස් මඟින් වෙනස් කර, එය “ජර්මනිය සහ ඉක්වදෝරය” අතර තරඟය ලෙස ව්‍යාජ ලෙස සකස් කර තිබේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube


