දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කොහුවල ගුවන් පාලම යටින් තරුණයකුගේ මළ සිරුරක් හමුවී ඇති බවත්, අදාළ පුද්ගලයා පික් මී රියැදුරෙකු බවත් දක්වමින් වීඩියෝවක් සහ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වී තිබුණි. අදාල කෙටි වීඩියෝවේ දැක්වෙන්නේ තරුණයකු යතුරු පැදියක පිටුපසට දිගා වී සිටින ආකාරයයි. අදාළ තරුණයා හිස් ආවණය සහ බෑගය සහිතවම මෙලෙස පිටුපසට දිගා වී සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මේ සම්බන්ධ සටහන් කෙටි වේලාවක් තුළ බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Facebook Facebook Facebook Facebook Facebook Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
කොහුවල ගුවන් පාලම යටින් මෙලෙස තරුණයකුගේ මළ සිරුරක් හමුවී ඇති බවට කිසිඳු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර නොමැත.
කොහුවල පොලිස් ස්ථානය
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී කොහුවල පොලිස් ස්ථානය විසින් සඳහන් කළේ කොහුවල ගුවන් පාලම යටින් හෝ ඒ ආසන්න වෙනත් ප්‍රදේශයකින් පුද්ගල මළ සිරුරක් සොයාගෙන නොමැති බවයි. කොහුවල ගුවන්පාලම යට පික්මී රියැදුරෙකු ජීවිතක්ෂයට පත්වී ඇත් ද යන්න විමසමින් බොහෝ දෙනා ඇමතුම් ලබාගන්නා බවත්, එවැනි සිදුවීමක් සැබෑ ලෙසම සිදුවී ඇත්නම් එය සම්බන්ධයෙන් කෙටි වේලාවක් තුළ කොහුවල පොලීසිය අනිවාර්යෙන් දැනුවත් විය යුතු බවත් කොහුවල පොලීසිය විසින් සඳහන් කළා. මෙවැනි මරණයක් හෝ රෝගියකු කිසිඳු අවස්ථාවක කොහුවල ගුවන් පාලම යට හෝ ඒ ආසන්න ස්ථානයකින් හමු වී නොමැති බවයි කොහුවල පොලිසිය විසින් වැඩිදුරටත් සඳහන් කළේ.
කළුබෝවිල රෝහල
කොහුවල ගුවන් පාලම ආසන්නයේ මෙවැනි මරණයක් සිදුවී ඇත්නම් ඒ ආසන්න රෝහල වන කළුබෝවිල රෝහල ඒ සම්බන්ධයෙන් දැන ගත යුතුය. අප විසින් සිදු කළ විමසීමේදී කළුබෝවිල රෝහල විසින් තහවුරු කළේ එවැනි ජීවිතක්ෂයට පත් වීමක් හෝ රෝගියෙකු වාර්තා වී නොමැති බවයි.
පික් මී ආයතනය
සමාජ මාධ්‍ය සටහන් තුළ මෙම තරුණයා පික් මී රියදුරෙකු ලෙස දක්වා තිබීම නිසා අප විසින් මේ සම්බන්ධයෙන් පික්මී ආයතනයෙන්ද විමසීමක් සිදු කළා. එහිදී එම ආයතනය විසින්ද සඳහන් කළේ පික් මී රියැදුරෙකු හදිසියේ මිය යාමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
කොහුවල ගුවන් පාලම ආසන්නයේ ඇති වෙළඳසැල්
කොහුවල ගුවන් පාලම ආසන්නයේ මෙවැනි සිදුවීමක් සිදුවී ඇත්නම් ඒ ආසන්නයේ පිහිටා ඇති වෙළඳසැල් ඒ පිළිබඳව අනිවාර්යයෙන් දැනගත යුතුය. ඒ අනුව අප විසින් එම ස්ථානයේ ආසන්නයේ පිහිටා ඇති වෙළඳසැල් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ඔවුන් විසින් සඳහන් කළේ එවැනි සිදුවීමක් කොහුවල ගුවන් පාලම යට සිදු වී නොමැති බවයි.
එසේම හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් තුළ කොහුවල ගුවන් පාලම යට එවැනි දෙයක් සිදුවූ නොවූ බවටද, මෙම වීඩියෝව අදාළ පුද්ගලයා නිදා සිටියදී ලබාගත් වීඩියෝවක් බවටද, පුද්ගලයින් අදහස් දක්වා ඇත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ කොහුවල පාලම යටදී පික් මී රියැදුරෙකු යතුරු පැදියක් උඩ මියගොස් සිටියදී සිරුර හමුවූ බවට පැතිරුණු තොරතුරු අසත්‍ය බවයි. එවැනි කිසිදු අනතුරක් හෝ මරණයක් එම ස්ථානයේ සිදු වී නැතැයි කොහුවල පොලිසිය ප්‍රකාශ කර ඇත. එසේම පික් මී ආයතනය, කලුබෝවිල රෝහල සහ කොහුවල ගුවන් පාලම ආසන්නයේ ඇති වෙළඳසැල් විසින්ද තහවුරු කරන්නේ එම ස්ථානයේ එවැනි මරණයක් හෝ අනතුරක් හෝ රෝගාබාධයක් කිසිවෙකුට සිදුව නොමැති බවයි.
මෙම වීඩියෝව අදාළ පුද්ගලයා නිදා සිටියදී ලබාගත් වීඩියෝවක් බවටත්, ඔහු සුවෙන් සිටින බවටත් කමෙන්ටුද පල වී ඇත. අප විසින් ඒ ඔස්සේ අදාළ පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන අතර, ප්‍රතිචාරයක් ලැබුණහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.


