දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සොල්දාදුවකු විසින් පහර දෙන ආකාරය බව දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය විමසා බලමින් Factcrescendo අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Facebook Facebook Facebook Facebook Facebook Facebook Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට, සොල්දාදුවකු විසින් පහර දීමක් සිදු කර ඇත්නම් එය ජාත්‍යන්තරව අවධානයට ලක් වන කරුණක් බවට පත් වේ. අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට අත්අඩංගුවේදී හෝ සිරගතව සිටියදී පහර දුන් බවට කිසිඳු ජාත්‍යන්තර මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් තහවුරු කර හෝ වාර්තා කර නොමැති බවයි.
අදාල වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක්
ඔහුට සිරගෙදරදී පහර දෙන ආකාරයේ කිසිදු තහවුරු කරන ලද වීඩියෝවක් හෝ ඡායාරූපයක් නොමැත. එසේම මෑතකාලීනව ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් ඡායාරූප සහ වීඩියෝ AI මගින් නිපදවන ලද ඒවා ලෙසද ජාත්‍යන්තර කරුණු පරීක්ෂණ ආයතන විසින් තහවුරු ඇති අයුරු ද අපට දැක ගන්නට ලැබුණි.
එබැවින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ දර්ශන කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් හඳුනාගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ අදාල වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.


ඉම්රාන් ඛාන් සිරගත කර වසර 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාකිස්ථානයේ ප්‍රධාන නගර රැසක විරෝධතා
ඉම්රාන් ඛාන් සිරගත කර වසර 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාකිස්ථානයේ ප්‍රධාන නගර රැසක ඔහුගේ ආධාරකරුවන් විසින් දැවැන්ත විරෝධතා පවත්වමින් සිටී. හිටපු අගමැතිවරයාට නිසි වෛද්‍ය පහසුකම් සහ පවුලේ අයට හමුවීමට අවසර ලබා නොදුනහොත් රටපුරා දැවැන්ත විරෝධතා පවත්වන බවට PTI පක්ෂයේ නියෝජිතයෝ රජයට අවධාරණය කරමින් සිටිති. ඒ සම්බන්ධයෙන් නිල මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු 5 වැනිදා තෝෂාඛානා දූෂණ නඩුවට වරදකරු වෙමින් වසර 3ක සිරදඬුවමක් ලැබුණු අතර, පසුව ඔහුව රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරය වෙත මාරු කර යවන ලදී. ඉන්පසුව දූෂණ චෝදනා සහ රාජ්‍ය රහස් හෙළි කිරීමේ නඩු ඇතුළු නඩු රැසකට වරදකරු කරමින් ඔහුට සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබීට වසර 14ක සහ 17ක සිරදඬුවම් නියම වූ අතර, මේ වන විට ඔහු 2040 වසර දක්වා සිරගතව සිටීමට නියමිතව ඇත.
වසර තුනකට අධික කාලයක් පුරා පවතින මෙම සිරගත කිරීම තුළ ඔහුව දැඩි ලෙස හුදකලා කර තබා ඇති බවට ඔහුගේ පාර්ශ්වයෙන් චෝදනා එල්ල වන අතර, මෑතකදී ඔහුගේ දකුණු ඇසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පෙනීම 85%කින් දුර්වල වී ඇති බව ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කර තිබේ. මෑතකදී සමාජ මාධ්‍ය සහ ඇතැම් වාර්තා ඔස්සේ ඔහුගේ සිරගතකිරීමේ තත්ත්වය පිළිබඳ විවිධ අසත්‍ය හා නොසන්සුන්කාරී ප්‍රචාර පැතිර ගියද, පාකිස්තාන රජය එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවයි. ඒ සම්බන්ධයෙන් නිල මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
Also read:ඉම්රාන් ඛාන් ජීවිතක්ෂයට පත් වූ බවට ව්‍යාජ සටහන් පෙළක්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සොල්දාදුවකු විසින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ලෙස හුවමාරු වන වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි. හිටපු අගමැතිවරයා අත්අඩංගුවේ හෝ සිරගතව සිටියදී සොල්දාදුවකු විසින් පහරදී ඇති බවට තහවුරු කළ හැකි කිසිදු නිල විශ්වාසනීය මූලාශ්‍රයක් නොමැත.


