දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මීට අදාළ සටහන් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.




Facebook Facebook Facebook Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් “දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතුය” යනුවෙන් ප්‍රකාශයක් සිදුකළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ සටහනෙහි The Morning පුවත්පතෙහි නිල ලාංඡනය අන්තර්ගතව තිබීම හේතුවෙන් අප විසින් මූලික වශයෙන් එම සටහන The Morning හි නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කරන ලද්දක්ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. නමුත් එහිදී හඳුනා ගැනීමට ලැබුණේ The Morning නිල සමාජ මාධ්‍ය ගිණුම් කිසිවක මෙවැනි සටහනක් පළ කර නොමැති බවයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් සිදුකළ පරීක්ෂාවේදී හඳුනාගැනීමට ලැබුණේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කිරීම සම්බන්ධයෙන් ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර නොමැති බවයි.
ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි නියෝජ්‍ය අමාත්‍යවරයා දැක්වෙන ඡායාරූපය 2025 මාර්තු 27 දින කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදු කරන දර්ශනයක් වන අතර එම ප්‍රකාශයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා දළදා පෙරහැර සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය, ආර්ථික ගමන සහ රජයේ විනිවිදභාවය පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කෙරේ. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
මෙවැනි සටහනක් නිර්මාණය වීමට පසුබිම වූයේ කුමක් ද ?
ජූලි, අගෝස්තු මාස වලදී මෙරට බෞද්ධ පූජනීය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ඇසළ පෙරහර මංගල්‍යයන් සංවිධානය කරන අතර, දළදා මාලිගාවේ සිදුකරන ඇසළ පෙරහර මංගල්‍යය ඉන් ප්‍රධාන වේ. මෙවැනි පසුබිමකදී උතුරේ ඇසළ පෙරහර මංගල්‍යයක් පැවැත්වීමේ යෝජනාවක් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු විසින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගෙන් ප්‍රශ්නයක් විමසන අතර, ඊට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ලබා දී තිබූ පැහැදිලි කිරීම පදනම් කරගනිමින් මෙසේ විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වී ඇත.
අප විසින් සිදුකළ සොයා බැලීමේදී පැහැදිලි වූයේ, 2026 ජූලි 22 වන දින පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් “හදවත් සමූහයක් එක්වෙන බැඳීමක්” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මේ සඳහා පදනම් වී ඇති බවයි. 1983 ජූලි මාසයේ සිදු වූ “කළු ජූලිය” සිහිපත් කරමින් රට පුරා පවත්වනු ලබන සමරු වැඩසටහන් මාලාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. මාධ්‍ය සාකච්ඡාව තුළ සම්පූර්ණයෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පැහැදිලි කරනු ලබන්නේ කළු ජූලිය ආශ්‍රිත දේ වන අතර, එම පැහැදිලි කිරීම අවසානයේ මාධ්‍යවේදීන් සඳහා ප්‍රශ්න විමසීමට අවස්ථාවක් ලබා දෙනු ලැබේ.
එහිදී මාධ්‍යවේදියෙකු විසින් “ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් ඇසළ පෙරහරක් උතුරේ පවත්වන්න ඕන කියලා යම්කිසි කණ්ඩායමක් ප්‍රකාශයක් කරලා තියෙනවා”. යනුවෙන් ප්‍රශ්නයක් විමසන අතර ඊට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ,
සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රැකගත යුතු බවත්, එක් පාර්ශවයක් සිදුකරන සංස්කෘතික කටයුත්තක් තවත් කෙනෙකුට බාධාවක්, පීඩාවක් හෝ අපහසුවක් නොවිය යුතු බවත් ය. සහජීවනය යනු එය බවත් ඔහු සඳහන් කරයි.
අදාළ සමස්ත සන්දර්භය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී අදහස් දක්වන්නේ, රටේ සමස්ත ඇසළ/දළදා පෙරහර මංගල්‍යයන් සම්බන්ධයෙන් නොව උතුරේ ඇසළ පෙරහරක් පැවැත්වීමේ යෝජනාව සම්බන්ධයෙන් වන බවයි.
අමාත්‍යවරයා විසින් එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.
“මෙහෙමයි, අපි ආණ්ඩුවක් විදිහට කල්පනා කරන්නේ සිංහල,, දෙමල බර්ගර්, මුස්ලිම්, මැලේ සියලු දෙනා එකට එකතු වෙලා තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් රකින්න ඕනේ. ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. හැබැයි එකක්, ඒ කියන්නේ මොකක් හරි අපේ කරන සංස්කෘතික අඩංගුවකින් තවත් කෙනෙකුට බාධාවක් වෙන්න, තවත් කෙනෙකුට පීඩාවක් වෙන්න, තවත් කෙනෙක් අපහසුවට පත්වෙන්න අපි හිතන්නේ එහෙම ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ නැහැ කියලා. ඒක තමයි සහජීවනය කියලා කියන්නේ. ඒක තමයි සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ සහෝදරත්වය කියන්නේ. හැබැයි ඔබ කිව්වා වගේ පහුගිය කාලයට අදාළව විවිධ ජාතිවාදය මත පදනම් කරගෙන ඒක විවිධ ආගම් ස්වරූපයෙන් නැත්නම් එක්කෝ රණවිරු ස්වරූපයෙන් ඒ වගේම විවිධ සටන් පාඨ ඇතුළෙත් අපේ රටේ ඒ විනාශ වෙලා ගිය නමුත් මේ ඒ කියන්නේ අපේ රටේ පරාද වෙලා ඒත් විනාශ නොවුණු දේශපාලන බලවේග ඉන්නවා. ඔවුන් යම් යම් උත්සාහ ගන්නවා. ඉතින් ඒකට අදාළ කරනවා අපි රජයක් විදිහට ඒකේ තීන්දු තීරණ ඒ අදාළ කරන ආයතන ගනියි.”
අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.
එසේම සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වන ඉහත සටහනෙහි කිසිඳු සත්‍යභාවයක් නොමැති බව දක්වමින් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙහිද සටහනක් පළකර තිබුණා.

එසේම ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා පාදක වූ මාධ්‍ය සාකච්ඡාවේදී අසන ලද ප්‍රශ්නය සහ නියෝජ්‍ය මාධ්‍යවරයා විසින් එහිදී ලබා දී ඇති පිළිතුරද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබුණා. එය මෙතනින්.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර
අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ද සඳහන් කළේ, නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතාතා විසින් දළදා පෙරහර වීදි සංචාරය කිරීම නතර කර, එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට හෝ එයින් මහනුවර මුස්ලිම් ජනතාවගේ සිත් සැනසීමට හැකි බවට හෝ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන අදාළ සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් සඳහන් කළා. අදාළ සටහන් සඳහා පාදක වූ 22 පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියා විසින් විමසූ ප්‍රශ්නයත් එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබාදුන් පිළිතුරත් ඇතුළු පැහැදිලි කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් නිල ෆේස්බුක් පිටුව තුළ පළකර ඇති බවත් ඔහු විසින් සඳහන් කළා. එසේම මෙම ව්‍යාජ සටහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවටද අද දිනයේ පැමිණිල්ලක් සිදු කළ බව ඔහු විසින් සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසූ බව අඟවමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන මෙම සටහන සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නැත.


