දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමහර ලෝක දේශපාලන නායකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට විරුද්ධ පිරිස්වල අපහාස මැද ජාත්‍යන්තර ඔලිම්පික් කවුන්සිලය විසින් තීරණය කර ඇත්තේ Imane Khelif ක්‍රීඩිකාව , ඔලිම්පික් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් සහිත බවයි.මෙම ක්‍රීඩිකාව මේ වන විට පවතින ඔලිම්පික් තරගාවලියේදී තත්පර 46 ක් වැනි කෙටි කාලයක් තුල ඉතාලි ජාතික ක්‍රීඩිකාවක් බොක්සිං තරගයකදී පරාජයට පත් කිරීම සහ ජිව විද්‍යාත්මකව පුරුෂයෙක් ලෙස එල්ලවන චෝදනා නිසා සමාජ ජාලාවල බොහෝ කතාබහට ලක්වුණා.
සමාජ ජාලා සටහන්
සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ මෙම ක්‍රීඩිකාව ජිව විද්‍යාත්මකව පිරිමියෙක් බව සහ එම නිසා කාන්තා බොක්සිං තරග සදහා නොගැලපෙන බවයි.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
ඉමාන් කෙලිෆ් සම්බන්ධ පසුගිය සිදුවීම්
ඇල්ජිරියානු ජාතික ඉමාන් කෙලිෆ් සහ තවත් තායිවාන ජාතික ක්‍රීඩිකාවක් 2023 වසරේ පැවති ලෝක බොක්සිං සම්මේලනය මගින් සංවිධානය මගින් සංවිධානය කල තරගාවලියෙන් ඉවත්කර තිබුනේ ඔවුන් ලිංගිකත්වය තහවුරු කර ගැනීම සදහා පවත්වන ලද පරීක්ෂණවලින් අසමත්වීම නිසායි .කෙසේ වෙතත් 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම තරග කර තිබෙනවා.බොක්සිං සම්මේලනය ගත් තීරණය අත්තනෝමතික එකක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අදහසයි.ඒ පිලිබදව විස්තර මෙතනින්
ලිංගිකත්වය සහ ලිංගික වර්ධනයේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයක් වන DSD
DSD ලෙස හදුන්වන්නේ Differences in Sex Development ලෙස හදුන්වන තත්ත්වයයි.මෙය ජාන ,හෝමෝන සහ ප්‍රජනක පද්ධති ඇසුරින් වර්ධනය වන අසාමාන්‍ය තත්ත්වයක් .
කෙසේ නමුත් මෙම තත්ත්වය සංක්‍රාන්ති ලිංගික ලෙස හැදින්වෙන තත්ත්වයට වඩා වෙනස් .GLAAD සහ InterACT සංවිධාන මගින් පැහැදිලි කර ඇති පරිදි මෙම ක්‍රීඩිකාව ,ජිව විද්‍යාත්මකව කාන්තාවක් වන අතර පිරිමියෙක් නොවේ .මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්
DSD රෝගී තත්ත්වය ඇති විට X Y ලෙස හැදින්වෙන පිරිමින් සතුව දක්නට ලැබෙන ලිංග වර්ණදේහ ඇති අතර ,කෙසේ නමුත් ලිංගික අවයවන්ගේ ස්වභාවය කාන්තාවක් මෙන් වනවා.එය ඊට සමාන ආකාරයට කාන්තාවකගේ ඇති XX වර්ණදේහ ඇති විටද දක්නට ලැබිය හැකියි. කෙසේ නමුත් ඔලිම්පික් රෙගුලාසි වලට අනුව ඇයට එය තරග කිරීමට බාධාවක් නොවෙයි.ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින්
මෙම තත්ත්වය ඇතිවන්නේ ජාන වල වෙනසක් , සිරුර ලිංගික හෝමෝනවලට ප්‍රතික්‍රියා කරන ආකාරයේ වෙනසක් හෝ එම තත්ත්වයන් දෙක නිසාම විය හැකියි.කෙසේ නමුත් පුද්ගලයෙක්ට මෙම තත්ත්වය ඇතිවන්නේ කෙසේද යන්න මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නැහැ .ඒ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින් .
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ(IOC) ස්ථාවරය :
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් Khelif ගේ පැරිස් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ඇති සුදුසුකම් තහවුරු කරන ලදී.
සංවිධානය සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට තම කැපවීම ප්‍රකාශ කළ අතර IOC විසින් ක්‍රීඩකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර මත ස්ත්‍රී පුරුෂ භාවය සහ වයස් සත්‍යාපනය පදනම් කර ගනිමින් අදහස් පලකල අතර , Khelif සහ Lin Yu-ting වෙත එල්ල කරන ලද චෝදනා පිළිබඳව කනස්සල්ල පළ කළේය.
IBA හි ස්ථාවරය සහ මතභේද:
ටෝකියෝ ක්‍රීඩා උළෙලට පෙර ඔලිම්පික් බොක්සිං අධීක්‍ෂණය කළ IBA, “විශ්වාසදායක” සහ “ස්වාධීන” පරීක්ෂණ යයි පැවසෙන පරීක්ෂණ දෙකක් මත පදනම්ව බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනාව ඔවුන්ගේ තරගාවලි සදහා සම්බන්ධ කර ගැනීමට නුසුදුස්සන් කර තිබුණි .
මෙම පරීක්ෂණ මගින් ක්‍රීඩිකාවන් තුළ XY වර්ණදේහ හඳුනාගෙන ඇති බව වාර්තා වූ නමුත් පරීක්ෂණවල නිශ්චිත ස්වභාවය අනාවරණය කර නොමැත.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළත් කිරීම:
පැරිස් ක්‍රීඩා උළෙල ඔලිම්පික් ඉතිහාසයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ පළමු ක්‍රීඩා උළෙලයි.
GLAAD සහ InterACT අනුව, සංක්‍රාන්ති ලිංගිකයන් ඇතුළත් කිරීම ඔලිම්පික් උළෙලේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට අහිතකර ලෙස බලපා නැත.
IOC මාර්ගෝපදේශවල සඳහන් වන්නේ ලිංගික වෙනස්කම් මත පදනම් වූ අසාධාරණ වාසි ලබාගැනීම ලෙස සැලකෙන හේතුව මුල් කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟයෙන් බැහැර නොකළ යුතු බවයි.
Imane Khelif සංක්‍රාන්ති ලිංගිකයෙකු නොවන බව The Healthy Indian Project ද පැහැදිලි කරයි . ඇය cisgender කාන්තාවක් වන අතර, උපතේදී සිට ස්ත්‍රියක් හදුන්වන බවත් අනෙත් ආකාරයේ ප්‍රකාශද සාවද්‍ය බව ඔවුන් තහවුරු කරයි.ඒ සම්බන්ධ විස්තර මෙතනින්
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය:(Conclusion)
Imane Khelif ජීව විද්‍යාත්මකව පිරිමියෙකු වන අතර පැරිස් ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං සඳහා තරඟ කිරීමට නුසුදුසු බව ප්‍රකාශය සත්‍ය නොවේ. 2023 දී ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය මගින් ඇය නුසුදුස්සකු ලෙස නම් කලත් , IOC -ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය ඇයගේ සුදුසුකම් තහවුරු කර ඇති අතර ලිංගික වෙනස්කම් මත පදනම්ව වෙනස් කොට සැලකීම නොකිරීමට ඔවුන්ගේ කැපවීම අවධාරණය කර ඇත. කෙලිෆ්ට එරෙහි චෝදනා පැන නගින්නේ DSDs සහ සංක්‍රාන්ති ලිංගික ගැටලු පිළිබඳ වැරදි වැටහීම් හෝ වැරදි තොරතුරු මගිනි.
Title:Imane Khelif ආන්දෝලනාත්මක බොක්සිං ක්‍රීඩිකාව ජිව විද්‍යාත්මකව කාන්තාවක් !!
Fact Check By: Fact Crescendo TeamResult: Misleading


