දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වර්ගීකරණයේ අමුතු කොන්දේසිය පිළිබඳ මෙරට මෙන් ම ජාත්‍යන්තරයෙත් අවදානය යොමු වී තිබෙනවා. එම කොන්දේසිය සම්බන්ධ සටහන් වල නිර්වද්‍යතාව පැහැදිලි කිරීමට අප සිදු කරණ කරුණු පැහැදිලි කිරීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් ක්‍රීඩකයන් සඳහා නව සුදුසුකමක් සංවිධායකයන් විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීගයේ Icon, Star වර්ගීකරණයට අයත් වීමට නම් ක්‍රීඩකයෙකුට සමාජ ජාලා වල 250,000 ක අනුගාමිකයන් (Followers) පිරිසක් සිටීම අනිවාර්ය කර තිබේ.” යනුවෙන් සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.






මෙම සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කරදෙන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කළ අතර එම ඉල්ලීම්ද, මුල් කරගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) යනු ශ්‍රී ලංකාවේ වෘත්තීය විස්සයි20 (T20) ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලියයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් 2020 දී ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකාවේ විවිධ නගර නියෝජනය කරන කණ්ඩායම් පහක් මෙයට ඇතුළත් වේ.
මේ වසරේ (2026) ජූලි 10 සිට අගෝස්තු 5 දක්වා මෙම තරඟාවලිය පැවැත් වීමට නියමිතයි. ලියාපදිංචි වීමේ ද්වාරය(Portal) මැයි 18 දක්වා Sri Lanka Cricket වෙබ් අඩවියේ විවෘතව පවතින අතර, මේ වන විටත් ප්‍රධාන රටවල් රැසක ක්‍රීඩකයින් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
LPL 2026 ක්‍රීඩක ලියාපදිංචියේ මතභේදාත්මක තත්ත්වය
2026 මැයි මාසයේදී හඳුන්වා දුන් මතභේදාත්මක රීතියකට අනුව, Icon සහ Star කාණ්ඩයේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමට සමාජ මාධ්‍ය අනුගාමිකයින්(Followers) 250,000 කට වඩා සිටිය යුතු බවට වූ රීතියට ක්‍රිකට් ප්‍රජාවෙන් සැලකිය යුතු විරෝධයක් එල්ල වී තිබීම, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඔස්සේ ද, වාර්තා කර තිබුණා.
ESPNcricinfo හි පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන වාර්තාකරුවකු විසින් මෙම කොන්දේසිය සම්බන්ධ වාර්තාව X ඔස්සේ පළ කර තිබුණා.

මෙම කොන්දේසිය සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මේ විමසීමක් කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු වන ප්‍රසන්න රොද්‍රිගු මහතා සඳහන් කළේ, 2026 මැයි 9 වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශ මාලාව (Version 1.5) මගින් එම කොන්දේසිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවයි. එනම් ක්‍රිකට් ක්‍රීඩයන් සඳහා සමාජ මාධ්‍ය අනුගාමිකයන් සිටිය යුතු බවට සඳහන් රීතිය ඉවත් කර ඇති බවයි.
මෙම ඉවත් කිරීම පිළිබඳ මෙරට මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
සමාජ මාධ්‍ය අනුගාමිකයන් පිළිබඳ කොන්දේසිය ඉවත් කිරීමෙන් පසු, ක්‍රීඩකයන් කාණ්ඩ කරනු ලබන වත්මන් ක්‍රීඩා සුදුසුකම් මෙසේය.
Lanka Premier League (LPL) 2026 සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ Draft ක්‍රියාවලිය සහ ඒ හා බැඳුණු නීති රීති
ක්‍රීඩක කෙටුම්පත (LPL Player Draft 2026 )පසුගිය වසර දෙකේ පැවති ක්‍රීඩක වෙන්දේසි (Auction) ක්‍රමය වෙනුවට මෙවර නැවතත් Player Draft ක්‍රමය භාවිතා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර ඇත.
Draft දිනය : මුලින් මාර්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, දැන් එය 2026 මැයි 23 වන දින පැවැත්වීමට නියමිත ඇත.
සෘජු අත්සන් කිරීම් (Direct Signings): වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් සිව්දෙනෙකු (දේශීය Icon 1, විදේශීය Icon 1, දේශීය Star 1, විදේශීය Star 1) බැගින් සෘජුවම අත්සන් කරවා ගත හැක.
කණ්ඩායමක සංයුතිය: සෑම සංචිතයකටම අවම වශයෙන් ක්‍රීඩකයන් 18ක් සහ උපරිම වශයෙන් 24ක් (විදේශීය ක්‍රීඩකයන් 6ක් ඇතුළුව) ඇතුළත් විය යුතුය.
ක්‍රීඩකයන් වර්ගීකරණය කර ඇති ප්‍රධාන කාණ්ඩ
LPL 2026 තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් වර්ගීකරණය කර ඇති ප්‍රධාන කාණ්ඩ 6ක් පවතී. Lanka Premier League (LPL) හි ක්‍රීඩකයන් ඔවුන්ගේ ජාත්‍යන්තර පළපුරුද්ද සහ දක්ෂතා මත පදනම්ව පහත සඳහන් කාණ්ඩවලට බෙදා තිබේ. ක්‍රීඩක කාණ්ඩ කණ්ඩායම් හිමිකරුවන් සිය සංචිත සකස් කිරීමේදී මෙම කාණ්ඩ යටතේ ක්‍රීඩකයන් තෝරාගත යුතුය.
Icon : ඉහළම කාණ්ඩයයි. සුදුසුකම් ලැබීමට T20I තරඟ 75කට වඩා සහ Franchise තරඟ 100කට වඩා ක්‍රීඩා කර තිබිය යුතුය.
Star : දෙවන ඉහළම කාණ්ඩයයි. T20I තරඟ 50ක් සහ Franchise තරඟ 100ක පළපුරුද්ද අවශ්‍ය වේ.
Gold : මධ්‍යම මට්ටමේ කාණ්ඩයයි. අවම වශයෙන් T20I තරඟ 30ක් සහ Franchise තරඟ 75ක් ක්‍රීඩා කර තිබිය යුතුය.
Classic : T20I තරඟ 20ක් සහ Franchise තරඟ 50ක පළපුරුද්ද ඇති ක්‍රීඩකයන් මෙයට ඇතුළත් වේ.
Associate Stars : අයි.සී.සී. (ICC) ආශ්‍රිත සාමාජික රටවල (Associate Nations) දක්ෂ ක්‍රීඩකයන් සඳහා වෙන්වූ කාණ්ඩයකි.
Local Emerging U23 : ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23ට අඩු නැගී එන දක්ෂ ක්‍රීඩකයන් සඳහා වෙන්වූ විශේෂ කාණ්ඩයකි.
කණ්ඩායම් වර්ගීකරණය (Team Classification)
LPL තරඟාවලියේදී කණ්ඩායම් කාණ්ඩ කරනු ලබන්නේ ඒවා නියෝජනය කරන නගර පදනම් කරගෙනය.
නගර පදනම් වූ කණ්ඩායම්: කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය සහ දඹුල්ල යන නගර නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් තරඟ වදී.
ෆ්‍රැන්චයිස් හිමිකාරිත්වය: සෑම කණ්ඩායමක්ම පෞද්ගලික හිමිකරුවන් (Franchise Owners) යටතේ පාලනය වන “Franchise” කණ්ඩායම් ලෙස හැඳින්වේ. මේ පිළිබඳ තොරතුරු මෙතනින්.
ක්‍රීඩා සුදුසුකම්
| කාණ්ඩය (Category) | T20I තරඟ | Franchise තරඟ | පසුගිය මාස 18 තුළ තරඟ |
| Icon | 75+ | 100+ | 30+ |
| Star | 50+ | 100+ | 30+ |
| Gold | 30+ | 75+ | 20+ |
| Classic | 20+ | 50+ | 20+ |
විදේශීය ක්‍රීඩකයන්, පසුගිය මාස 12 තුළ තම ජාතික කණ්ඩායම හෝ ප්‍රධාන පෙළේ T20 ලීගයක (IPL, BBL, ILT20 වැනි) ක්‍රීඩා කර තිබිය යුතුය.
නැගී එන ක්‍රීඩකයන්, සෑම සංචිතයකම වයස අවුරුදු 23ට අඩු (2003 ජූලි 1 න් පසු උපන්) දේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටීම අනිවාර්ය වේ.
2026 වසර සඳහා නියමිත ක්‍රීඩක වැටුප් කාණ්ඩ පහත පරිදි වේ

LPL කණ්ඩායම් සහ හිමිකරුවන්
LPL තරඟාවලිය ප්‍රධාන කණ්ඩායම් (Franchises) පහකින් සමන්විත වන අතර, කොළඹ සහ ගාල්ල කණ්ඩායම්වල හිමිකාරිත්වය මෑතකදී වෙනස් වී තිබුණා.
- යාපනය කිංග්ස් (Jaffna Kings):
වත්මන් ශූරයන් සහ LPL ඉතිහාසයේ සිව්වතාවක් ශූරතාව දිනූ සාර්ථකම කණ්ඩායමයි. මෙහි හිමිකාරිත්වය ලයිකා සමූහය (Lyca Group) සතු වන අතර, එහි නායකත්වය දරන්නේ අලිරාජා සුබාස්කරන් මහතායි. - මහනුවර ෆැල්කන්ස් (Kandy Falcons):
කන්ද උඩරට නියෝජනය කරන කණ්ඩායමයි. මෙහි හිමිකාරිත්වය පූර්ණිමා සමරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් Kandy Falcons Sports Management ආයතනය සතු වේ. - කොළඹ කැප්ස් (Colombo Kaps):
මීට පෙර “Colombo Strikers” ලෙස හැඳින්වුණු මෙම කණ්ඩායම, මෑතකදී ඉන්දියානු ව්‍යවසායකයන් වන සරණ්‍යන් පලනිස්වාමි සහ කේ.සී. ශ්‍යාම් කංගයන් මෙහෙයවන Witness Sports Alliance LLC ආයතනය විසින් මිලදී ගන්නා ලදී. - ගාල්ල ගැලන්ට්ස් (Galle Gallants):
මීට පෙර “Galle Marvels” ලෙස හැඳින්විණි. 2026 මැයි මාසයේදී මෙම කණ්ඩායම කිරන් මන්ත්‍රිප්‍රගාද මෙහෙයවන Gallant Sports and Media LLC ආයතනය විසින් අත්පත් කර ගන්නා ලදී. - දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers):
මධ්‍යම පළාත නියෝජනය කරන කණ්ඩායමයි. මෙහි හිමිකාරිත්වය දෙහ්මි ලොකුහෙට්ටි මහත්මියගේ නායකත්වයෙන් යුත් Sequoia Consultants ආයතනය සතු වේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :මෙම කරුණු පැහැදිලි කිරීමෙන් පෙන්වා දෙන්නේ, ලංකා ප්‍රීමියර් ලීගයේ Icon, Star වර්ගීකරනණයට අයත් වීමට නම් ක්‍රීඩකයෙකුට සමාජ ජාලා වල 250,000 ක අනුගාමිකයන් (Followers) පිරිසක් සිටීම මීට පෙර අනිවාර්ය කර තිබුණු බව ත්, 2026 මැයි 9 වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශ මාලාව මගින් එම කොන්දේසිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ත්ය. එනම්, ක්‍රිකට් ක්‍රීඩයන් සඳහා සමාජ මාධ්‍ය අනුගාමිකයන් සිටිය යුතු බවට සඳහන් රීතිය ඉවත් කර ඇති බවයි.


