දිවයිනේ මිලිමීටර් 300 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බවට අසත්‍ය සටහන්!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

මේ දිනවල දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය සමගින් නිල ආයතන විසින් සිදු කළ ප්‍රකාශය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසන් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහනක් කිහිපයක නිර්වද්‍යතාව සොයා බැලීමට Factcresendo අප කණ්ඩායම කටයුතු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පවතින පීඩන අවපාතය සහ එල්නිනෝ සක්‍රීය වීම හමුවේ ඉදිරි දින කිහිපය තුළ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 300 ඉක්මවන අතිශය තද වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.

මෙම හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා වන විශේෂ සම්බන්ධීකරණ රැස්වීමක් ඊයේ (10) දහවල් නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ බව එහි වැඩිදුරටත් සඳහන්.

Facebook | Archived Link

එමෙන් ම ලක් ඉතිහාසයේ දකුණේ මීට පෙර ඇති නොවූ ගංවතුර තත්ත්වයක් ඇති වන බවට ද, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී මි.මී. 300 වැඩි වර්ෂාපතනයක් ලැබෙන බවට පුරෝකථනය කර ඇත්දැයි යන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදන හරහා ප්‍රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එලෙසින් දිවයිනේ කිසිදු ප්‍රදේශයක මි.මී. 300 ඉක්මවන වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව වාර්තා කළ බවට කිසිදු සාක්ෂියක් දැක ගන්නට නොලැබුණි.

අද (11) දින උදෑසන දත්ත විශ්ලේෂණ අනුව ශ්‍රී ලංකාව අශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී මේ වනවිට දිවයිනට ඊසාන දෙසින් පවතින බව ත්, මෙම පද්ධතියේ බලපෑම මත, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තුවන බවට අද සවස 4ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව ත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.

මිලිමීටර් තුන්සීයක හාරසීයක දිනපතා ලැබෙන වර්ෂාවක් ගැන තොරතුරක් නෑ” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සටහන් සම්බන්ධයෙන්, එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබුණේ, මිලිමීටර් තුන්සීයක හාරසීයක පමණ දිනපතා ලැබෙන වර්ෂාවක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  වාර්තා කර නොමැති බවයි. කාලගුණයේ වෙනස්වීම ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා.

මිලිමීටර් තුන්සීයක හාරසීයක දිනපතා ලැබෙන වර්ෂාවක් ගැන තොරතුරක් නෑ. නමුත් දිට්වා සුලි කුනාටුව කාලෙදිත් ඔය වගේ සාකච්ඡාවක් ආවා. 13 වැනිදා දක්වා වැස්ස වැඩියිනෙ. එතකොට දවස් කීපයේම එකතුව මිලිමීටර් තුන්හාරසීයට වැඩිවෙන්න පුළුවන්. ලංකාවේ අනාවැකිකරණයේදී භාවිත කරන්නෙ දිනකට ලැබෙන වර්ෂාවේ අගය. මහජනතාවට ආරාධනා කරනවා ආපදා සහිත කාලවලදී නිල තොරතුරු භාවිත කරන්න කියලා. සමාජ මාධ්‍යයේ අපි දකින්නේ මිනිස්සු බය කරන අසත්‍ය තොරතුරු. වට්සැප් ෆේස්බුක් හරහා එන එවැනි තොරතුරු ගැන අපට පැමිණිලි රැසක් ලැබෙනවා. නමුත් ඒ හැම එකකටම ප්‍රතිචාර දක්වන්න අපහසුයි. වැස්ස මුහුද ගැන පැය 24ම දැනගන්න පුළුවන් අපේ 0112 686686 අංකයෙන්. ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117නුත් පුළුවන්.

කෙසේ වෙතත් මැයි 11 සිට අඩු පීඩන කලාපයක් ඇති වන අතර ඉදිරි දිනවල මි.මී. 100ට වැඩි තද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර 13 වනදායින් පසු මුහුද රළු විය හැකි බව ද, මෙම සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දක්වා සිටියා. ඉදිරි දිනයේ පවතින වර්ෂාපතනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව මෙතනින්.

මිලිමීටර් 300 ඉක්මවන අතිශය තද වර්ෂාපතනයක් ඇති වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල පෙන්වා දී තිබුණේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විසින් ඊයේ (10)  පවත්වා තිබුණු හදිසි තත්ත්වයට මුහුණ දීම සඳහා වන විශේෂ සම්බන්ධීකරණ රැස්වීමක බව අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය

ගංවතුර තත්ත්වයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර නොමැති බව අප කළ විමසීමේදී එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සෑම විටම කාලගුණ දෙපාර්තමේන්තුව, අපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන නිවේදන පරිශීලනය කරන මෙන් ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දිවයිනේ, පවතින කාලගුණ තත්වය හමුවේ, මිලිමීටර් 300 ඉක්මවන අතිශය තද වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බවට පළවන සටහන් අසත්‍ය බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම කරුණ අසත්‍ය බව ත්, ඔවුන් මේ පිළිබඳ පුරෝකථනය කර නොමැති බව සඳහන් කරනවා. එමෙන් ම ලක් ඉතිහාසයේ දකුණේ මීට පෙර ඇති නොවූ ගංවතුර තත්ත්වයක් ඇති වන බවට ද, සමාජ මාධ්‍ය සටහන් ද, අසත්‍ය බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය තහවුරු කරනවා.

Result Stamp

Title: දිවයිනේ මිලිමීටර් 300 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ අවදානමක් පවතින බවට අසත්‍ය සටහන්!

Fact Check By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *