දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

2024 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නොයෙකුත් නොමග යන සුළු සටහන් කිහිපයක් සංසරණය වී තිබූ අතර එවැනි සටහන් වල නිරවද්‍ය කරුණු සොයා අප මීට පෙර ද, කරුණු විමර්ශනයන් සිදු කරන අතර භූමදාන සහ ආදාහන කටයුතු සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක සත්‍ය කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

භූමදාන සහ ආදාහන කටයුතු සඳහා ද, වැට්බදු වලට අයත් බව ට දක්වමින් සටහන් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අවස්ථාවන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

වෙබ් ලිපියක පළ වූ පුවතක් මෙලෙසින්. Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

මේ හේතුවෙන් භූමදාන සහ ආදාහනට කටයුතු සඳහා ද, වැට් බදු අය කෙරෙනවා ද යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එකතු කළ අගය මත බදු (වැට් බදු) නිදහස් කිරීම හේතුවෙන් දළ දේශිය නිෂ්පාදිතයෙන් 2%ක පමණ රාජ්‍ය ආදායමක් වාර්ෂිකව අහිමිවන බවට ඇස්තමේන්තු කර ඇති බැවින්, ආදායම් මූලික කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් 2024 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කරමින් 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත 2023 දෙසැම්බර් 13 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

නමුත් ඉහත සඳහන් සටහන් වල පෙන්වාදෙන පරිදි භූමදාන සහ ආදාහනට කටයුතු සඳහා වැට් බදු පනවා ඇති බවට දැක ගන්නට නොලැබුණු අතර, ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ ඒ සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

මීට පෙර, විවිධ භාණ්ඩ සහ සේවා ප්‍රධාන අයිතම 138 ක පමණ වැට් බද්ද නිදහස් කර තිබූ අතර, මෙම නව සංශෝධන පනත මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහන, කෘෂිකර්මය යනාදී ආර්ථිකයේ ප්‍රධාන අංශ සහ අඩු ආදායම්ලාභී කුටුම්භවලට ඉහළ බලපෑමක් ඇති කරන භාණ්ඩ හා සේවා අයිතම 43 ක් පමණ තවදුරටත් වැට් බද්දෙන් නිදහස් කර තිබුණා.

එලෙසින් නිදහස් කරන ලද භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙතනින්.‍

එය පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, නිදහස් කරන ලද භාණ්ඩ හා සේවා ලැයිස්තුවේ, සැපයීම හා ආනයනය කිරීම යටතේ (ආ) කොටසේ (iv) කරුණ යටතේ “යම් ආයතනයක් හෝ තැනැත්තෙකු විසින් සපයනු ලබන භූමදාන සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා” වලින් වැට් බදු නිදහස් බවයි.

ird.gov.lk

වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් පසුගිය 02 වන දා නිවේදනය කර තිබුණා. එම නිවේනදනය මෙතනින්.

එහිදී ද, භූමදාන සහ ආදාහන කටයුතු සම්බන්ධ සේවා බදුවලින් නිදහස්වන අයිතම යටතට එක් කර තිබෙනු දැක ගන්නට ලැබීමෙන් තවදුරටත් එම කරුණ තහවුරු වේ.

ඒ අනුව, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි භූමදාන සහ ආදාහනට කටයුතු සඳහා ද, වැට්බදු පනවා නොමැති බවට තහවුරු කළ හැක.

Also read : වැට් බදු හේතුවෙන්, වැඩිවෙන ඇමතුම් ගාස්තු සහ රූපවාහිනී පහසුකම් ගාස්තු සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, භූමදාන සහ ආදාහන කටයුතු සඳහා ද, වැට්බදු පනවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු සංශෝධන පනත මගින් විවිධ භාණ්ඩ සහ සේවා ප්‍රධාන අයිතම 138 ක පමණ වැට් බද්ද නිදහස් කර තිබූ අතර, භූමදාන සහ ආදාහනට කටයුතු සඳහා බදු නිදහස් කර ඇති බවට බදු ගෙවන්නන් වෙත යොමු කර තිබූ නිවේදනයේ සඳහන් වේ.

Avatar

Title:භූමදාන සහ ආදාහන කටයුතුවලට වැට් බදු පනවා ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Written By: Pavithra Sandamali

Result: False