දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව සුඛෝපබෝගි බස් රථයක් යොදා ඇති බවට දක්වමින් එම බස් රථයේ ඡායාරූප බවට හඟවමින් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මෙම බස් රථය එම මාර්ගයේ සත්‍ය වශයෙන්ම ධාවනය කෙරෙන බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බවයි.

මෙම සටහන් 2023 වසරේ සිට දහසකට වැඩි පිරිසක් අතර හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එම ඡායාරූපයේ දැක්වෙන පරිදි නිදා ගැනීමට පහසුවන අයුරින් ඇඳවල් මෙන් ම, වෙනත් සුඛෝපබෝගී අංග ඇතුළත් නගරාන්තර සුඛෝපභෝගී බස් රථ සේවාවක් මෙරටට ක්‍රියාත්මක වන බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත්දැයි යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි තොරතුරක් හෝ ඡායාරූප, වීඩියෝ ඇතුළත් කිසිදු වැඩසටහනක් හෝ ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් හෝ දැක ගන්නට නොලැබුණි.

දැනට කොළඹ සිට ඇල්ල වෙත ක්‍රියාත්මක වන සුඛෝපබෝගී බස් සේවාවේ විස්තර:

මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන සුඛෝපබෝගී බස් රථ සේවාවන් සපයන ආයතන කිහිපයකින් ද, අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් පැවසුවේ, ඉහත ඡායාරූපයේ දැක්වෙන බස් රථ කොළඹ සිට ඇල්ලට ධාවනය වනවා දැක නොමැති බව ත්, එය අසත්‍ය තොරතුරුක් බවයි.

එමෙන් ම ඇල්ල ප්‍රදේශයේ සංචාරක කටයුතු හා සම්බන්ධ සම්බන්ධ ආයතන හා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ද, අප තහවුරු කර ගත්තේ, ඡායාරුප පෙළෙහි දැක්වෙන ආකාරයේ බස් රථ සේවයක් දැනට කොළඹ - ඇල්ල අතර ක්‍රියාත්මක නොවන බවයි.

එසේම බස් සේවාවන් තවදුරටත් පැවසුවේ, සිය සුඛෝපබෝගි බස් රථ ඔස්සේ, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරමින්, මත්තල, තණමල්විල, වැල්ලවාය, හරහා ඇල්ල වෙත පැය 04 – 05ක් වැනි කාලයකින් පහසුවෙන් ළඟාවීමේ සේවාවක් ක්‍රියාත්මක වන බැවින්, එම මාර්ගය සඳහා නිදා ගැනීමට පහුසකම් සපයන බස් රථ සේවාවක අවශ්‍යතාවයක් නොමැති බවයි.

දැනට කොළඹ - ඇල්ල ගමන සඳහා යොදාගන්නා සුඛෝපබෝගි බස් රථයක් මෙතනින්. තවත් බස් රථයක් මෙතැනින්. මෙහි පහසුවෙන් ඇලවිය හැකි පරිදි සකස් කළ හැකි ආසන සමන්විත අතර දැනට කොළඹ - ඇල්ල ගමන සඳහා රු. 2400ක් පමණ අය කෙරෙනවා.

ඉන්දියාවේ නගරාන්තර අධි සුඛෝපබෝගි බස් රථ සේවයක සේයාරූ පෙළක්!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූප Reverse Image සෙවුමක් සඳහා කිරීමේදී අපට දැක ගත හැකි වූයේ, ඉහත බස් රථයේ ඡායාරූප දැක්වෙන්නේ, ඉන්දියාවේ භාවිතා වන Volvo 9600 15m Sleeper Intercity Luxury බස් රථ බවයි.

බස් රථ සහ මෝටර් රථ ක්‍රියාකරු සහ අනුබද්ධ අංශයේ සියලුම පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට ගෙන එන Prawaas 3.0 නමැති බස් රථ සහ මෝටර් රථ හිමිකරුවන් සහ ක්‍රියාකරුවන්ගේ ජාතික අග්‍රස්ථ ආයතනයක් වන ඉන්දියාවේ බස් සහ කාර් ඔපරේටර්ස් කන්ෆෙඩරේෂන් (BOCI) විසින් සංවිධානය කළ උත්සවයකදී 2022 වසරේ මෙම බස් රථය එළි දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ඉන්දීය වාහන සම්බන්ධ වෙබ් අඩවියක පළ වූ ලිපයක් මෙතනින් සහ මෙතනින්. Archived Link එම සුඛෝපබෝගි බස් රථයේ වීඩියෝවක් මෙතනින්.

සුඛෝපභෝගී වොල්වෝ/මයික්‍රෝ (ශ්‍රී ලංගම) නගර බස් රථ 2010 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වා තිබුණා. ඒ සම්බන්ධ ඡායාරූප සහිත සමාජ මාධ්‍ය සටහනක් මෙතනින්. නමුත් මෙහි ඉහත ඡායාරූප වල දැක්වෙන සේ නිදන ආසන සහිත අධි සුඛෝපබෝගි බස් රථ නොවේ.

එමෙන් ම මෙරට සුඛෝපබෝගී වොල්වෝ බස් රථ කුලී පදනම මත ලබා ගත හැකි බස් රථ ද ඇති මුත් ඒවා ද, ඉහත සඳහන් නිදන ආසන සහිත බස් රථ නොවේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි කොළඹ සිට ඇල්ල දක්වා ගමන් කරන නිදන පහසුකම් සහිත අධි සුඛෝපබෝගි බස් රථ ධාවනය වන බවට පෙන්වා දුන් සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු බවයි.

සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ඡායාරූප ඉන්දියාවේ Volvo 9600 Sleeper Intercity Luxury බස් රථ එළි දැක්වීමේ දී ලබා ගත් ඡායාරූප පෙළකි. කොළඹ සිට ඇල්ල දක්වා පැය 04-05 වැනි කෙටි කාලයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ලඟාවිය හැකි සුඛෝපබෝගී බස් සේවාවක් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන අතර කෙටි කාලය හේතුවෙන් ඇඳවල් වැනි පහසුමක අවශ්‍යතාවක් ද නොමැති බව බස් සේවාවන් පවසනවා.

Avatar

Title:කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?

Written By: Pavithra Sandamali

Result: Misleading