දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වංචනික ලෙස මාර්ග ගත ක්‍රම ඔස්සේ අයථා ලෙස මුදල් ලබා ගැනීම මේ දිනවල බහුලව සිදුවෙනවා. රාජ්‍ය ආයතන වල නාමයන් අවභාවිත කරමින් ව්‍යාජ ලෙස මුදල් සොරකම් සිදුවනවා. එවැනි වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් අප සිදුකර කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කුරියර් සේවාවක් ලෙස පෙනී සිටිමින් තමන්ට පැමිණි පාර්සලයක් භාර දීම සඳහා භාරදිය යුතු ස්ථානය(Location) පැය 12 ක් ඇතුළත යාවත්කාලීන කරන ලෙස දන්වමින් එලෙසින් සිදු නොකළහොත් එම පාර්සලය නැවත හරවා යන බව ට දක්වමින් එලෙසින් යාවත්කාලීන කිරීමට සබැඳියක් ද දක්වමින් කෙටි පණිවිඩයක්(SMS) ඇතැම් පිරිස් සඳහා ලැබී තිබෙනවා. එම පණිවිඩය පහතින්.

එම සබැඳිය ක්ලික් කළ විට ශ්‍රී ලංකා තැපැත් දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය බවට පෙනීමට සලස්වා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ, ඔබගෙල් පාර්සලය භාර දිය යුතු ලිපිනය පැහැදිලි නොමැති බැවින් එය භාරදීමට නොහැකි බව ත්, එය නැවත මෙහෙයුම් කටයුතු සිදුවන ස්ථානය වෙත භාර දී ඇති බව ත්, ඔබගේ ලිපිනය නැවත යාවත් කාලීන කරන ලෙසයි.

එමෙන් ම එය තවදුරට ත් පිරවීම සඳහා ෆෝරමයක් වෙත ගෙන යන අතර එහිදී ඔබගේ අන්තර්ජාලය හරහා මාර්ග ගත ලෙස තම බැංකු මුදලින් මුදල් ගෙවීම් සිදුකළ හැකි ක්‍රමයක් පිළිඹිමු කෙරේ.

එම පණිවිඩය පහතින්.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත සඳහන් කෙටි පණිවිඩය ලැබුණු බොහෝ පිරිසක් ඉහත සැබඳිය ඔස්සේ ගොස් මුදල් ගෙවා ඇති අතර ඔවුන් මෙලෙසින් මුදල් වංචාවකට හසුවී තිබුණා.

ඔවුන් සඳහන් කරන්නේ, තමන්ට සත්‍ය වශයෙන් ම මාර්ග ගත ක්‍රම ඔස්සේ ඇනවුම් කරන ලද භාණ්ඩ තිබූ බව ත්, එවැනි භාණ්ඩ තමන්ගේ ලිපිනයට භාරදීමේ ඉහත පණිවිඩයේ සඳහන් ලෙස දෝශයක් සිදු වී ඇති බව ට සිතා තමන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති බව ත්, ඊට මූලික හේතු ව වී තිබුණේ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් එම සබැඳිය ලබා දුන් බව ට ඔවුන් උපකල්පනය කළ බවයි.

එම කෙටි පණිවිඩයේ පැමිණි සබැඳිය පරීක්ෂා කිරීමේදී එය නිල ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියේ සබැඳිය නොවන බවට දැක ගන්නට ලැබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවියේ සබැඳිය : https://slpost.gov.lk/

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ බව ට හඟවා තිබූ ව්‍යාජ සබැඳිය : https://slpost-gov-lk.lat/Jfr5mo/

එමනේ ම කිසිදු විටක ඕනෑම රාජ්‍යයක් යටතේ ලියාපදිංචි වන රජයේ නිල වෙබ් අඩවි වන ලිපිනයේ අවසන එම රාජ්‍යය නියෝජනය කරන අක්ෂරයෙන් අවසන් වේ.

උදා : gov.lk, nj.gov, gov.in, gov.uk

මේ හේතුවෙන් වසම් නාමය පරීක්ෂා කරන්න: නීත්‍යානුකූල රජයේ වෙබ් අඩවි වල සාමාන්‍යයෙන් .gov වලින් අවසන් වන නිල වසම් නාම ඇත. එමෙන් ම සමාන නම් ඇති නමුත් .com, .net, හෝ .org වැනි විවිධ උපසර්ග සහිත වෙබ් අඩවි සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න.

කෙටි පණිවිඩය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

‘පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන’ ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවිඩයක් ලෙස ව්‍යාජව සකස් කළ කෙටි පණිවිඩ මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post ආදී නම් යොදා ගනිමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව එම දෙපර්තමෙන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදු නොකරන බව ත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බව ත් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ තැපැල්පති තවදුරට ත් සඳහන් කළේ, මහ ජනතාව වෙත ලැබෙන කෙටි පණිවිඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩ මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබා දීමෙන් වැළකී සිටින ලෙස යි.

පහත දක්වා ඇති දුරකතන අංක ඔස්සේ මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කළ හැකි බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව - 1950

තොරතුරු තාක්ෂණ අංශය - 0112542104, 0112334728, 0112335978, 0112687229, 011233072

Also Read : SCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Beware of Imposter Text Messages Pretending to be DHL and Requesting Clearance Fee!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Avatar

Title:පාර්සලයක් ලබා ගැනීමට මූලික මුදල් අයකරගන්නා කුරියර් සේවාවක් ලෙස, නැවත හුවමාරු වන ජාවාරමක්!

Fact Check By: Pavithra Sandamali

Result: False