දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මුදල් මුද්‍රණය කිරීම වැනි මාතෘකා සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙන මෙවන් වකවානුවක, එම තේමාවෙන්ම හුවමාරු වූ සටහන් පෙළකින් පෙන්වා තිබුණේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ රුව රැගත් මුදල් නෝට්ටු නිර්මාණය කර ඇති බවක්.
සමාජ ජාලා සටහන්
සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙන මෙම සටහන් මගින් දැක්වෙන්නේ ජනාධිපති අනුර කුමාරගේ රුව රැගත් මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර ඇති බවයි. එසේම මෙහි දක්වා ඇති මුදල් නෝට්ටුවේ අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන ද යොදා ඇති බවක් ද පෙන්වා තිබුනේ මෙලෙසින්.
බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබු මෙම සටහන් පිළිබඳව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
අප මුලින්ම සොයා බැලුවේ අනුර කුමාරගේ රුව රැගත් මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.
ඉන් අනතුරුව අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුව Reverse Image සෙවුමක් වෙත යොමුකළ අතර එහිදී මෙම නෝට්ටුවේම කාණ්ඩ අංකය ඇතුලත් රුපියල් 5000 නෝට්ටුවක් අන්තරජාලය තුල E Bay වෙබ්ඇ අඩවියේ දක්නට ලැබුණා. Archived
එම රුපියල් පන්දහසේ නෝට්ටුව සහ සමාජ ජාලා තුල හුවමාරු වන, ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද රුපියල් පන්දහසේ නෝට්ටුව අතර සංසන්දනයක් පහතින්.

ඉහත දකුණු පස ඇති රුපියල් පන්දහසේ නෝට්ටුවේ ඇති කුරුල්ලාගේ රුව ඉවත්කර ,ඒ වෙනුවට ජනපති අනුර දිසානායකගේ රුව යොදාගෙන ඇති බවක් මෙහි දක්නට ලැබෙනවා.
සැබෑ නෝට්ටුව 2015 වසරේ නිකුත් කරන ලද්දක්. එසේම එහි ඇත්තේ එවකට මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කල රවී කරුණානායක ගේ අත්සනයි.
එසේම සැබෑ සහ සංකරණය කරන ලද නෝට්ටු දෙකෙහිම තිබෙන්නේ, 2015 වසරේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනයි.
තවද ඉහත සමාජ ජාලාවල පැතිරෙන නෝට්ටුවල නිකුත් කල දිනය වෙනස් කර තිබුනේ ද 2024.9.21 ලෙසයි. එනම් ජනාධිපතිවරණය පැවති දිනයයි. කෙසේවුවත් අනුර දිසානායක ජනාධිපති ලෙස තේරී පත්වී එම ධුරයේ දිවුරුම් දෙන්නේ සැප්තැම්බර් 23 වැනිදා යි.
මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ විජිත හේරත් අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනුර දිසානයකගේ අත්සන සහිත මුදල් නෝට්ටු මෙතෙක් නිකුත් කර නොමැති බවයි.
එසේම මුදල් මුද්‍රණය කිරීම පිළිබඳව මහජනතාව අතර තිබෙන ප්‍රශ්න ගැන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවසා තිබුනේ ද මෑතක දී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් සිදුව නොමැති බවයි. මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු (Open Market Operations) හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවත්, මේ ආකරයට විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා බවත්, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිවේදනය ENG | SIN
මේ ගැන වැඩිදුර කරුණු ද ඇතුළත්ව, විවට වෙළඳපොළ කටයුතු (Open Market Operations) හරහා ද්‍රවශීලතාව ලබාදීම ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නොබෝදා අප පළකර ලිපියක් පහතින්.
මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද?
Update: 2024.11.06
*************************
මේ සම්බන්ධ මුදල් නෝට්ටු ,ඩිජිටල් ආකාරයෙන් නිර්මාණය කල බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කල අතර ඒ සම්බන්ධව සමහර යු ටියුබ් චැනල් ආදියේ පලව තිබුනේ ඒ ආකාර මුදල් මුද්‍රණය කල ගබඩාවක් වැටලු බවට නොමගයන සුළු ආකාරයෙන්.

මෙය සිදුකර තිබුනේ චැනල් 4 නම් යූ ටියුබ් චැනලයේ වන අතර ,නොමගයන සුළු සිරස්තලයක් යොදා තිබුනත් ,වීඩියෝවේ අන්තර්ගතයේ ඇත්තේ අතුරුගිරියේදී අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගත බවයි. එම වීඩියෝව පහතින්.
අප ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශයෙන් විමසු විට ඔවුන් සදහන් කලේ , මුද්‍රණය කල මුදල් තොගයක් අත්අඩංගුවට නොගත් අතර සමාජ ජාලාවල බහුලව පැතිරුණු අදාළ නෝට්ටු සේයාරුව නිර්මාණය කල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමක් මෙහිදී සිදුවූ බවයි.
*******************************************************************
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion)
අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරු වන්නේ මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් සහ ඔහු ගේ රුව සහිත රුපියල් 5000 නෝට්ටුවක් නිකුත් කර ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. එම නෝට්ටුව ලෙස පළවන්නේ සංස්කරණය කරන ලද සේයාරුවකි.

Title:සමාජ ජාලා හරහා සංසරණය වන අනුරගේ රුව රැගත් රුපියල් 5000 ,සංස්කරණය කරන ලද්දක්
Written By: Fact Crescendo TeamResult: False
