
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
10වන පාර්ලිමේතු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණු අතර එහි සමස්ත මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ලබාදී අවසන්. මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන කාලය තුළ ද ප්‍රතිඵල සම්බන්ධව නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණු අයුරු අපට දක්නට ලැබුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
ඩග්ලස් දේවානන්ද මහතාට යාපනය වෙරළ තීරයේදී ඔහුගේම පිරිසකගෙන් පහරදීමක් ලෙස සඳහන් කරමින් පිරිසක් විසින් එම මහතා වටකරගනිමින් කලබලකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළකර තිබුණා.
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන කාලය අතර තුළ මේ වීඩියෝව පළ කර තිබූ අතර මෙම වීඩියෝව සමඟ පළ කර තිබූ සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙසේ පහරදීම් සිදුනොකර දූෂිත දේශපාලකයින්ට නීතියේ උපරිම දණ්ඩනයට යටත්ව දඬුවම් ලබාදිය යුතු බවයි. තව ද නව රජයේ ප්‍රමුඛ ඉලක්කයක් ලෙස එය ඉෂ්ට කිරීමට ජනතාව සහ රජය යොමු කරමු ලෙසයි.
එම වීඩියෝව මෙසේයි.
ඇත්තටම මැතිවරණයෙන් පසු ප්‍රතිඵල නිකුත්වන කාලයේදී හෝ ඉන් පසු ඩග්ලස් දේවානන්දට යාපනය වෙරළේදී ඔහුගේම පිරිස විසින් පහරදීමක් සිදුකළා ද? අප විසින් මෙහි සත්‍යතාව විමසා බැලීමට පියවරගනු ලැබුවේ මේ අයුරිනි.
Fact Checked (කරුණු විමර්ශණය):
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් නොවුන ද, ඩග්ලස් දේවානන්ද යනු මීට පෙර වාර ගණනාවක් උතුරු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපානඥයෙක් වන අතර ඔහුට යම් පහරදීමක් සිදුවූයේ නම් අනිවාර්‍යෙන් ම එවැනි තත්වයක් ගැන ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ වාර්තා වී තිබිය යුතු යුතු නමුත් එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
අද දිනයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍ය සාකඡාවකට එක් වී අදහස් දැක් වූ නමුත් මෙවන් සිදුවීමක් සම්බන්ධ කිසිඳු දැනුම්දීමක් සිදු කරනු නොලැබීය.
මෙවැනි පහර දීමක් සම්බන්ධයෙන් අප යාපනය පොලිස් ස්ථානයෙන් ද විමසීමක් සිදුකළ අතර ඔවුන් තහවුරු කළේ ද මේ දිනවල එවැනි සිදුවීම් වාර්තා වී නොමැති බවයි.
ඒ අනුව අප මෙම වීඩියෝවේ රූප රාමු පිළිබඳව වැඩිදුරටත් සොයා බැලූ අතර එහිදී අපට දැකගත හැකි වූයේ මෙය මීට මාස 6 කටත් පෙර, එනම් 2024 අප්‍රේල් 5 වන දින පළ කරන ලද වීඩියෝවක් වන බවයි.
එම වීඩියෝවේ දෙමළ බසින් සඳහන්ව තිබුණේ, “අමාත්‍ය ඩග්ලස් දේවානන්දට පහරදීමට තැත් කරයි” යනුවෙනි.
මීට මාස 6 කට පෙර මුල්වරට පළවී තිබු මෙම වීඩියෝ වේ පසුබිම පරික්ෂා කිරීමට අප කටයුතු කළා.
පොන්නවේලි සිමෙන්ති කම්හල විවෘත කිරීමට පැමිණි ඩග්ලස් දේවානන්දට ඇති වූ ජනතා විරෝධය
පසුගිය ආණ්ඩුවේ ධිවර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්ද මහතා කටයුතු කරනු ලැබීය. එම අවධියේ ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම් දෙකෙහි පිහිටි ඉඩම් අක්කර 3000 ක් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන හුණු ගල් කැනීම් කර සිමෙන්ති නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීමට සූදානම්ව තිබෙනවා.
වගා බිම්, කලපු, කඩොලාන පද්ධති, ලවණ වගුරු බිම් හා වනාන්තර ඇතුළු අක්කර 3000 ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට සැලැසුම් කර තිබෙනවා. සිමෙන්ති නිෂ්පාදනය සඳහා ලවණ වගුරු බිම් ආශ්‍රිත හුණු ගල් කැනීම හේතුවෙන් පරිසරයට ද විශාල හානියක් සිදුවෙමින් ජන ජීවිතවලට ද හානිදායක ලෙස මෙය බලපා තිබෙනවා. එබැවින් මෙම ප්‍රදේශවල ජනතාව මෙම සිමෙන්ති ශාලාව ඉදිකිරීමට එරෙහිව විරෝධය දක්වා තිබෙනවා.
එවැනි පසුබිමක මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පැමිණි ඩග්ලස් දේවානන්දාට ජනතා විරෝධය එල්ල වූ අවස්ථාවක් තමයි පසුගිය අප්‍රේල් මස සිදුව තිබුනේ
මෙම විරෝධය පිළිබඳ පුවත් එම දිනවල මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි.
මෙම සිමෙන්ති කර්මාන්තශාලාව ඉදිකිරීම පිළිබඳ වැඩිවිස්තර ඔබට මෙතනින් කියවිය හැකිය.
ඩග්ලස් දේවානන්ද මහතා
අප ඩග්ලස් දේවානන්ද මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කළා. එහිදී එම මහතා කියා සිටියේ මෙම සිදුවීම කිලිනොච්චියේදී සිදු වූවක් වන බවයි.එමෙන් ම මෙය 2024 අප්‍රේල් මාසයේ සිදු වූ සිදුවීමක් බවත් එම මහතා පැවසුවා.
කිලිනොච්චිය පොන්නවෙලි ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව විරෝධතා දක්වා ඇති අතර එම කර්මාන්තශාලාව ආරම්භ කිරීමට එරෙහිව ජනතාව උද්ඝෝෂණ පවත්වා තිබෙනවා. එම අවස්ථාවේ එම පිරිසගෙන් මේ පිළිබඳව විමසීමට ගිය මොහොතේ යම් නොසන්සුන්තාවයක් ඇති වූ බව ඩග්ලස් දේවානන්ද මහතා අප වෙත පැවසුවා. ඔහුගේ ආරක්ෂකයින් ද මැදිහත් වීමෙන් නොසන්සුන්තාව වැඩි වූ නමුත් ඉන් ප්‍රචණ්ඩකාරීත්වයක් හෝ කරදරයක් සිදු වී නොවූ බව එම මහතා පැවසුවා.
Read in Tamil: பாராளுமன்றத் தேர்தலுக்குப் பின்னர் தனது சொந்த மக்களால் டக்ளஸ் தேவானந்தா தாக்கப்பட்டாரா?
ඩග්ලස් දේවානන්දගේ මෙවර දේශපාලන ප්‍රචාරණ කටයුතු ගැන පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වු මාතෘකාවක් වී තිබු අතර EPDP පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ට මුහුණ දුන්නද ආසනයක් දිනා ගැනීමට සමත් වුයේ නැහැ. ඔහු 1994 වසරේ සිට අඛන්ඩව දශක 3 ක් පාර්ලමේන්තුව නියෝජනය කර තිබුනා.
මීට අමතරව හිටපු උතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් වන එම්. ඒ සුමන්තිරන්, පිල්ලෙයාන්, අන්ගජන් රාමනාතන්, ධර්මලිංගම් ශ්‍රීධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි දේශපානඥයින් කිහිප දෙනෙකු ට ද මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවුයේ නැහැ.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
මේ අනුව පැහැදිලිවන්නේ, මැතිවරණ පරාජයෙන් පසුව ඩග්ලස් දේවානන්දා මහතාට යාපනය වෙරළේදී පහරදීමක් සිදුකළ බවට පළ වී ඇති වීඩියෝව නොමඟ යවන සුළු බවයි.
එම වීඩියෝවේ දැක්වෙන්නේ මීට මාස 6 කටත් පෙර, එනම් 2024 අප්‍රේල් මාස්, ඩග්ලස් දේවානන්දා මහතාට කිලිනොච්චියේ පොන්නවේලි ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්තශාලාවක් විවෘත කිරීමට යාමේදී ඇති වූ ජනතා විරෝධයකි.

Title:මැතිවරණ පරාජයෙන් පසු, යාපනය වෙරළ තීරයේදී ඩග්ලස් දේවානන්දට ඔහුගේම පාක්ෂිකයන් පහරදීමක් සිදුකළා ද?
Fact Check By: Fact Crescendo TeamResult: False
