දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Coca-Cola නොහොත් Coke යනු Coca-Cola සමාගම විසින් නිෂ්පාදනය කරන ලද cola සිසිල් බීම වර්ගයක් වන අතර ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ඉතා ජනප්‍රිය බීම වර්ගයකි. මේ නිසාම Coca-Cola පිළිබඳව කාලයෙන් කාලයට විවිධ කතා මතුවෙන අතර මේ දිනවල ද Coca-Cola පිළිබඳ එවැනිම කතාවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවනවා අපට නිරීක්ෂණය වුණා. එම නිසාම ඒ පිළිබඳව අප විසින් විමසාබැලීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නා පුද්ගලයින් දෙදෙනෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා. එම සටහනෙහි දැක්වෙන්නේ, Coca-Cola වට්ටෝරුව සියවසකට වැඩි කාලයක් පුරා පවතින ලොව සුප්‍රසිද්ධ ආයතනික රහස්වලින් එකක් වන බවත්, මෙම රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කොකා කෝලා සමාගම දරන ප්‍රයත්නයන් පිළීබඳවත් ය.
එම සටහනේ වැඩිදුරටත් සඳහන් වන්නේ, Coca-Cola හි වට්ටෝරුව දන්නේ ලෝකයෙන් ම පුද්ගලයින් දෙදෙනෙක් බවයි. ඒ අනුව එම පුද්ගලයින් දෙදෙනාට එකවර අනතුරක් වීමේ සම්බාවිතාවය නිසා ඔවුන්ට එකවර ගුවන් යානයක ගමන් කිරීමට අවසර නොමැති බව මෙම සටහනෙහි සඳහන්වනවා.
තවත් එවැනිම සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මේ අයුරිනි.
ඇත්තටම කොකා කෝලා රහස් වට්ටෝරුව දන්නේ ලෝකයෙන් ම පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ද? එම පුද්ගලයින් දෙදෙන්නාට එකවර ගුවන් යානයක ගමන් කිරීමට අවසර නැද්ද? අපි මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
කරුණු පරීක්ෂා කිරීම (Fact Check) :
ලෝකයේ කොකා කෝලා රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයින් දෙදෙනෙක් ද යන්න පිළිබඳව සහ ඔවුන්ට එකම ගුවන් යානයක ගමන් කිරීමට අවසර නොමැති ද යන්න පිළිබඳ මීට පෙර පරීක්ෂා කර ඇති බව අප කළ සොයා බැලීම්වලදී දැකගත හැකි වුණා.
ඒ අනුව Snopes සහ Africa Check කරුණු පරික්ෂා කිරීම්වලට අනුව , Coca-Cola වට්ටෝරුව දන්නේ දෙදෙනෙකු පමණක් යැයි පැවසීමට කිසිදු සත්‍ය පදනමක් නොමැති බව පෙනී යනවා. එමෙන් ම කොකා කෝලා වට්ටෝරුව පිළිබඳ දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ගුවන් යානයක එකට ගමන් කිරීම ද තහනම් වන්නේ නෑ.
මෙම මිථ්‍යා මතයේ මූලාරම්භය එක්සත් ජනපදයේ බුද්ධිමය දේපල නීතිවේදියෙකු වන වැන් ලින්ඩ්බර්ග් විසින් පලකරන ලද ග්‍රන්ථයක සදහන් සමහර කරුණුයි. එය මෙතනින් කියවිය හැකිය. ඔහු 2008 ලියන ලද පොතේ සදහන් වන්නේ “කොකා-කෝලා සමාගමේ නිල ප්‍රතිපත්තිය නම්, වට්ටෝරුව එකවර පුද්ගලයන් දෙදෙනෙකු පමණක් දැනගත යුතු බවයි.” නමුත් සත්‍ය තත්ත්වය මෙම නීතිවේදියා විසින් ලියන ලද කරුණු වලට වඩා වෙනස්වනවා.
Coca-Cola රහස් වට්ටෝරුව දන්නේ කවු ද?
Coca-Cola සමාගම එහි වට්ටෝරුව ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වෙහෙසක් ගෙන තිබෙනවා. නමුත් කාලයත් සමඟ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසකට එයට ප්‍රවේශ වීමට මේ වන විට ඉඩ සැලසී ඇත. “කොකාකෝලා සමාගම සිය වට්ටෝරුව ප්‍රසිද්ධ නොකර , කුඩා කණ්ඩායමක් සමඟ පමණක් බෙදාගෙන ඇත” ලෙස කොකා කෝලා වෙබ් අඩවියේ දැක්වෙනවා. එම වෙබ් සටහනට මෙතනින් පිවිසිය හැකියි. මෙයින් ඇඟවෙන්නේ නිෂ්පාදනයේ යෙදී සිටින නිශ්චිත විධායකයින් සහ රසායන විද්‍යාඥයින් පානයෙහි භාවිතා කරන අමුද්‍රව්‍ය සහ මිශ්‍ර කරන අනුපාත පිළිබඳ අර්ධ හෝ පූර්ණ දැනුමක් තිබිය හැකි බවයි.
Coca-Cola රහස් වට්ටෝරුව දන්නා පුද්ගලයින්ට සංචරණ තහනමක් තිබෙනවා ද?
Coca-Cola රහස් වට්ටෝරුව (Secret Formula) දන්නා ආයතන සේවකයින් එකට ගමන් කිරීම කොකා කෝලා ආයතනය විසින් සීමාකර නොමැත. (මුලාශ්‍රය ) 2011 දී සමාගම හෙළි කළේ ඔවුන්ගේ වට්ටෝරුව එක්සත් ජනපද සුරක්ෂිතාගාරයක රහසිගත ලෙස තබා ඇති බවයි. (මුලාශ්‍රය ) මෙමගින් පැහැදිලි වන්නේ සේවකයින්ගේ ගමන් සීමාවන්ට වඩා වට්ටෝරුවෙහි භෞතික ආරක්ෂාවට සමාගම මගින් ප්‍රමුඛත්වය ලබාදෙන බවයි . රහස් වට්ටෝරුවේ ආරක්ෂාව කාර්ය මණ්ඩලයේ ගුවන් ගමන් සීමා කිරීම මත රඳා නොපවතින බව ඒ අනුව පැහැදිලිවනවා. 1886 දී ජෝන් පෙම්බර්ටන් විසින් Coca – Cola සොයා ගත් දා සිට මෙම වට්ටෝරුව ආරක්ෂා කර ඇති නමුත් සමාගමේ ප්‍රකාශයන් මගින් පැහැදිලි වන්නේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් එම දැනුම සීමා නොවී කිසියම් කුඩා කණ්ඩායමකට ඒ පිළිබඳ දැනුමක් ඇති බවයි.
Coca-Cola හි වට්ටෝරුව ආරක්ෂා කිරීමේ සැබෑ කතාව
කොකා-කෝලා සමාගම එහි රහස් වට්ටෝරුවේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට සැලකිය යුතු පියවරක් ආරම්භයේ සිටම ගෙන තිබෙනවා.ඒ බව කොකා කෝලා සමාගම පසුගිය කාලය පුරා ගෙන ඇති විවිධ පියවරයන් ඔස්සේ පැහැදිලිවනවා.
1886 වසරේදී ජෝන් එස්. පෙම්බර්ටන් ඇට්ලන්ටා හි කොකාකෝලා රහස් වට්ටෝරුව නිපදවූ අතර 1892 වසරේදී Asa Candler, Coca-Cola ව්‍යාපාරයේ අයිතිය සහ රහස් වට්ටෝරුව මිලදී ගැනීම සිදුවනවා.
1919දී අර්නස්ට් වුඩ්රෆ් සහ ආයෝජකයින් පිරිසක් කැන්ඩ්ලර්ගෙන් Coca-Cola සමාගම මිලදී ගත් අතර, ණයක් සඳහා ඇපකරයක් ලෙස රහස් වට්ටෝරුව භාවිතා කරනවා. වුඩ්රෆ් කැන්ඩ්ලර්ගේ පුතාගෙන් මෙම වට්ටෝරුව ලියා තබන ලෙස ඉල්ලා නිව්යෝර්ක්හි ඇපකර බැංකුවේ එම පත්‍රය තැන්පත් කරනවා.
1925දී වුඩ්රෆ් ඔහුගේ ණය ආපසු ගෙවා රහසිගත වටෝරුව නැවත ලබාගෙන එය නැවත ඇට්ලන්ටා වෙත ගෙනැවිත් ට්‍රස්ට් කොම්පැනි බැංකුවේ තබනු ලබනවා. අනතුරුව වසර 86 කට පසු එනම් 2011දී, රහස් වට්ටෝරුව ඇට්ලන්ටා හි World of Coca-Cola කෞතුකාගාරය වෙත ගෙනයනු ලබනවා . මෙම රහස් වට්ටෝරුව සහිත සුරක්ෂිතාගාරය නැරඹීමට දහස් ගණන් මිනිසුන් සෑම වසරකම පැමිණෙනවා. මෙම තොරතුරු Coca-Cola වෙබ් අඩවියේ සඳහන් වනවා.
සටහන : කොකා කෝලා සදහා යොදන අමුද්‍රව්‍ය මොනවාද යන්න ලෝකයට රහසක් නොවේ.ඒ සදහා යොදන අමුද්‍රව්‍ය මොනවාද යන්න කොකා කෝලා වෙබ් අඩවියේ දැක්වෙනවා.එම අමුද්‍රව්‍ය මොනවාද යන්න දැනගත හැකියි මෙතනින් .Archived රහසක් ලෙස පවතින්නේ ඒවා කුමන අනුපාත වලින් මිශ්‍ර කරනවාද සහ ඒ සම්බන්ධ තොරතුරුයි.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclution) :
Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් බවත්, එකට ගුවන් යානයක ගමන් කිරීම තහනම් කර ඇති බවත් ප්‍රකාශය සත්‍ය නොවන බව ඒ අනුව පැහැදිලිවනවා. Coca-Cola සිය වට්ටෝරුව දැඩි රහස්‍යතා පියවරයන් සමඟින් ආරක්ෂා කරන අතර, පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් එයට ප්‍රවේශ විය හැකි බව සමාගමේ ප්‍රකාශවලින් තහවුරු වන අතර අතර, වට්ටෝරුව දන්නා අය සඳහා සංචරණ සීමාවන් නොමැති බව ද පැහැදිලිවනවා.

Title:Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ද?
Fact Check By: Fact Crescendo TeamResult: False
