සුපිරි නළු Cillian Murphy ගේ නවතම චිත්‍රපටයක දර්ශනයක් ද?

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

පරමාණු න්‍යෂ්ටික බෝම්බ කිව් සැනින් අපට මතක් වන්නේ, දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි හි ඛේදනීය, අමිහිරි ඉතිහාසයයි. ඉන් සිදුව ඇති හානිය අතිමහත් ය. මෙවැනි විනාශකාරී පරමාණු න්‍යශ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාගේ චරිතයට (Oppenheimer) පණ පෙවූ, සුපිරි නළුවාගේ ඉරණම යනුවෙන් සඳහන් කරමින්, කෘෂ වූ ශරීරයක් සහිත පුද්ගලයෙක්ගේ රූපයක් ද දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන බැවින් අප ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකිරීමට තීරණය කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

‘එදා පරමාණුව සෑදූ ඔහුට අද අත් වී ඇති ඉරණම’ ලෙස සඳහන් කරමින්, ඡායාරුප දෙකක් සංසදනය කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Archive

තවත් එවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

එසේම බොහෝ පිරිස් මෙම ක්ෂය සිරුරක් සහිත පුද්ගලයා ‘28 Years Later’ චිත්‍රපටයේ Cillian Murphyගේ රංගනයක් බවට ද තොරතුරු පළ කර තිබුණා.

සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ලෙස මෙම කෘෂ වූ සිරුරක් සහිත පුද්ගලයෙක්ගේ රූපයෙන් දැක්වෙන්නේ පරමාණු බෝම්බය සොයාගත් පුද්ගලයා හෝ එම චරිතයට පණ පෙවූ Cillian Murphy ද? යන්න අප විසින් සොයා බැලීමක් සිදුකළා.

Fact Check (කරුණු විමර්ශණය)

අප මුලින් ම පරමාණු න්‍යෂ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයා පිළිබඳව විස්තර සොයා බැලීමක් සිදුකළ අතර එහිදී අපට පැහැදිලි වුණේ, මෙය Robert Oppenheimer නම් පුද්ගලයා විසින් සොයාගැනීම සිදුකර ඇති බවයි. ඔපන්හයිමර් 1965 දී උගුරේ පිළිකාවක් ඇති බව හඳුනා ගන්නා ලද අතර, ඔහු 1967 පෙබරවාරි 18 වන දින වයස අවුරුදු 62 දී ප්‍රින්ස්ටන්හිදී මිය ගියේය.

නමුත් Robert Oppenheimer විසින් පරමාණු න්‍යෂ්ටික බෝම්බය නිපදවීමේ ගමන් මඟ පාදක කරගනිමින් 2023 දී එළිදැක්වූ Oppenheimer චිත්‍රපටයේ Robert Oppenheimer ගේ චරිතයට පණ පොවන්නේ, Cillian Murphy යි. ඔහු මෙම Oppenheimer චිත්‍රපටය මඟින් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වන්නේ, හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානයටත් පාත්‍ර වෙමින්.

ඒ අනුව පරමාණු න්‍යෂ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයා ලෙස සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන්නේ, Oppenheimer චිත්‍රපටයේ Robert Oppenheimer ගේ චරිතයට පණ පෙවූ Cillian Murphy යි.

අනතුරුව අප මෙම කෘෂ වූ සිරුරක් සහිත පුද්ගලයාගේ රූපය කුමක් ද යන්න පරික්ෂා කළ අතර එය Danny Boyle විසින් අධ්‍යක්ෂණය කළ 2025 දී තිරගත වීමට නියමිත ‘28 Years Later’ නම් Zombie චිත්‍රපටයේ දැක්වෙන රූප රාමුවක් වන බව අපට තහවුරු වුණා.

මේ වන විට එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ජනගත කර ඇති අතර එහි මෙම රූප රාමුව දැක්වෙනවා. එම පූර්ව ප්‍රචාරක පටය පහතින්.

‘28 Years Later’ චිත්‍රපටයේ ප්‍රථම චිත්‍රපටය වන්නේ, ‘28 Days Later’ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වී ඇත්තේ, Cillian Murphy යි.

ඒ නිසාත්, Oppenheimer චිත්‍රපටය සඳහා කෙසඟ ස්වරුපයක් ගැනිමට සිලියන් තම සිරුරේ බර සැලකිය යුතු ලෙස අඩුකරගෙන තිබු නිසාත්, ‘28 Years Later’ චිත්‍රපටයේ දැක්වෙන, මෙම කෘෂ සිරුරක් සහිත පුද්ගලයා Cillian Murphy බවට බොහෝ සිනමා රසිකයින් උපකල්පනය කර තිබුණා. මෙය සමාජ මාධ්‍ය තුළ ද දැඩි ලෙස කතාබහට ලක්වන පුවතක් බවට ද පත්ව තිබෙනවා.

නමුත් Sony Pictures වෙබ් අඩවියේ මෙම නව සිනමා පටටේ විධායක නිෂ්පාදක ලෙස Cillian Murphy දක්වා තිබුණ ද රංගන ශිල්පීන් අතර ඔහුගේ නම සඳහන් කර නෑ.

එමෙන් ම ‘28 Years Later’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම්වල ද ඔහුගේ නම සඳහන්ව නොවන බව BBC වෙබ් අඩවිය ද පෙන්වා දී තිබෙනවා. ඒ බව තවත් වෙබ් අඩවියක දැක්වුනේ මෙලෙසින්. BBC වාර්තාවේ වැඩි දුරටත් පෙන්වාදෙන්නේ, Cillian Murphy ගේ නම පූර්ව ප්‍රචාරක දැක්වීම්වල නොමැති වුව ද ප්‍රේක්ෂකයන් ‘28 Years Later’ චිත්‍රපටයේ සිටින සොම්බි චරිතය Cillian Murphy බවට අනුමාන කරන බවක් නමුත් එහි නිශ්චිතව එම චරිතය රඟ දක්වන්නේ, Cillian Murphy ද එසේත් නොමැතිනම් වෙන අයෙක් ද යන්න සඳහන් කර නොමැත. 

නමුත් වෙබ් අඩවි කිහිපයක සඳහන් වන්නේ ‘28 Years Later’ චිත්‍රපටයේ සොම්බි චරිතය Cillian Murphy නොවන බවයි. එම ලිපි මෙතනින් සහ මෙතනින්.

එම වෙබ් අඩවිවලට අනුව පූර්ව ප්‍රචාරක පටයේ දක්නට ලැබෙන මල් පිට්ටනියක් අතර සිටින සොම්බි චරිතය Cillian Murphy බව බොහෝ දෙනා විශ්වාස කළ නමුත්, එහි ඇත්තටම සිටින්නේ, කලා අලෙවිකරුවෙකු වන රංගන ක්ෂේත්‍රයට නවකයෙකු වන ඇන්ගස් නීල් නමැති පුද්ගලයෙකු බව තහවුරු වී ඇති බව දක්වා තිබෙනවා. ද ගාඩියන් පුවත්පත මේ බව තහවුරු කර තිබෙන්නේ, ඇන්ගස් නීල් ඔවුන් වෙත මෙම අදහස් දක්වීමකුත් සමඟිනුයි.

ඔවුන් වෙත අදහස් දක්වමින් ඇන්ගස් නීල් පවසා ඇත්තේ, Danny Boyle  එනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමාව එම චරිතය සඳහා තොරාගත් බවයි. එමෙන් ම එම චිත්‍රපටයේ අත්දැකීම පිළිබඳවත් ඔහු විස්තර කර තිබුණා. එමෙන් ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ඔහු නිරූපණ ශිල්පියෙක් වන බවයි. 

‘28 Years Later’ චිත්‍රපටය

අමෙ​රිකානු ඩොලර් මිලියන 75ක මුදලක් වැය කරමින් සිදුකර ඇති ’28 Years Later’ චිත්‍රපටයේ විශේෂත්වයක් වන්නේ කැමරා ශිල්පී Anthony Dod Mantle විසින් iPhone 15 Pro Max දුරකතනයක් භාවිතා කරමින් සම්පුර්ණයෙන්ම එය පටිගත කර තිබීමයි. එ බව සඳහන් වන තවත් ලිපියක් මෙතනින්

මෙහි අධ්‍යක්ෂ Danny Boyle විසින් iPhone 15 Pro Max එකට සිනමාවේදී භාවිත කරන තවත් උපකරණ කිහිපයක් භාවිත කර මෙම 28 Years Later සිනමා පටය නිර්මාණය කර තිබෙනවා. .

28 Years Later චිත්‍රපටය ගලාගෙන යන්නේ දරුණු වෛරසයක් නිසා මිනිසාට සිදුවන සිද්ධි දාමයක් පාදක කරගෙනයි. 2002 වසරේ ‘28 Days Later’ චිත්‍රපටයේ සහ 2007 වසරේ ‘28 Weeks Later’ චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වන්නේ මෙම 28 Years Later චිත්‍රපටයයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:පරමාණු න්‍යෂ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාට අත්වුණු ඉරණම බවට පෙන්වූ ඡායාරූපයේ ඇත්ත කතාව!

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *