වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

වත්මන් රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට රුපියල් 100,000 ක රාජ්‍ය ආධාර ලබා  ගැනීමට දැන්ම ලියාපදිංචි වන්න ලෙස සඳහන් කරමින් සටහනක් සමාජ මාධ‍්‍ය ඔස්සේ සංසරණය වූයේ ‍‍මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link 


තව ත් සටහනක දැක්වුණේ, රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දීමට ජනාධිපති අනුමැතිය ලබා දී ඇති බවයි.

මෙහි දැක්වෙන තොරතුර සත්‍යය ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම මෙලෙසින් මුදල් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සිදු වෙනවා ද යන්න සහ සෑම නිවසක ට මෙලෙසින් ආධාරයක් ලබා දෙන බවට සඳහන් වී තිබුණ ද, යන්න අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂාවක් සිදු කළා.

නමුත් රජය විසින් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.

ඉහත වැඩසටහන් සඳහා ලියාපදිංචි වන ලෙස දක්වා ඇති සබැඳි පරීක්ෂා කිරීමේදී ද, එය එවැනි වැඩසටහනක් සඳහා යොමු කරන ලිපිනයක් නොව ව්‍යාජ සබැඳියක් බව දක්නට ලැබුණි.

මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ සටහන් බව ත්, රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයෙකුටම රුපියල් ලක්ෂයක මුදල් ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් මෙන් ම, සෑම නිවසකට ලබා දෙන ප්‍රදානයක් සම්බන්ධයෙන් ව්‍යාපෘති, ක්‍රියාත්මක නොවන බව ත් ය.

ඒ අනුව මෙම සබැඳි තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ.

Phishing Attack යනු කුමක්ද?

තතුබෑම් ප්‍රහාර යනු අනිෂ්ට මෘදුකාංග බාගත කිරීම, සංවේදී තොරතුරු හෝ පුද්ගලික දත්ත (උදා., සමාජ ආරක්ෂණ සහ ක්‍රෙඩිට් කාඩ් අංක, බැංකු ගිණුම් අංක, පිවිසුම් අක්තපත්‍ර) හෝ වෙනත් ක්‍රියාමාර්ග ගැනීම සඳහා පරිශීලකයන් රැවටීමට සැලසුම් කර ඇති වංචනික ඊමේල්, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ වෙබ් අඩවි වේ.

මෙම පණිවිඩ සමග ලබා දෙන බවට කියන ත්‍යාග/ප්‍රදාන පිළිබඳ හෝ විස්තර පිළිබඳ තොරතුරු ඇතුළත් බවට පවසමින් දක්වන සබැඳි(Web links)ඔස්සේ ඒවා ක්ලික් කිරීමෙන් ඇතැම් විට ඔබ නොදැනුවත්වම ඇතැම් සේවාවන් සක්‍රීය වී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ක්‍රෙඩිට් කපා ගැනීම පවා සිදු විය හැක, (උදා: ජංගම දුරකථන Games වැනි විවිධ Apps). 

එමෙන්ම මේ හරහා ඔබගේ වටිනා දත්ත ඉල්ලා සිටින අතර, එම සබැඳිවලිට පිවිස අයදුම්පත් පිරිවීම මඟින්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපින (Email Addresses) , දුරකතන අංක, ඔබගේ රුචි අරුචිකම් ඇතුළු විවිධ තොරතුරු ලබාගෙන ඒවා Digital Marketing වැනි දත්ත ප්‍රවර්ධන සිදුකරන ආයතන ආදියට විකිණීම සිදුවිය හැකි අතර ඊටත් වඩා භයානක දේ පවා සිදුවිය හැකියි.

එසේම ඇතැම් වෙබ් අඩවිවලට ඇතුළුවන පරිශීලකයන් වැඩි කර ගැනීම මගින් මුදල් උපයාගැනීම(Click Baits) ආදී කටයුතුත් මේ මේ හරහා සිදුවෙනවා.

මෙහි ඇති වඩාත්ම බරපතල තත්ත්වයක් වන්නේ නම් මෙම ලින්ක්ස් හරහා විවිධ වෙබ් අඩවිවලට ඇතුල්වීමේදී පරිගණක වෛරස වලට නිරාවරණය වීම ඔස්සේ, ඔබගේ උපාංග සතු දත්ත දත්ත සොරා ගැනීම ආදියද සිදුවීමට ඇති හැකියාවයි.

මේ නිසා කලයුතු වඩාත්ම සුදුසුම දෙය නම් නොදන්නා, තහවුරු නොකළ ලින්ක්ස් හරහා තෑගි/ප්‍රදාන ලබාදෙන බවට පවසන විවිධ වෙබ් අඩවිවලට පිවිසීමෙන් වැළකි සිටීමයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට රුපියල් 100,000 ක රාජ්‍ය ආධාර ලබා ගැනීමට ලියාපදිංචි වන ලෙස සඳහන් කරමින් සමාජ මාධ‍්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මෙන්ම සෑම නිවසකට මුදල් ආධාරයක් දෙන බවට පළ වන සටහන් ව්‍යාජ සටහන් බවයි. මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි. මෙය ව්‍යාජ තතුබෑම් සබැඳියක් වන බැවින් මෙවැනි සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.

 

 

 

Avatar

Title:වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

Written By: Pavithra Sandamali  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *