
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගය සහල් අර්බුධයයි. ඒ අනුව සහල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු උල්ලංගණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරනු ලැබුවේ ද එම අර්බුධයට එක් විසඳුමක් ලෙසයි.
මෙම ආනයනික සහල්වල ගුල්ලන් සිටින බවට පසුගිය දිනෙක පුවතක් වාර්තා වූ අතර ඒ පිළිබඳව පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ මෙම ආනයනික සහල් පිළිබඳව යම් වැරදි මතයක් සමාජගත වෙමින් තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
‘අර්බුධ අස්සේ රටට ආපු ගුල්ලෝ ගැසූ රට හාල්’ ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් මෙන්න මේ විදිහට සංසරණය වී තිබුණු අතර ඉන් සමාජගත වන්නේ, ආනයනය කළ සියලු සහල් ආහාරයට නුසුදුසු ඒවා වැනි අදහසකි.
තවත් එවැනිම සමාජ මාධ්‍ය සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙලෙස ආනයනික සහල් වල ගුල්ලන් සිටි බව පැවසෙන කතාව පිළිබඳ පැහැදිලි කිරීම මෙසේ ය.
කරුණු පැහැදිලි කිරීම (Explernation)
මෙරට පවතින සහල් අර්බුධය හේතුවෙන් සහල් ආනයනයට රජය පියවර ගත් අතර පසුගිය 4 වන දා සිට දෙසැම්බර් 20 දක්වා සහල් ආනයනයට අවසර දී තිබෙනවා.
සහල් ආනයනය පහසු කිරිමට මෙන්ම සහල් හිඟය ඉක්මනින් අවසන් කිරිමට එක් පියවරක් ලෙස සහල් ආනයනයට පවතින සීමා තාවකාලිකව ඉවත් කිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබුවා.
එම තීරණයට අනුව 2024/12/20 දක්වා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනිමෙන් තොරව මෙරටට සහල් ගෙන්වීමට අවසර ලබා දී තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක සීවලී ආරුක්කුගොඩ මහතා පවසන්නේ, 20 වන දිනෙන් පසු පැමිණෙන සහල් නැවත හරවා යවන බවයි.
එම මහතා පසුගිය 13 මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ 13 වන දින වන විට මෙට්‍රික් ටොන් 2300ක සහල් ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි. ඉන් මෙට්‍රික් ටොන් 1600ක් තම්බපු සහල් වන බවත් මෙට්‍රික් ටොන් 680ක් කැකුළු සහල් ලැබී අති බවත් එම මහතා පවසනවා.
මෙම සහල් ආහාර පරීක්ෂක සහ ඖෂධ පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කරන අතර එය පාරිභෝගික ජනතාවගේ ම යහපත උදෙසා සිදුකරන බවත් ඔවුන් මෙම සහල් පරිභෝජනයට සුදුසු ද යන්න සහතික කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ම රේගුවෙන් නිදහස් කරන බවයි එම මහතා පවසන්නේ. එමෙන් ම මේ වන විටත් දැනට ලැබී ඇති සහල්වලින් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර ඇති බව සීවලී ආරුක්කුගොඩ මහතා පවසනවා. මෙරටට සහල් ප්‍රධාන වශයෙන් ආනයනය කරන්නේ ඉන්දියාවෙන් බවත් එම මහතා සඳහන් කරනවා.
ඒ අනුව ආනයනික සහල් රේගුව තුළම ආහාර සහ ඖෂධ පරීක්ෂක්වරුන්ගේ පරීක්ෂාවලින් පසුව රේගුවෙන් නිදහස් කරන බව පැහැදිලි වනවා.
ගුල්ලෝ ගැසූ සහල්
පසුගිය 14 වන දින මෙරට මාධ්‍ය වාර්තා කරනු ලැබූ පුවතක් වුණේ පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කළ බහාලුම් 3ක තිබූ සහල් මෙට්‍රික් ටොන් 75ක් පරිභෝජනයට නුසුදුසු සහල් බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් හඳුනාගෙන තිබෙන බවයි.
ඒ අතරින් බහාලුම් දෙකක තිබු සහල්වල ගුල්ලන් සිට ඇති අතර අනෙක් බහාලුමේ තිබු සහල් උරවල නිෂ්පාදිත දිනය ඇතුළත් පැරණි ලේබලය මතම නව ලේබලයක් අලවා තිබිම හේතුවෙන් එම බහාලුම් සෞඛ්‍ය අංශ මගින් රේගුවෙන් නිදහස් කිරීමට අවසර ලබාදී නොමැති බවත් එම පුවත්වල සඳහන් වනවා. එම පුවත් මෙතනින් සහ මෙතනින්
ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් පරිභොජනයට නුසුදුසු බවට හඳුනාගෙන ඇති මෙම සහල් නැවත ඉන්දියාවට යවන ලෙස ශ්‍රී ලංකා රේගුවෙන් ආනයන කරුවන්ට දැනුම්දී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක සීවලී ආරුක්කුගොඩ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනවා. ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ, බහාලුම් 2ක ඇති මෙට්‍රික් ටොන් 50,000ක සහල්වල කෘමීන් සිටි බවත් තවත් සහල් මෙට්‍රික් ටොන් 25,000ක කල් ඉකුත් වීමේ දිනය මත නව ලේබල් අලවා තිබීම නිසාත් එම සහල් රේගුවෙන් නිදහස් නොකළ බවයි.ඒ අනුව එම පරිභෝජනයට නුසුදුසු සහල් ප්‍රති අපනයනයට හෝ එස්සේත් නොමැති නම් එම සහල් රාජ සන්තක කර විනාශ කරන බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.
මෙලෙස මෙම මෙට්‍රික් ටොන් 75ක භාවිතයට නුසුදුසු සහල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ගෙන ඇති මෙම පියවර සම්බන්ධයෙන් තවත් පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණේ, මෙලෙසින් සහ මෙලෙසින්.
ඒ අනුව පසුගිය 9 වනදා සිට 14 දක්වා වූ කාලය තුළ පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් බව රේගුව පෙන්වා දී ඇති බවට පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
ඒ අනුව මෙම සහල් මෙට්‍රික් ටොන් 4 800න් මෙට්‍රික් ටොන් 75ක් පමණක් පරිභෝජනයට නුසුදුසු බවට රේගුවේ ආහාර පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණයන්ගෙන් තහවුරු වීම නිසා රේගුවෙන් නිදහස් කර නොමැති බව ඔබට පැහැදිලි ඇති.
සහල් මෙට්‍රික් ටොන් 4800කින් මෙට්‍රික් ටොන් 75ක් යනු 1.5% ක ප්‍රතිශතයකි. එනම් දෙසැම්බර් 9 වන දින සිට 14 වන දින දක්වා මෙරටට ලැබී ඇති සහල් වලින් 1.5% ක ප්‍රතිශතයක් පමණක් පරිභෝජනයට නුසුදු බවට තහවුරු වී ඇති බැවින් සියලු ආනයනික සහල් පරිභෝජනයට නුසුදුසු යැයි පැවසීමට නොහැකි බව ඔබට පැහදිලි වනවා ඇති.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී ආරුක්ක්ගොඩ මහතා මෙම ආනයනික සහල්වල ප්‍රමිතිය ගැන කිසිඳු සැකයක් තබා ගැනීම අවශ්‍ය නොවන බවත්, ඒවා නිසි ප්‍රමිති පරීක්ෂණයන්ගෙන් පසු රේගුවෙන් නිදහස් කරන බවටත් අදහස් දැක්වූයේ මෙලෙසින්.
එමෙන් ම මේ වන තෙක් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද මෙට්‍රික් 52,000ක සහල් තොගයේ මෙරටට තවම ආනයනය කර නොමැති අතර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද පළමු ඇනවුම ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,200ක් ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසූ බවට පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ
වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ආනයනික සහල් මෙට්‍රික් ටොන් 8000කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට මුදා හැර තිබෙන බවයි. එනම්, 4800ක් පසුගිය සිකුරාදා වන විට ලැබී ඇති බවත්, තවත් සහල් මෙට්‍රික් ටොන් 4000ක් ඊයේ දිනයේ පැමිණෙන බවයි එම මහතා පවසන්නේ.
ආනයනය කරන සහල් තොග නිසි පරිදි පරීක්ෂාවට ලක් කරන ලෙස සියලු අංශ වෙත දැනුම්දී තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා..
ආනයනය කළ සහල් කන්ටේනර් 75න් බහාලුම් 3ක සහල් ප්‍රමිතියෙන් තොර බවත්, ඒවා කඩිනමින් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
https://www.facebook.com/share/r/14ZuwHEMvW
ඒ අනුව පැහැදිලි වන්නේ, මෙලෙස පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සියලුම සහල් පරිභෝජනයට නුසුදුසු නොවන අතර සහල් මෙට්‍රික් ටොන් 75ක් පමණක් භාවිතයට නුසුදුසු බවට හඳුනාගෙන ඇති අතර එම සහල් නැවත ප්‍රති අපනයනයට හෝ රජය විසින් විනාශ කිරීමට පියවරගෙන ඇති බවයි.
එබැවින් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළඳපොළට නිකුත් කර නොමැති බව පැහැදිලි වනවා. එබැවින් ආනයනික සහල් පරිභෝජනය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක්, සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව ඔබට පැහැදිලි ඇති.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
