දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
බීමතින් රිය පදිවීමේ වැලකි සිටින ලෙස පසුගිය උත්වස සමයේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ දැනුම්දීම් සිදුකරනු ලැබූ අතර, පොලිසිය විසින් එවැනි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ද දිවයින පුරා ක්‍රියාත්මක කරමින් බොහෝ පිරිසක් නීතියේ අත්අඩංගුවට ගත් පුවත් අපට දැකගන්නට ලැබුණා. එවන් පසුබිම, පොලිසිය විසින් සිදුකර තිබු යෝජනාවක් ඔස්සේ ද හුවමාරු වූ සටහන් පෙලකින් දැක්වුයේ, බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වන බවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුනේ මෙලෙසින්.
මේ සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.
මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප පරීක්ෂාවට ලක් කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලිසිය තීරණය කර ඇති බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link
නමුත් ඉහත සටනේ පෙන්වා දෙන පරිදි, එය නීතියක් මගින් පනවා ඇති බවට කිසිදු මාධ්‍යයක් වාර්තා කර නොතිබුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
මේ හේතුවෙන් අප මේ පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, බීමත් රියැදුරන්ට වසරක කාලයක් රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය තීරණය කළ ත්, රියැදුරු බලපත්‍රය ජීවිතකාලයට ම අවලංගු කිරීමක් ගැන අවධානය යොමු ව නොමැති බවයි.
නමුත් මගී ප්‍රවාහන බස් රථ රියැදුරන් බීමත් ව බස් රථ ධාවනය යෙදනවා නම්, ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත්, නමුත් ජීවිතකාලයටම රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමක් සම්බන්ධයෙන් අදහස් නොකෙරූ බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස තවමත් එවැනි නීතියක් ගෙන නොමැති බව ද, ඔවුන් අවධාරණය කරනවා.
දැනට පවත්නා නීතිය ඔස්සේ බීමත්ව රිය පදවන රියැදුරන්ට එරෙහිව ක්‍රියාකළ කරන ආකාරය
බීමත්ව රිය පදවන රියදුරන්ට එරෙහිව පොලිසිය විසින් අදාළ පොලිස් බලප්‍රදේශයට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමේ බලය ඇත. එසේ නඩු පැවරීමේදී අධිකරණය රුපියල් 25,000ක අවම දඩයක් නියම කරනු ලබයි.
එමෙන්ම රියදුරු බලපත්‍රය මාස 2 කට හෝ මාස 3කට අත්හිටවනු ඇත. මෙම වරද සඳහා ම දෙවන හා තුන්වන අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුව හොත්, පනවනු ලබන දඩය සහ රියදුරු බලපත්‍රය අත්හිටවනු ලබන කාලසීමාව දීර්ඝ වනු ඇත.
බීමතින් රිය පදවා, අනතුරක් සිදුකළ හොත් ලැබෙන දඬුවම ?
මෙවැනි තත්වයක දී වඩා බරපතල දඬුවමකට යටත් විය හැකිය. 2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතතේ 216 වගන්තියට අනුව බීමතින් රිය ධාවනය සඳහා රුපියල් 25000-රුපියල් 30000 අතර දඩ මුදලක් නියම වන අතර මාස 3 ක් දක්වා සිර දඬුවම් සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හැකිය.
216 (අ) වගන්තියට අනුව බීමත්ව මුදලකට හෝ දීමනාවකට මගීන් ප්‍රවාහනය කරයි නම් රු.25000-රු.30000 දඩ මුදලක් මෙන්ම මාස 6 ක් දක්වා සිර දඬුවම් හෝ එම දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම කළ හැකිය.
බීමත්ව රිය පදවා යම් පුද්ගලයකුගේ මරණය සිදු කිරීම සඳහා 216 (අ) යටතේ දඩය රු.100000- රු.150000 හෝ වසර 2 කට නොඅඩු සහ වසර 10 ට නොවැඩි කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීම හෝ එම දඬුවම් දෙකම හෝ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දෙකටම යටත් කරනු ලබයි.
216 ආ( i) වගන්තියට අනුව බීමත්ව රිය පදවා සුලු තුවාල සිදු කිරීමේ වරදට දඩය රු.30000-රු.50000 වන අතර සිර ඳඩුවම වසර එකකට නොවැඩි කාලයක් සදහා ද එම දඬුවම් දෙකම ද රියදුරු බලපත්‍රය අවලංගු කිරීම ද සිදු කෙරේ.
බීමත්ව රිය පදවා බරපතල තුවාල සිදු කිරීමට 216 ආ (ii ) රු.50000 – රු.100000 අතර දඩ මුදලකට යටත් වන අතර වසර 5 දක්වා සිර දඬුවමත් ඉහත දඬුවම් දෙකම හෝ ඊට අමතරව රියදුරු බලපත්‍රය අවලංගු කිරීමත් සිදු කරයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන නොමග යවන සුළු බවයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ, බීමත් රියැදුරන්ට වසරක කාලයක් රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය තීරණය කළ ත්, රියැදුරු බලපත්‍රය ජීවිතකාලයට ම අවලංගු කිරීමක් ගැන අවධානය යොමු ව නොමැති බවයි. නමුත් මගී ප්‍රවාහන බස් රථ රියැදුරන් බීමත් ව බස් රථ ධාවනය යෙදනවා නම්, ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත්, නමුත් ජීවිතකාලයටම රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමක් සම්බන්ධයෙන් අදහස් නොකෙරූ බවයි ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් තවම ත් මේ සම්බන්ධයෙන් නීතියක් පැමිණ නැති බව ත්,ඔවුන් තහවුරු කරනවා.

Title:බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වනවා ද?
Written By: Pavithra SandamaliResult: False
