ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න රට හැර ගියා ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතින බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කි‍රීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media)

“පුනරුදයේ ආශ්චර්‍ය දරාගන්න බැරුව සුගත් තිලකරත්න සිය පවුල සමග ඕස්ට්‍රේලියාවට සංක්‍රමනය වෙලා. මීට කලින් මතකද කිවුව රට දාල යන්න අවශ්‍ය නෑ කියල, පිට රට ඉන්න අයටත් එන්න කියල.” 

යනුවෙන් සඳහන් සටහනක් ද සහිතව සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකරන ලද කතාවන් උපුටා දක්වමින් වීඩියෝවක් පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Archive

සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට හැර දා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට තවත් සමාජ මාධ්‍ය සටහන් පළ කර තිබුණේ මේ අයුරින්.

Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb|Fb

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ප්‍රධාන මාධ්‍ය අතරින් දිවයින වෙබ් අඩවිය ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට තොරතුරු වාර්තා කර තිබූ නමුත් මේ වන විට එම වෙබ් අඩවියේ හෝ දිවයින නිල ෆේස්බුක් පිටුවේ එම පුවත දැකගත නොහැකි ය.

ඒ අනුව දිවයින ෆේස්බුක් පිටුවේ එම පළ කිරීම ඉවත් කිරීමට පෙර පළ කර තිබුණේ මේ අයුරින්.

නමුත් වෙනත් කිසිඳු ප්‍රධාන මාධ්‍යක් ඔස්සේ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට තොරතුරු වාර්තා කර තිබුණේ නෑ.

එනමුත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට වෙනත් වෙබ් අඩවි කිහිපයක පළ වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරින්.

මෙම පුවත්වල සඳහන්වන්නේ, කිසිවෙකුට හෝ නොදන්වා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට වාර්තා වන බවයි.

සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාව ඕස්ට්‍රේලියාවට පිළිගන්නා බවට ඔහුගේ හිතවතෙක් ෆේස්බුක් ඔස්සේ සටහනක් පළ කිරීමත් සමඟ මෙම පුවත් සහ සමාජ මාධ්‍ය සටහන් පළ වීම සිදුව තිබෙනවා.

Fb|Archive

කෙසේ වෙතත් සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධුරය අතහැර සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට නිල තොරතුරක් වාර්තා වී නොතිබුණු බැවින් අප ඒ පිළිබඳව සොයා බැලීමක් කළා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා/ අධ්‍යක්ෂ සන්නිවේදන(වැඩ බලන) එම්. ජයලත් පෙරේරා

ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සිය ධුරයෙන් ඉවත්වනවානම් හෝ පාර්ලිමේන්තු සාමාජිකත්වයෙන් ඉවත්වනවානම් ඒ බවට පාර්ලිමේන්තුවට දැනුවත් කළ යුතු බැවින් අප ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා/ අධ්‍යක්ෂ සන්නිවේදන(වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතාගෙන් විමසීමක් කළා.

ඒ අනුව එම මහතා අපට සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීමක් සිදුවනවා නම් ඒ බව ලිඛිතව ජනාධිපතිවරයාට දැන්විය යුතු බවත්, පාර්ලිමේන්තු සාමාජිකත්වයෙන් ඉවත්වනවානම් පාර්ලිමේන්තු මහලේකම් වෙත ලිඛිතව දැනුම්දිය යුතු බවයි. නමුත් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා එලෙස පාර්ලිමේන්තු සාමාජිකත්වයෙන් ඉවත්වන බවට පාර්ලිමේන්තුවට දැනුම්දීමක් සිදුකර නොමැති බව එම්. ජයලත් පෙරේරා මහතා අප වෙත තහවුරු කරනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ(ඩිජිටල් මාධ්‍ය) ජී ඉසුරු අනුරාධ විජේසිංහ

අප ජනාධිපති මාධ්‍ය අංශයෙ අධ්‍යක්ෂ(ඩිජිටල් මාධ්‍ය) ජී ඉසුරු අනුරාධ විජේසිංහගෙන් විමසා සිටියේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සිය ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර තිබේද යන්නයි. 

නමුත් එම මහතා තහවුරු කළේ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සිය ධුරයෙන් ඉවත්වන බවට ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. සුගත් තිලකරත්න මහතාගේ පවුලේ පිරිස ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බැවින් සිය පුද්ගලික සංචාරයක් සඳහා එම මහතා එක්ව ඇති බවත් නැවත එළඹෙන පෙබරවාරි 20 වන දින දිවයිනට පැමිණෙන බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඒ.එච්.එම්.යූ අරුණ බණ්ඩාර

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතාගෙන් ද අප මේ පිළිබඳ විමසීමක් සිදුකළ අතර එම මහතා සඳහන් කළේ අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සිය ධුරයෙන් ඉවත්වනවානම් එය අමාත්‍යංශයට නොව ජනාධිපතිවරයාට දැනුවත් කළ යුතු බවයි. නමුත් සුගත් තිලකරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා එලෙස සිය ධුරය අතහැර විදෙස්ගත වීමේ පුවත් අසත්‍ය බවත්, එම මහතා සිය පෞද්ගලික සංචාරයක් සඳහා එක්ව ඇති බවත් එම මහතා අප වෙත පැවසුවා. සාමාන්‍යයෙන් පෞද්ගලික සංචාරයක් සඳහා හෝ යම් නිවාඩු ලබාගැනීමක් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සිදුකරන්නේ නම් එය දැන්වියයුත්තේ, ජනාධිපති වෙත බවත්, නිල සංචාරයක් නම් පමණක් අමාත්‍යංශය හරහා එම දැනුවත් කිරීම් සිදුකර ඊට අදාළ කටයුතු සලසන බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළා. 

නමුත් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සිය පෞද්ගලික සංචාරයක් සඳහා එක් වුව ද ඒ බව තමාට පෞද්ගලිකව දැනුවත් කිරීමක් සිදුකළ බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා අප වෙත සඳහන් කළා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න

තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා. වග කිවයුතු සියලුම නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව තමන් පෞද්ගලික සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි බව එම මහතා මෙහිදී සඳහන් කරනවා.

තම පෞද්ගලික සංචාරය අවසන් කරමින් එලඹෙන 20 වන දින දිවයිනට පැමිණෙන බවත් එම මහතා සඳහන් කරනවා. තමාට ලැබුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරය සහ රට අතහැර වෙනත් රටකට පැමිණීමට තරම් ගැටලුවන් තමන්ට නොමැති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත දැක්වූ අදහස් මෙසේ ය.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) 

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, තරුණ කටයුතු සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න කිසිවෙක්ටත් නොදන්වා සිය ධුරය අතහැර සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවට සංසරණය වන තොරතුරු නොමඟ යවන සුළු බවයි.

අමාත්‍යවරයා සිය පෞද්ගලික සංචාරයක් සඳහා එක්වී ඇති අතර ඔහු එළඹෙන පෙබරවාරි 20 වන දින දිවයිනට පැමිණීමට නියමිතයි.

Avatar

Title:ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න රට හැර ගියා ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *