2025 වසරේ රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් !

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මෙවර රාමසාන් සමය මාර්තු 1 වන දා ආරම්භ වී මාර්තු අග අවසන් වීමට නියමිත අතර  ඒ අනුව මේ ගෙවෙමින් තිබෙන්නේ, පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වනු ලබන රාමසාන් උපවාස සමයයි. මුස්ලිම් ජනතාව සිය ආගමානුකූලව මෙම රාමසාන් කාලය ගතකරනු ලබනවා.

මෙම රාමසාන් සමය මුස්ලිම් ජනතාවට ඉතා විශේෂ කාලවකවානුවක් වන අතර මෙම උත්සව සමය කේන්ද්‍ර කරගනිමින් ජනතාව නොමඟ යවන සුළු ව්‍යාජ සබැඳි ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති නිසා ම සහ ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරන ලෙස ලැබුණු ඉල්ලීම් ද මුල් කර ගනුමින් අප එම ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. 

සමාජ මාධ් සටහන් (Social Media)

2025 වසරේ රාමසාන් සමය වෙනුවෙන් සහන පැකේජයක් ලබාදෙන බවත් එය ලොව පුරා මුස්ලිම්වරුන්ට ක්‍රියාත්මක බවත්, ඊට ලියාපදිංචි වන ලෙසත් සඳහන් කරමින් ලියාපදිංචි වීමට සබැඳියක් ද දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් වට්සැප් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම පණිවිඩය සිංහලෙන් මෙසේ ය.

සලාම් අලයිකුම්, 2025 රාමසාන් සහන පැකේජ අයදුම්පත්රය නිකුත් කර ඇත.

අයදුම් කිරීමට ඉක්මන්ම ක්රමය වන මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්රමය දැන් ලොව පුරා සිටින සියලුම මුස්ලිම්වරුන් සඳහා ක්රියාත්මකයි.

සෑම පවුලකටම පිටි, සීනි, ගිතෙල්, තෙල්, ධාන් වර්ග, කඩල පිටි, රටඉඳි, සහල් සහ අනෙකුත් ද්රව් වැනි අත්යවශ් ද්රව් ලැබෙනු ඇත.

අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති අතර අයදුම් කළ අය ඔවුන්ගේ පැකේජ ලබා ගැනීම ආරම්භ කර ඇත.

ලියාපදිංචි වී මෙතැනින් අයදුම් කරන්න.”

එම පණිවිඩය ම ෆේස්බුක් ඔස්සේ ද සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fb|Archive

බොහෝ දෙනෙක් මෙම සමාජ මාධ්‍යයේ සංසරණය වන පණිවිඩය සම්බන්ධයෙන් අපගෙන් විමසීමක් සිදුකර තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවේ මේ අයුරින්.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම) :

අප පළමුව රජය විසින් හෝ පිළිගත හැකි ආයතනයකින් රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් ජනතාව වෙත අත්‍යශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කර තිබේද යන්න සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදුකළ නමුත් එවැනි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණේ නෑ. 

විශේෂයෙන් රජයෙන් එවැනි වැඩපිළිවෙලක් දියත් කර තිබේනම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවන් දැකගත හැකිවනවා. නමුත් එවැනි කිසිඳු මාධ්‍ය වාර්තාවක් අපට දැකගත නොහැකි විය.

ලෝක මට්ටමෙන් ද ලොව සියලුම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් එවැනි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම්, විදෙස් මාධ්‍ය ඔස්සේ අනිවාර්‍යෙන් ම වාර්තා කරන අතර ඒ සම්බන්ධ තොරතුරු ද සඳහන් වනු ඇත. නමුත් අප කළ විමර්ශණයේදී එවැනි ලෝකයේ ම මුස්ලිම් ජනතාවට රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට තොරතුරු වාර්තා වී තිබුණේ නෑ.

එබැවින් වැඩිදුරත් ඒ සම්බන්ධව තහවුරු කරගැනීමක් සිදුකරගැනීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙන් ද අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. 

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව(ACJU)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙන් අප වෙත පැවසුවේ රාමසාන් වෙනුවෙන් සහන පැකෙජ ලබාදෙන බවට සංසරණය වන පණිවිඩය අසත්‍ය එකක් බවයි. ලෝකයේම මුස්ලිම් ජනතාව සඳහා එක් නිල වැඩපිළිවෙලක් ඔස්සේ සහන පැකේජ ලබාදීමක් සිදුනොවන බව ඔවුන් අප වෙත පවසනු ලැබුවා.

එමෙන් ම ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙත යම් සහනාධාරයක් ලබාදෙන්නේ නම් එය මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සබැඳි ඔස්සේ තොරතුරු ලබාගනිමින් නොදෙන බවත් නිසි ක්‍රමවේද ඔස්සේ ලබාදෙන බවත් ඔවුන් සඳහන් කරනු ලබනවා.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර එම දෙපාර්තමේන්තුවෙන් ද සඳහන් කරනු ලැබුවේ, රජයෙන් කිසිඳු සහන ලබාදීමේ වැඩසටහනක් රාමසාන් වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් හෝ  එවැනි ලෝක මට්ටමේ වැඩපිළිවලක් හෝ ක්‍රියාත්මකවන බවට ඔවුන් නොදන්නා බවයි.

අප වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී පෙනී ගියේ ඉන්දියාවේද මෙම පණිවිඩය සංසරණය වී ඇති අතර එවැනි සබැඳි අසත් බවත් රාමසාන් සලාකනොමිලේ ලබාදෙන බවට වන පණිවිඩ මගින් වංචාකරුවන්ට හසු නොවන ලෙස හයිද්රාබාද් හි සයිබර් අපරාධ නිලධාරීන් මහජනතාවට අනතුරු අඟවා තිබෙන බවයි. එම ලිපිය මෙතනින්.

අප වැඩිදුරටත් මෙම පණිවිඩය සමඟ දක්වා ඇති සබැඳිය පරීක්ෂා කළ අතර එම සබැඳිය කිසිඳු නිල ආයතනයක එකක් නොවන බව අපට පැහැදිලි විය. යම් රටක හෝ නිල ආයතනයක නම් නිල වශයෙන් එම සබැඳි හඳිනාගත හැකි වන නමුත් මෙය ව්‍යාජ සබැඳියක් බව පෙනී යනවා.

එමෙන් ම මෙහි ඉල්ලා ඇත්තේ නම, දුරකතන අංකය, රට, කලාපය ආදී තොරතුරු වේ. සාමාන්‍යයෙන් මෙවැනි සහන පැකේජ ලොව පුරා ම මුස්ලිම් ජනතාවට ලබාදීමක් නිල වශයෙන් සිදුවන්නේ නම්, එය සිදුවන්නේ, අදාළ රටේ රජය හෝ නිල ආයතනයක් මුල් වී යම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ඔස්සේ ය. මෙවැනි අවිධිමත් සුළු පුද්ගලික තොරතුරු ප්‍රමාණයකින් එවැනි විධිමත් ආකාරයෙන් සහන පැකේජ ලබාදීමක් සිදුවේ යැයි අපට සිතිය නොහැකි ය. එසේ ම එය මෙවැනි සබැඳියක් ඔස්සේ සිදුකිරීම ද ප්‍රායෝගික තත්වයක් නොවේ. 

යම් ආයතනයකින් හෝ මෙවැනි වැඩපිළිවෙලක් දියත් කරන්නේ නම්, එය අදාළ ආයතනයේ නිල වෙබ් අඩවි ඔස්සේ , නිල ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ අයදුම් කිරීමට සැලසීමක් සිදුවනවා මිස මෙසේ ඉතාමත් අවිධිමත් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ සිදුවන්නේ ද නැත.

එබැවින් මෙවැනි උත්සව සමයන් සහ විශේෂ දින මුල් කරගෙන ව්‍යාජ සබැඳි ඔස්සේ ඔබේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට නිතර විවිධ කණ්ඩායම් උත්සහ කරන බැවින් ඒවා පිළිබඳ දැනුවත්ව සිටීම සහ ප්‍රවේශම් වීම ද ඔබ සතු වගකීමකි.

ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (SLCERT)

මේ පිළිබඳව අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් විමසූ විට, ඔවුන් පැවසුවේ මෙය වංචාවක් බවත්, එවැනි සත්‍යාපනය නොකළ සබැඳි ක්ලික් කිරීමෙන් පුද්ගලයින්ගේ පුද්ගලික දත්ත සොරකම් කරන බවත්ය. එබැවින් ජනතාව මේ සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බව ඔවුන් පෙන්වා දෙනු ලබනවා.

රාමසාන් වෙනුවෙන් ලොව වෙනත් රටවල ජනතාවට සහන පැකේජ ලබාදෙනවා ?

අප වැඩිදුරටත් කළ සොයා බැලීමේදී පෙනී ගියේ, පාක්ස්තානයේ අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින්  2025 වසරේ රාමසාන් වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් මිලියන 4 කට රුපියල් 10,000 ක මුදල් ආධාර මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනාධාර ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

එම පැකේජය සුදුසුකම් සපුරන පවුල් සඳහා ලබාදෙන අතර ඒ සඳහා එරට බෙනාසීර් ආදායම් ආධාර වැඩසටහන (BISP) හෝ එහ්සාස් වැඩසටහන යටතේ ලියාපදිංචි විය හැකි බවත්, වෙනත් කිසිදු රජයේ සහන වැඩසටහනකින් මූල්‍ය ආධාර නොලැබිය යුතු බවත්,වලංගු පරිගණකගත ජාතික හැඳුනුම්පතක් (CNIC) තිබිය යුතු  බවත් සඳහන් කර තිබෙනවා. 

මෙය සම්පූර්ණයෙන් පාකිස්තානයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබාදෙන්නක් වන අතර ලෝක වශයෙන් ක්රියාත්මක වීමක් නොවේ. අයදුම් කරන ආකාරය ද පාකිස්තානු රජයෙන් නිල නිවේදනයක් ඔස්සේ සම්පූර්ණයෙන් පාකිස්තානු ජනතාව දැනුවත් කර ක්‍රියාත්මක වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය. මෙම වැඩසටහන සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් මෙතනින්.

තව ද ලෙබනනයේ අසරණ සහ අවදානමට ලක්විය හැකි උපවාස කරන පවුල්වලට ඔවුන්ගේ ජාතිකත්වය, වර්ණය, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සෞඛ්‍ය සම්පන්න ඉෆ්තාර් ආහාර සහ ආහාර පාර්සල් සැපයීමක් FoodBlessed හි ආහාර ආධාර ඔස්සේ සිදුවන අතර එය ද ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන එකක් නොවන බවයි සඳහන් වන්නේ.එම පුවත මෙතනින්.

Also Read – කාන්තා දිනය වෙනුවෙන් මැලිබන් සමාගමෙන් මුදල් ත්‍යාග පිරිනමනවා ද? 

Also Readකම්කරු අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ රැකියා අවස්ථා බවට ව්‍යාජ සටහන් පෙළක්

Also Read – සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

Also ReadSCAM Alert! තහවුරු නොකළ, නොදන්නා සබැඳි වෙත පිවිසීමෙන් වැළකී සිටින්න!

Also Read – Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

Also Read – මේ දිනවල මාර්ගගත රැකියා වංචා රැසක් – මේවා පිළිබඳ ඔබ දැනුවත් ද?

Also Read – ගෑස් උදුන් නඩත්තුව පරීක්ෂා කරන ලෙස නිවෙස්වලට පැමිණෙන මංකොල්ල කණ්ඩායමක් ගැන පළ වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව! 

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය)

අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, රාමසාන් සමය වෙනුවෙන් ලොව පුරා මුස්ලිම් ජනතාවට සහන පැකේජ ලෙස අත්‍යවශ්‍ය ආහාර ලබාදෙන බවට සඳහන් කරමින්, ඊට ලියාපදිංචි වීමට දක්වා ඇති සබැඳිය සහිත එම පණිවිඩය ව්‍යාජ එකක් බවයි.

සාමාන්‍යයෙන් විශේෂ දින සහ උත්සව කේන්ද්‍ර කරගනිමින්, හුවමාරුවන මෙවැනි ව්‍යාජ සබැඳි සහිත පණිවිඩ SCAM ලෙස හඳුන්වන අතර, ඒවායේ සෑමවිටම පවසන්නේ නොමිලේ දත්ත, තෑගි ආදිය ලබාදීමට සබැඳිය ක්ලික් කරන ලෙසයි. අනතුරුව එම ලින්ක් හරහා විවිධ තොරතුරු ඉල්ලා සිටින අතර ඒ ඔස්සේ, ඔබේ දත්ත සූක්ෂමව ලබා ගැනීම සිදුවනු ඇත. එබැවින් වංචනික අරමුණින් හුවමාරුවන සත්‍යාපනය නොකළ සබැඳි ක්ලික් කිරීමෙන් වැළකීසිටින ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා.
එමෙන් ම එවැනි තොරතුරු අන් අය සමඟ බෙදා ගැනීමට පෙර ප්‍රවේශම් වන ලෙසත්, එවැනි ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Avatar

Title:2025 වසරේ රාමසාන් වෙනුවෙන් සහන පැකේජ ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් !

Written By: Piumika Lakshani  

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *