
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කිරීමේ අවාසනාවන්ත සිදුවීම සම්බධයෙන් මේ දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. මෙවැනි ස්ත්‍රී දූෂණ, ලිංගික හිංසනයන් සිදුකරන වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස සෑම පැත්තකින්ම ඉල්ලීම් කරමින් තිබෙනවා.විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ, මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ සටහන්, අදහස් හුවමාරු වෙමින් සහ ප්‍රචාරය වෙමින් පවතිනවා. එවැනි තත්වයක් තුළ, 16 හැවිරිදි දැරියක් දූෂණය කළ වරදට පාකිස්තානු ජාතිකයින් හත් දෙනෙකුට සෞදි අරාබියේදී ලබාදුන් දඬුවමක් ලෙස සඳහන් කරමින් පුද්ගලයින් හත් දෙනෙකු මිලේච්ඡ ලෙස ඝාතනය කෙරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පැවති බැවින් එම වීඩියෝව එවැනි සිදුවීමකට අදාළ එකක් ද යන්න පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
කඩු අතැතිව කළු පාට ඇඳුමින් සැරසුණු මුහුණු ද ආවරණය කරගනිමින් සිටින පුද්ගලයින් විසින් තැඹිලි පැහැති ඇඳුම් හැඳ සිටින සිරකරුවන් වැනි පුද්ගලයින් හත් දෙනෙක්ගේ හිස ගසා දමන ආකාරයේ වීඩියෝවක් පළ කර තිබුණේ, 16 හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන පුරවැසියන් හත් දෙනෙකුගේ හිස ගසා දැමූ සෞදි අරාබියේ වීඩියෝවක් බවට සඳහන් කරමිනි.
එම වීඩියෝව සමඟ පළ කර තිබූ සටහන මෙසේ ය.
“සෞදි අරාබියේදී පකිස්ථාන ජාතිකයන් හත් දෙනෙකු විසින් 16 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කර ඇත.පසුදා ඔවුන් සියල්ලන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. අධිකරණය ඔවුන්ගේ හිස් ගසා දැමීමට නියෝග කළ අතර අනෙක් අයට නැරඹීම සඳහා වීඩියෝව නිකුත් කර ඇත.”
මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ අදහස් වලින් ද පෙනී ගියේ බොහෝ දෙනෙක් මෙය ස්ත්‍රී දූෂණයකට අදාළ වරදකරුවන්ට ලබාදුන් දඬුවමක් බවට විශ්වාස කරන බවයි.
එම වීඩියෝව ම වට්සැප් ඔස්සේ ද ඉහත සටහන ම සහිතව සංසරණය වී තිබුණේ මේ අයුරින්.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය සිදුවීමක් ද නැතහොත් ග්‍රැෆික්ස් ඔස්සේ සිදුකරන ලද නිර්මාණයක් ද යන්න මෙන්ම ඇතුළු එහි සත්‍යතාව සම්බන්ධයෙන් බොහෝ දෙනා විමසා තිබු අතර අප ඒ ගැන කරුණු පරීක්ෂාවක් සිදුකළේ මේ අයුරින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අපගේ විමර්ශනය ආරම්භයේදී, අපි පළමුව Reverse Search Image ඔස්සේ මෙම වීඩියෝවේ රූපරාමු පරීක්ෂා කර බැලීමක් සිදුකරනු ලැබුවා.
ඒ අනුව එහිදී 24 නම් වෙබ් අඩවියක මෙම වීඩියෝවේ දැක්වෙන රූප රාමුවල ඡායාරූප සහිතව පුවතක් පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි විය. එම පුවත 2016 වසරේ සැප්තැම්බර් 20 වන දින පළ කර තිබූ අතර එහි වාර්තා කර තිබුණේ, කුර්දි පෙෂ්මර්ගා වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ ඉරාක ජාතිකයින් 16 දෙනෙකු ISIS සංවිධානය විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද බවයි.
ISIS සාමාජිකයින් මාරුවෙන් මාරුවට තරුණ ඉරාක පිරිමින් 16 දෙනෙකු ඝාතනය කරන අතර, සමහරුන්ට වෙඩි තබා ඇති අතර, තවත් සමහරු තියුණු කඩුවකින් කපා ඝාතනය කර ඇති බවටයි එම පුවතේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
එමෙන් ම මරා දැමූ තරුණයන් තමන් ” උම් අල් – රබින් ” නම් මොසුල් හි රහසිගතව ක්‍රියාත්මක වන ISIS විරෝධී බලඇණියක් බව පිළිගෙන ඇති බවත් එහි වාර්තා කර තිබෙනවා.
එම පුවතේ මෙම සිදුවීමට අදාළව ඡායාරූප ද අන්තරගත කර තිබූ ආකාරය අපට දැකගත හැකි විය.
අප තවදුරටත් කළ සොයා බැලීමේදී මෙම කාරණයට අදාළව 2016 දී පළ කළ වෙනත් මාධ්‍ය වාර්තාවක් ද අපට හමු විය. සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති වීඩියෝවේ රූප රාමුවලට සමාන පින්තූර එම මාධ්‍ය වාර්තාවේ ද දැකගත හැකි විය.
එහි ද සඳහන් වන්නේ, කුර්දි පෙෂ්මර්ගා වෙනුවෙන් ඔත්තු බැලීම නිසා ඉරාක ජාතිකයින් 16 දෙනෙකු ISIS විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අතර අනෙක් අය තියුණු කඩු වලින් ගෙල කපා මරා දමන ලද බවයි.
පෙෂ්මර්ගා (හමුදා) හමුදා යනු ඉරාකයේ කුර්දි ස්වයං පාලන කලාපයේ හමුදා සොල්දාදුවන් වන අතර , පෙෂ්මර්ගා කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ එම හමුදා ක්‍රියා කරනු ලබනවා.
වසර ගණනාවක් පුරා ISIS සංවිධානය විසින් පෙෂ්මර්ගා සොල්දාදුවන් ඝාතනය කළ බවට සහ හිස ගසා දැමූ බවට වාර්තා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තරුණයන් ඝාතනය කිරීමේ සිදුවීම ම විස්තර කරමින් තවත් මාධ්‍ය වාර්තා කිරීමක් පළ කර තිබූ අතර එහි එම සිදුවීමේ වඩාත් ලේ වැගිරෙන සහ කෲරත්වය විස්තර කර තිබෙනවා.
ඇත්ත වශයෙන්ම, එහි නවතම නිකුතුව වන “ And If You Return , We Return 3” හි, ISIS සාමාජිකයින් මාරුවෙන් මාරුවට තරුණයන් 16 දෙනා ඝාතනය කිරීමේ දි, ඝාතනයට ලක් වූවන්ගේ ගෙල මත කැමරා කාච සවි කර තිබූ අතර, ඔවුන්ගේ ගෙලෙන් ගලා යන රුධිරය රූගත කර තිබුණේ දිය උල්පතකින් ජලය ගලා එනවාක් මෙන් පෙනෙන ආකාරයට බව එහි සඳහන් කර තිබෙනවා.
ISIS සංවිධානය මේ ආකාරයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කළේ පළමුව යකඩ කූඩුවක දමා යුරෝපීය පෙනුමක් ඇති දරුවෙකු ඉදිරිපිට ඔවුන්ගේ හිස ඔවුන්ගේ සිරුරු මත තබා, පසුව එකින් එක කූඩුවෙන් පිටතට ගෙන ඒමෙන් බවටත්, එම මිලේච්ඡ් ඝාතනයන් සිදුකළ ආකාරය විස්තර කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ම ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන අල්-අලාම් විසින් නිකුත් කරන ලද වාර්තාවක් ද මෙතනින්.
මෙම සිදුවීම ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ කරමින් පාකිස්තානු ජාතිකයින්ව සෞදි අරාබියේදී ඝාතනය කළ බවට සඳහන් කරමින් ව්‍යාජ පුවත් මීට පෙර වසර වලදී ද ලෝකය පුරා සංසරණය වී ඇති අතර එවැනි අවස්ථාවල සිදුකළ කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
සෞදියේ දී ස්ත්‍රී දුෂණයට ලැබෙන දඬුවම්
සෞදි අරාබියේ ස්ත්‍රී දූෂණය නියාමනය කරනු ලබන්නේ සෞදි අරාබියේ ෂරියා නීතිය පිළිබඳ අර්ථ නිරූපණය ඔස්සේ වන අතර ඒ යටතේ ස්ත්‍රී දූෂණ අපරාධයකට වරදකරු වූ කෙනෙකුට කස පහර දීමේ සිට මරණ දඬුවම දක්වා විවිධ දඬුවම් නියම කළ හැකිය .
එසේම කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාව මත සෞදි අරාබියේදී පකිස්ථාන ජාතිකයින්ගේ හිස ගසා දැමීම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා ද අපි පරික්ෂා කළ අතර මීට පෙර එවැනි සිදුවීම් දැකගන්නට ලැබෙනවා. මේ එවැනි අවස්ථාවක් පිලිබඳ 2010 වසරේ පළවූ පුවත් වාර්තාවක්.
තව ද සෞදි අරාබියේ රියාද්හි කාන්තාවකගේ නිවසට ඇතුළු වී ඇයව දූෂණය කර ගෙල සිර කිරීම සම්බන්ධයෙන් ද පාකිස්තානු පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඬුවම ලබාදීමේ පුවතක් ද 2018 දී වාර්තා වී තිබුණේ මේ අයුරින්.
Conclusion (අවසාන නිගමනය):
අප කළ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, සෞදි අරාබියයේදී අවුරුදු 16ක දැරියක් දූෂණය කළ පාකිස්තානුවන් පිරිසකට ලබාදුන් දඬුවමක් බවට සඳහන් කරමින් පළ කර ඇති වීඩියෝව එවැනි සිදුවීමකට අදාළ එකක් නොවන බවයි.
එම වීඩියෝවේ දැක්වෙන්නේ,මීට වසර වසර නවයකට පෙර, එනම් 2016 දී ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS විසින්, ඔත්තු බැලීම හසුවූ තරුණයින් පිරිසකගේ හිස ගසා දමන වීඩියෝවක් බවයි.

Title:සෞදි අරාබියේදී , පකිස්ථානුවන් හත් දෙනෙකු විසින් 16 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !
Fact Check By: Piumika LakshaniResult: False
