මැදිරිගිරියේ සංගීත ප්‍රසංගයට අනුෂ්ක-දුලාජ් පැමිණියේ නැද්ද?

Entertainment Misleading Social

 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කලාකරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්‍සේ මේ දිනවල නොයෙකුත් කාරණා ඔස්සේ කතා බහට ලක් වෙද්දී, වත්මන ගායන ශිල්පියෙක් ලෙසින් අතිශයින් තරුණ තරුණියන් අතර ජනප්‍රියට පත් මීට ඉහතදී ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස YouTube ඔස්සේ ජනප්‍රියත්වයට පත් වූ අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක සම්බන්ධයෙන් මැදිරිගිරියේ සංගීත ප්‍රසංගයකදී වූ කාලහෝලයක් පිළිබඳ සමාජ මාධ්‍ය අවධානය ලක් වුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් සහ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තේ මේ අයුරින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පසුගියදා මැදිරිගිරිය පැවති සංගීත ප්‍රසංගයක් සඳහා ගායනා කිරීම සඳහා ආරාධනා ලැබී තිබූ ‘වස්ති’ හි අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක එම ප්‍රසංගය මග හැර ගිය බවට දක්වමින් සහ ඒ හේතුවෙන් එම ප්‍රසංගය නැරඹීමට පැමිණි කෝපයට පත් රසික රසිකයින් ප්‍රකෝපකාරීව හැසිරුණු අයුරු බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

ශෝ එකේ ටිකට් එක රුපියල් 1000 / Vip 2500

බෑන්ඩ් එක Avatar , එන්න ප්ලෑන් කරලා තිබ්බ ආටිස්ල ටික ශාන් පුතා , වස්ති , හනා (පෝස්ටර් එකේ තිබ්බ විදිහට)

ශානා ඇතුලෙ නිසා ආවෙ නෑ

ඒ වෙනුවට රොමේශ් ආවා

හනා ආවා

වස්තිලා එනකල් බලන් උන්නා පාන්දර 1.20 වෙනකල් , ඒත් වස්ති ආවෙ නෑ ,

බෑන්ඩ් එක බර ගේමක් දීලා අල්ලන් උන්නා එච්චර වෙලා යනකල් , 1.20 ට කියුවා ශෝ එක නතර කරනවා 1.30 ට කියලා

ඊට පස්සෙ තමයි මේක පටන් ගත්තේ 😢

Location – මැදිරිගිරිය දුවුලන්කඩවල

14/03/2025

අපාරාදේ මේ දේවල් , මාරම අවුල්

 

Facebook

මේ සම්බන්ධයෙන් සටහන් බහුලව සංසරණය වී තිබුණු අතර මේ පිළිබඳව අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

බොහෝ පිරිසක් මෙම ප්‍රසංගය සඳහා ගායනා කිරීමට නියමිත ව සිටි ගායන ශිල්පි අනුෂ්ක සහ දුලාජ් පැමිණ නොමැති බව ත්, දක්වා තිබූ බැවින් අප මේ පිළිබඳව ඔවුන්ගේ විමසීමට පියවර ගනු ලැබුවා.

වස්ති production :

අප මේ පිළිබඳව අනුෂ්ක උදානගෙන් විමසීමක් කරනු ලැබූ අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු අප වෙත දැන්වූ අතර ඒ අනුව මෙම ලිපිය සකස් කළ අපගේ වෙබ් අඩවියේ කලින් පළ කළ ත්, පසුව මේ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් විමර්ශනයක් පැවැත්වෙන බැවින් ඇති වූ නීතිමය තත්ත්වයක් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය, ඔහුගේ ඉල්ලීම මත ඉවත් කරන ලද අතර, ඒ පිළිබඳ කරුණු දැක්වීම නීතිමය වශයෙන් සිදු කරනු ඇති බවත් අනුෂ්ක පවසා සිටිනවා. කෙසේ වෙතත් ඔහු පසුගිය මාර්තු 14 වන දා මැදිරිගිරිය පැවැත් වූ ප්‍රසංගයට පැමිණි බවත්, ඒ පිළිබඳ දැක්වෙන සමාජ මාධ්‍ය සටහන් වලට පමණක් මෙම ලිපියෙන් පිළිතුරු සපයනු ඇත.

ඒ අනුව, ඔවුන්ට වේදිකාවට අවතීරණය වීමට ලබා දුන් වේලාව රාත්‍රී 12.00 බව ත්, රාත්‍රී 12 ට පමණ පළමු කලාකරු ලෙස වේදිකාවට පැමිණි පසුව හනා ශෆා ගීත ගායනා කරමින් සිටි බව ත්, 12.15-12.20 පමණ වන විට එම ප්‍රසංගය තිබූ දිවුලන්කඩවල ප්‍රදේශයේ ක්‍රීඩාංගණ භූමියට ඔවුන් ඇතුළු වූ බව ඔහු පවසනු ලැබුවා.

ප්‍රසංග සංවිධායක

පසුගිය 14 වන දා මැදිරිගිරියේ පැවැත්වූ ප්‍රසංගයේ සංවිධායකවරුන් අතරින් අනුෂ්ක-දුලාජ් සම්බන්ධ කර ගැනීම් සඳහා ක්‍රියාත්මක වූ සංවිධායකවරයා අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. ඔහු සඳහන් කළේ, අනුෂ්ක-දුලාජ් එදින එම ප්‍රසංගයට පැමිණි බව ත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ඔවුන් එදින පැමිණ නැති බවට සඳහන් කිරීම අසත්‍ය බවයි.

අප එදින වූ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මාර්තු 12 Flashback සංගීත කණ්ඩායම සමගින් ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේ ප්‍රසංගයක් සංවිධානය කළ බව ත්, ඒ සඳහා ද,  අනුෂ්ක උදානට සින්දු 3ක් ගායනා කිරීම සඳහා ලක්ෂ 6ක් ලබා දුන් බවයි. නමුත් මෙතනදී එක් අඛණ්ඩ ගීතයක් (Nonstop) ගායනා කිරීමට ලක්ෂ 9ක් පමණ ඉල්ලූ අතර එවන් ගණනක් ඉල්ලීම සාධාරණ නොවන බව ඔහු ප්‍රකාශ කළා.

හෙට(23) දිනයේ ලංකාවේ සිටින සියලු සංවිධායකවරුන් විසින් රැස්වීමක් පැවැත්වෙන බව ත්, මෙහිදී මෙලෙසින් හැසිරෙන තව ත් කලාකරුවන් පිළිබඳ තීරණයක් ගන්නා බව ත්, ඔහු සඳහන් කළා.

ප්‍රසංග සංවිධානය කිරීම යනු ව්‍යාපාරයක් බැවින්, මෙවැනි ප්‍රසංග සංවිධාන කළත් ඇතැම් අවස්ථාවල ප්‍රසංග වල බලාපොරොත්තුවන මුදල ඉපැයීමට නොහැකි බව ත්, එහි අවධානමක් පවතින බව එම සංවිධායකවරයා පවසා සිටියා. 

දැනට මෙම ප්‍රසංගය හේතුවෙන් සිදුවී ඇති අලාභහානී වලට ගෙවීම සඳහා ලක්ෂ 25ක් පාඩුවී ඇති බව ත්, මීට හේතුව වූයේ අනුෂ්ක ගීත ගායන නොකර පිටවීම බව ඔහු පෙන්වා දුන්නා.

අනුෂ්ක වේදිකාව වෙත පැමිණෙන විටත් ප්‍රසංගයේ ලක්ෂ 17ක් පමණ අලාභව(Lost) තිබූ බව ත් ඊට පෙර දිනයේත් ලක්ෂ 6ක් ලබා දී ගීත ගායන කළ අතර පසු දිනත් ලක්ෂ 9ක් ලබා දීම අපහසු බවට ප්‍රකාශ කර තිබියදී ඒ පිළිබඳ නොසැලකා හැරීම කලාකරුවෙකු විසින් සිදු නොකරන දෙයක් බව ඔහු සඳහන් කරනවා. අලාභ වෙලා තිබියදීත් ඒ ගැන දැනුම්දීමේන් අනතුරුව එක් ගීතයකට ලක්ෂ 9ක් ලබා නොදුන් නිසා ගීත ගායනා නොකර සිටීම මානුෂීය ලෙස බලන කල සාධාරණ නොවන බවත් සංවිධායකවරයා සඳහන් කරනවා. 

ලක්ෂ 9ක් ලබා දීම ට පොරොන්දු වූයේ ගායනා කිරීමට ලබා දුන් වේලාව රාත්‍රී 12ට වූ නිසා බව ත්, ඔහු පැවසුවා.

කෙසේ වෙතත් රාත්‍රී අළුයම 1ට ප්‍රසන්ගය නැවැත්විය යුතු බව පොලීසිය දැනුම් දුන් අතර සතියේ දින වල ප්‍රසංග සඳහා අවසර ලබා දෙන්නේ අළුයම 1 වෙනතෙක් පමණක් බැවින් ප්‍රසංගය අවසන් කිරීමට නියමිතව තිබෙන බැවින් අනුෂ්ක-දුලාජ්ට අඛණ්ඩ ගීතය (Nonstop) ගායන කිරීමය අවස්ථාව නොමැති බැවින් එක් ගීතයක් හෝ ගායන කර වේදිකාවේන් බැසීමට තමන් ප්‍රකාශ කළ බව ත්, එවිට ප්‍රසංගය නැරඹීම සඳහා පැමිණි රසිකයින් පාලනය කිරීමට හැකිවන බව ත්, ඔහු අනුෂ්කට සඳහන් කළ බවයි ඔහු පවසා සිටියේ.

ඒ වන විටත් බොහෝ රසිකයින් ක්‍රීඩාංගණයේ පිටත් වී ගොස් සිටියත් අනුෂ්ක උදාන ගායන නොකොට පිටත් වීම හේතුවෙන් කෝපයට පත් පිරිස මෙලෙසින් කලහකාරී ලෙස හැසිරුණු බවයි සංවිධායකවරයා ප්‍රකාශ කළේ.

එමෙන් ම ඉතිරි මුදල ලබා දෙන බවට ලිපියක් ලියා දෙන ලෙස අනුෂ්ක උදාන පැවසූවාද යන්න පිළිබඳව ද, අප ඔහුගෙන් විමසා සිටි අතර ඔහු එලෙසින් ප්‍රකාශ කළ බව ත්, නමුත් එම අවස්ථාවේදී ලිපි ලියමින් සිටීමට වෙලාවක් නොතිබුණු බව ත්, ප්‍රසංගය අවසන් වීමට ආසන්නව තිබියදී මෙම ගැටලුව පැන නැගූ බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් අනුෂ්ක උදානට ලබා දීමට නියමිත ව තිබූ ලක්ෂ 9න් ලක්ෂ 4ක් අත්තිකාරම් මුදල් විදියට ජනවාරි මස ලබා දුන් අතර ඉතිරි ලක්ෂ 2 ප්‍රසංගයට පැමිණි අවස්ථාවේ ලබා දුන් අතර නමුත් ඔහු ඉතිරි ලක්ෂ 3 ලබා නොදීම නිසා ගීත ගායනා නොකොට ඉන් ඉවත් වූ බව ත් ඔහු පවසනවා.

මෙම ප්‍රසංගය සඳහා සංවිධායකවරුන් 3 දෙනෙකු සිටි බව ත්, තමන්ට භාරව තිබුණේ හනා සහ වස්ති බව ත්, හනා සහ රොමේෂ් 11.35ට පමණ ප්‍රසංගයට පැමිණි අතර අනුෂ්ක උදාන පැමිණියේ 12.49ට පමණ බව ත් ඔහු තව දුරටත් සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවා.

රොමේෂ් සුගතපාල

මෙම ප්‍රසංගය සඳහා පැමිණීමට නියමිත ව සිටි ‘ශාන්’ ලෙස හඳුන්වන කෞශාන් ගුණරත්න ඒ වන විට අත්අඩංගුවට පත් වී තිබූ නිසා ගායන ශිල්පී රොමේෂ් සුගතපාලගේ කළමණාකරු අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර අප ඔහුගෙන් විමසා සිටියේ, රොමේෂ් සුගතපාලට එම ප්‍රසංගයේ ගීත ගායනය කිරීම වෙනුවෙන් ඔහු ඉල්ලූ මුළු මුදල ලබා දුන්නා ද, යන්නයි. ඔහු තහවුරු කරේ එම සංවිධායකවරුන් ඔහුට නියමිත වී තිබූ මුළු මුදල ලබා දී දුන් බවයි.

අපි ගායන ශිල්පිනි හනා ෂාෆා ද, සම්බන්ධ කර ගැනීමට නොහැකි වූවත්, එම අවස්ථාව ව්‍යර්ථක විය. 

ප්‍රසංගය තුළ එල්ල වූ ප්‍රහාරය

මැදිරිගිරිය දිවුලන්කඩවල පැවති සංගීත ප්‍රසංගයදී වේදිකාවට පහරදී දේපළවලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනාවට මැදිරිගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයන් 11 දෙනකු පසුගිය 17 වන දා දහවල් බකමූණ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවට පුවත් වාර්තා පෙන්වා දෙනවා.

ප්‍රසංග වේදිකාවට සිදු කළ හානිය රු. කෝටියකට ආසන්න බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මැදිරිගිරිය පොලිසියේ නිලධාරියෙක් සඳහන් කර ඇති අතර කලබලයක් සිදු කරමින් වේදිකාවට ගල් මුල් සහ වාඩි වීමට තබා තිබූ පුටු ආදිය ද රැගෙන පහර දීමෙන් විශාල ගැටුමක් ඇති වූ අතර වේදිකාවට පහර දෙන අවස්ථාවේ මැදිරිගිරිය පොලිසියේ නිලධාරීන් මැදිහත් වී ගැටුම සමථයට පත්කර තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් තමන්ට රුපියල් කෝටියකට ආසන්න අලාභයක් සිදුවී ඇති බව ප්‍රසංගයේ සංවිධායකයන් විසින් මැදිරිගිරිය පොලිසියට පැමිණිලි කර ඇති බවට පුවත් වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින් සහ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

 

Avatar

Title:මැදිරිගිරියේ සංගීත ප්‍රසංගයට අනුෂ්ක-දුලාජ් පැමිණියේ නැද්ද?

Written By: Pavithra Sandamali  

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *