නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් වැසිකිළියක් විවෘත කිරීමේ කතාවේ ඇත්ත මෙන්න !

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් වැසිකිලියක් විවෘත කරන අවස්ථාවක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූප පෙළක් මේ දිනවල බොහෝදෙනා අතර කතාබහට ලක්වී ඇති අතර ම ඇතමුන් උපහාසාත්මක ලෙස ද මෙම ඡායාරූප හුවමාරු කරගෙන ඇති ආකාරය දැකගත හැකිවිය. එබැවින් මෙම ඡායාරූප සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media):

“මෙන්න ලැට් එකක් විවෘත කරන්න ගිහිං බං” යනුවෙන් සඳහන් කරමින් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් ද ඉන්නා ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fb| Archive

එම ඡායාරූප තවත් බොහෝ ෆේස් බුක් ගිණුම් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

Fb| Fb |Fb | Fb | Fb | Fb | Fb |Fb |Fb |Fb |Fb |Fb Fb | Fb | Fb | Fb |Fb |Fb |Fb |Fb |Fb

බොහෝදෙනා මෙම ඡායාරූප ටී.බී සරත් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව සිදුකළ එකක් බවට අදහස් දක්වා තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පළමුව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මෙම සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වන අයුරින් නියොජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව වැසිකිළියක් විවෘත කිරීමක් සඳහා හෝ යම් අයෙක්ට උදව්වක් වශයෙන් හෝ වැසිකිළියක් සාදා දුන් බවට වන පුවතක් තිබේ ද යන්න පරීක්ෂා කළ අතර එහිදී අරුණ පුවත්පත දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් පදනම්ව මේ සම්බන්ධ පුවතක් වාර්තා කර තිබුණා.

වැසිකිළියක් විවෘත කර මුහුණු පොතේ දමා ඇති බවත්, ආණ්ඩු පාර්ශවයට සිදුකළ හැකි කර්තව්‍යක් නොමැති නිසා මේ වන විට ඔවුන් වැසිකිළි විවෘත කරමින් සිටින බවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසූ බවට අරුණ පුවත්පත වාර්තා කර තිබුණා.

අනෙකුත් රූපවාහිනී මාධ්‍යය දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සිදුකරන ප්‍රකාශය එලෙසින් ම වාර්තා කර තිබුණා.

https://vt.tiktok.com/ZSr8gAoYK

කෙසේ නමුත් මෙම මාධ්‍ය තුළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය උපුටා දැක්වීමක් කර තිබූ නමුත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැසිකිළි විවෘත කිරීමකට සහභාගී වූ බවට වෙනත් ආකාරයක වාර්තා කිරීමක් සිදුකර තිබුණේ නෑ.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා වැසිකිළියක් විවෘත කිරීමට ගිය බවට වන ඡායාරූප පෙළක් දිගින් දිගට ම හුවමාරු වීමත් සමඟ ඊයේ (25) දිනයේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය මඟින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, එම වාර්තා කිසිදු සත්‍යතාවකින් තොර බවයි.

එම පළවන වාර්තා සහ තොරතුරු මීට වසර 05කට පමණ පෙර පොලොන්නරු ප්‍රදේශයේදී අමාත්‍යවරයා තරුණයන් සමග එකතුව සිදුකරන ලද සමාජ සත්කාරයක් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබෙනවා.

ඒ අනුව අසරණ පවුලකට වැසිකිලියක් සාදා දෙන ලද බවත් ඒ සඳහා කිසිදු උත්සවයක් හෝ පවත්වා නොමැති බවත් එය ඉතිහාසයේ කළ සමාජ සුභ සාධන ක්‍රියාවක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම නිවේදනය ටී.බී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සමන්ත ගමගේගේ අත්සනින් යුතුව නිකුත් කර තිබුණා.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා බව සත්‍ය නමුත්, මෙය මීට වසර ගණනකට ඉහත සිදුවූ සිදුවීමක් බවත්, එකල ගම්වාසීන් හා එක්ව කළ සමාජ සත්කාර්‍යයක් වන බවයි. 

පොදුජනතාව වෙනුවෙන් මහජන මුදල් වැය කර සිදු කරන යමක් වේ නම් ඒ සඳහා සිය පෞද්ගලික නම් භාවිතා කිරීමක් සිදු නොවන බවත්, මෙම කටයුත්ත ද රජයේ මුදල්වලින් සිදුකළ එකක් නොවන බවත් අමාත්‍යවරයා පවසනවා.

මෙය අසල්වාසීන් එක්ව අසරණ කකුල් දෙකම යම් තරමක අඩපණ වුණු පුද්ගලයෙක්ගේ අවශ්‍යාතාවයක් වෙනුවෙන් කලකට ඉහතදී සිදුකළ සමාජ සත්කාරයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා. අවසාන දිනයේ එම කටයුත්ත සඳහා උදව් වූ පිරිස රැස් වූ බවත්, එම වැසිකිළිය සාදා දුන් නිවසේ අය ඔවුන්ගේ වත්තේ තිබූ මඤ්ඤොක්කා සහ තේ ලබාදෙමින් ස්තූතියි කළ බවත්, වැසිකිළිය විවෘත කිරීමක් සිදු නොවූ බවත් අමාත්‍යවරයා පවසනවා.

එම අවස්ථාවට ඔහු ද සහභාගී වූ බවත්, එම මහතා පවසනවා. කෙසේ වෙතත් තමාගේ මාධ්‍ය ලේකම් විසින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත්, ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

2019 මාර්තු 4 දින සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූප පළ කර තිබීම

අප වැඩිදුරටත් කළ පරීක්ෂා කිරීමේදී පෙනීගියේ මෙම ඡායාරූප 2019 වසරේ මාර්තු 4 වන දින ටී.බී සරත් මහතාගේ සමාජ මාධ්‍ය ගිණුමකින් පළ කර ඇති ආකාරයයි. එහි මෙම ඡායාරූප පළ කිරීමේදී සටහනක් තබා තිබූ අතර එය මෙසේ ය. එම සමාජ මාධ්‍ය සටහන මෙතනින්. (Archived Link)

“දිරිය පුරවැසි සමිති ජාතික දිනය අද ජේවීපී රජ ඇළ, ගිරිතලේ දිරිය පුරවැසි සමිතියෙන් රජ ඇළ පොඩ්ඩේ මාමාට සනීපාරක්ෂක කටයුතු සඳහා වැසිකිළියක් සාදා නිම කර ඔහුට භාරදීම සිදුකිරීම.”

මේ ඔස්සේ වැඩිදුර සිදුකළ පරික්ෂාවේ දී ද අපට මෙම 2019 මාර්තු මස සිදුවීම පිලිබඳ තවත් සටහනක් ද දැකගන්න ලැබුණි. දිරය පුරවැසි සමිතියේ මැදිහත් විම දෙපා වාරු නැතිව සිටි පොඩිඩෙ මාමා නැමැත්තෙකුට සනිපාරක්ෂක කටයුතු කරගැනිමට, සමාජ සත්කාරයක් ලෙස වැසිකිලියක් ඉදිකර දිම මෙහිදී සිදුවූ බව එහි දැක්වෙනවා.

එසේම, දිරිය පුරවැසි සමිතියේ සභාපති ගුරුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකර තිබු මෙම කර්තව්‍යට ජ.වි.පෙ පොලොන්නරු දිස්ත්‍රික් නායක ටි.බි සරත් මහතාද සහයෝගය ලබාදුන් බවත්, එම අවස්ථාවේ සරත් මහතා ද සිටින බව දැක්වෙන ඡායාරුප සමගින් පළකර තිබු අදාල ෆේස්බුක් සටහන පහතින්.

FB 

ප්‍රාදේශීය වාර්තා කරුවන්

අප පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද විමසා සිටියේ, ටී.බී සරත් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව මෙවැනි වැසිකිළියක් යම් පවුලකට සාදා දීමේ කටයුත්තකට සහභාගීවීමේ සිදුවීමක් වාර්තා වූයේ ද යන්නයි.

නමුත් ඔවුන් අප වෙත පැවසුවේ, මෑතකදී ටී.බී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ එවැනි කටයුත්තක් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් වාර්තා නොවූ බවයි.

වැසිකිළිය සැදීමට 2019 වසරේ දී මෙහෙයවීම සිදුකළ පුද්ගලයා

වැසිකිළිය සාදා දීමේ කටයුතු මීට වසර 6කට පෙර මෙහෙයවීම සිදුකළ පුද්ගලයා ද අපට සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර ඔහු ද තහවුරු කලේ මෙය දිරිය පුරවැසි සමිතිය මගින් සිදුකළ සමාජ සත්කාරයක් බවයි.

මෙම වැසිකිලිය සාදදුන්නේ ඉතා අසරණ පවුලකට බවත්, එකල ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සිය ප්‍රශ්නය පැවසූ නමුත් ඔවුන්ට කිසිඳු සහනයක් නොලැබුණු බවත්,  ඊට අදාළ බඩු ආදිය, මුදල් ගමේ පිරිස එක්ව බොහෝදෙනාගේ මුදල් හා ශ්‍රම දායකත්වය ඇතිව මෙම වැසිකිළියක් සාදා දුන් බව ඔහු පවසනවා.

තවද මේ ආකාරයේ කටයුතු කිහිපයක් ම එම අවධියේ දී සිදුකළ බවත් ඒවා සියල්ලටම වාගේ නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා ද ජ.වි.පෙ පොලොන්නරු දිස්ත්‍රික් නායක ලෙස සහභාගී වූ බවයි. තවත් එවැනි අවස්ථාවක් මෙතනින්

එසේම මෙම කර්තව්‍ය සිදුව තිබුනේ දිරිය පුරවැසි සමිති ජාතික දිනයට සමගාමීව, එනම් 2019 මාර්තු මස 04 වැනිදා වූ අතර දීප ව්‍යාප්තව සිදුවූ මෙවැනි ප්‍රජා සත්කාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළකර තිබුනේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

සැ.යු : අප මෙම විමර්ශණයෙන් පෙන්වාදෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන්නේ, ටී.බී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ධූරයට පත්වීමෙන් අනතුරුව, වැසිකිළියක් විවෘත කිරීමේ කටයුත්තකට සහභාගී වූ අවස්ථාවක් නොවන බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා මෑතකදී වැසිකිළියක් විවෘත කිරීමට ගිය අවස්ථාවක් බවට පළවන වාර්තා නොමග යන සුළු බවයි.

ටී.බී සරත් මහතා නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමටත් වසර කිහිපයකට පෙර, එනම් 2019 මාර්තු මස සිදුකළ ප්‍රජා සත්කාරයකට අයත් සිදුවීමක් බව, අදාළ අවස්ථාවේ ඡායාරුප මීට වසර 6කට පෙර ෆේස්බුක් ඔස්සේ පළකර තිබීම ඔස්සේ තහවුරු වෙනවා.

Avatar

Title:නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් වැසිකිළියක් විවෘත කිරීමේ කතාවේ ඇත්ත මෙන්න !

Fact Check By: Piumika Lakshani 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *