‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා වල වුවද, අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. කරුණු නිසියාකාරව නොසොයා බලා වාර්තා කිරීම ඊය හේතුවනවා. එ් ආකාරයෙන් පළ වුනු පුවත් ලිපියක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

වතුරෙන් දුවන මෝටර් රියක්යනුවෙන් සඳහන් කරමින් අද(29) පුවත්පත් වල විස්තර පළ කරන ලද ‘සියත පත්තර වැඩසටහනේ’ දී පුවතක් වාර්තා කර තිබුණේ මෙලසින්. 

එම ලිපියට පාදක වී තිබූ ලංකාදීප පුවත් ලිපියක එහි දක්වනු ලබන අතර එම වැඩසටහන මෙහෙයවන නිවේදක රංගන ද සිල්වා විසින් පවසන්නේ,වාහන මිලදි ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් නොවූ බොහෝ අයගේ අපේක්ෂාවන්ට නව පණක් ලබා දීමට ශ්‍රී ලාංකික තරුණයෙතු සමත් වී ඇති බවත්, පරිසර හිතකාමී වතුරෙන් ඡාවනය වන වෑන් රථයක් නිපදවීමට සමත් වී ඇති බව ත්, ඔහු රත්නපුර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු බව ද එහි සඳහන් වී ඇති බවයි.

මෙහි දැක්වෙන තොරතුරු නිවැරදි ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වතුරෙන් දුවන මෝටර් රියක් සත්‍ය වශයෙන් මෑතකදී නිර්මාණය කර ඇත් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා වල මෙම පුවත වාර්තා කර ඇත්ද යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව මෙම පුවත පළ වී තිබූ ‘ලංකාදීප’ පුවත් පතේ සම්පූර්ණ ලිපිය වෙතට අප අවධානය යොමු කරනු ලැබුවා.

මෙම පුවත වාර්තා වී තිබුණේ මෙලෙසින්.

වාහන මිලදී ගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත් නොවූ බොහෝ අයගේ අපේක්ෂාවන්ට නව පණක් ලබා දීමට ශ්‍රී ලාංකික තරුණයෙකු සමත් වී ඇත. පරිසර හිතකාමී වතුරෙන් ධාවනය වන වෑන් රථයක් නිපදවීමට සමත් වී ඇති ඔහු, රත්නපුර ඔකපතන විද්‍යාලයේ ආදි ශිෂයෙකි.

මෙම වෑන් රථයේ රියැදුරුට අමතරව තවත් පුද්ගලයින් 5 දෙනෙකුට ගමන් කිරීමට හැකියාව ඇත. මෙම වෑන් රථයේ වැඩි ඉඩ කඩක් වෙන් වී ඇත්තේ වතුර ටැංකියට වන අතර, මෙහි එන්ජිම කොටසේ විශාල ටර්බයිනයක් සවි කර ඇති අතර එය ක්‍රියා කරන්නේ ජල වාෂ්පයෙනි.

ජලයෙන් ක්‍රියාකාරි වන මෙම වෑන් රථය සාමාන්‍ය පෙට්‍රල්  හෝ ඩීසල් වන් ඒන්ජිමකට වඩා බෙහෙවින්  වෙනස් වන අතර ටර්බයිනය පණ ගන්වා විනාඩි 2 ගමන ආරම්භ කරන්න පුළුවන්. දැනට මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 80ක් වන අතර වතුර ලීටරයකට කිලෝ මීටර් 50ක් ධාවනය කළ හැක. 

ඉදිරි මාස කීපය තුළ මෙහි සියලුම වැඩ අවසන් වීමට නියමිත අතර මේ දිනවල ඔහුගේ පුද්ගලික පරිහරණය සඳහා මේ රථය භාවිතකරයි. ඔහු පසුගිය කාලයේ එළි දැක්වූ සුවිශේෂී නිර්මාණයන් අතර, සුළං බලයෙන් ක්‍රියා කරග තණ කොළ කපන මැෂිම, භූමිතෙල් අත් කියත හා තනි රෝදයේ හෙළිකොප්ටර් යන්ත්‍රය මහත් ආදෝලනයට පත් විය. 

අප රට තුළ සිටින මෙවන් වටිනා සම්පත් ආරක්ෂා කර ඒ සඳහා ඔහුට සහය දීම වගකිවයුත්තන්ගේ යුතුකම නොවේද

(අන්තර්ජාලය ඇසුරින්)

කෙසේ වෙතත් මෙම “ඔකපතන” පාසල ලෙස මෙරට පාසලක් නොමැති අතර මෙහි අසැබි වචනයක පද පෙරළිය කර හාස්‍ය ස්වරූපයෙන් පසුගිය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූවකි. මෙය බොහෝ අවස්ථාවන් වලදී කෘතිම බුද්ධිය ඔස්සේ සිදු කරන ලද නිර්මාණ වලට සම්බන්ධිකරණය කරමින් එවැනි නිර්මාණයන් සිදු කරන ලද්දේ “ඔකපතන” පාසලේ සිසුන් බවට හාස්‍යම සහ උපහාසාත්මක ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කරන ලදී.

Also Read : Okapathana College: Satire in a Digital Age & the Complexity of Audience Response

එමෙන් ම සුළං බලයෙන් ක්‍රියා කරග තණ කොළ කපන මැෂිම, භූමිතෙල් අත් කියත හා තනි රෝදයේ හෙළිකොප්ටර් යන්ත්‍රය මෙරට නිපදවූ පුද්ගලයෙක් සම්බන්ධ හෝ මෙවැනි උපකරණ, යන්ත්‍ර මෙරට නිර්මාණය කෙරුණු බවට හෝ පුවත්, ලිපි අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබුණි.

කෙසේ වෙතත් මීට පෙර 2008 වසරේ, තුෂාර එදිරිසිංහ නම් ලාංකික තරුණයෙක් විසින් ජලයෙන් ධාවනය වන බව පැවසෙන මෝටර් රථයක් නිෂ්පාදනය කර තිබුණා.

එවකට අගමැතිව සිටි රත්නසිරි වික්‍රමණායකද එහි දියුණුව සදහා ඔහුට පූර්ණ සහයෝගය දෙන බව පවසා තිබුණත් ඉන් ඔබ්බට එහි එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබුණි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.Archived

මෝටර් රථ ජලයෙන් ධාවනය වන ක්‍රියාවලිය කුමක්ද ?

TreeHugger පාරිසරික වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් ලිපියක් 2018 වසරේදී සකසා තිබුණා. ඔවුන් එහිදී මතුකර තිබුණේ ලෝකයේ විවිධ රටවල ඉන්ධන මිල ගණන් ඉහලයාම් හා සමගම ජලයෙන් දුවන මෝටර් රථ පිළිබදව කතාබහක් ඇතිවන නමුත් එම ක්‍රියාවලීන් ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බවයි. 

තාපගතික විද්‍යාවේ පළමු නියමය වන “ශක්තිය මැවිය හෝ නැසිය නොහැකියි” යන නියමය කඩ නොවන සේ ඉන්ධනයක් ලෙස ජලය භාවිත වන ආකාරයක් පෙනී යන ලෙසට නිපදවිය හැකි වුවත් එහිදී සැබැවින්ම ඉන්ධනය ලෙස භාවිතා වන්නේ ජලය නොවේ. මෙහිදී ලෝහ හයිඩ්‍රයිඩ ජලය සමහ ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව නිපදවීම සිදුවේ. එම හයිඩ්‍රජන් වායුව දහනය කිරීමෙන් ජලය සහ වාහනයේ එංජිමේ ක්‍රියාකාරීත්වයි සදහා අවශ්‍ය ශක්තිය නිපදවේ. 

මෙහිදී සැබැවින්ම ඉන්ධනයක් ලෙස ක්‍රියා කරන්නේ ජලය නොව ලෝහ හයිඩ්‍රයිඩයි. ලෝහ හයිඩ්‍රයිඩ වේගයෙන් ක්ෂයවේ. ලෝහ හයිඩ්‍රයිඩ බැටරියක් ලෙස ක්‍රියා කරන අතර ලෝහ හයිඩ්‍රයිඩ නිෂ්පාදනය කිරීම් සදහාද ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම නිසා පැහැදිලිව පැවසිය හැකි කාරණයක් වන්නේ ජලයෙන් ධාවනය වන බවට පැවසෙන මෙම වාහන තිරසාර භාවිතයක් සදහා දිගුකාලීනව යොදාගත නොහැකි බවයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.Archived

ජපානයේ ජිනිපැක්ස්(Genepax) මෝටර් රථ සමාගම විසින් වතුර ලීටරයෙන් පැයට කි.මී. 80ක් ,ජලයෙන් දුවන මෝටර් රථයක් සම්බන්ධයෙන් මෙරට ද, මීට පෙර නොමග යන අන්දමින් පුවත් වාර්තාවක් දැක ගන්නට ලැබුණු අතර 2022 වසරේ අප ඒ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශන වාර්තාවක් පහතින්.

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!

Written By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *