ජවිපෙ ‘රතු තරුව සහන සේවා’ විසින් මහනුවර පිරිසිදු කළ අවස්ථාවල ඡායාරූප ද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හයලක්ෂ අසූ දහසකට ආසන්න ජනකායකට දළදා ප්‍රදර්ශනයේදී දළදා වැඳපුදා ගැනීමට පසුගියදා අවස්ථාව හිමි ව තිබුණා. කෙසේ වෙතත් දළදා ප්‍රදර්ශනය පැවති සමයේ නුවර වීථී අපිරිසිදුව ඇති අයුරු, කසළ නිසි ආකාරයෙන් බැහැර නොකිරීම නිසා නුවර නගරය අපිරිසිදු වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය සමාජ මාධ්‍ය වාර්තා දකින්නට ලැබුණු අතර නුවර පිරිසිදු කිරීමේ කාර්යය සඳහා ද, බොහෝ සංවිධාන ඇතුළු පිරිස් නුවරට ඇඳී ආ අයුරු දක්නට ලැබුණා. මේ අතර ජවිපෙ ‘රතු තරුව සහන සේවා’ විසින් මේ අවස්ථාවට සහභාගී වූ අයුරු බවට දක්වා තිබූ ඡායාරූප කිහිපයක් පිළිබඳ පළ වූ නොමග යන සුළු තොරතුරු පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ජනතා විමුක්ති පෙරමුණේ ‘ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා’ මගින් දළදා ප්‍රදර්ශනය පැවති සමයේ අපිරිසිදු වී තිබූ නුවර නගරය පිරිසිදු කළ ආකාරය යනුවෙන් හඟවමින් ඔවුන් විසින් නුවර වීඨී පිරිසිදු කරන අවස්ථා ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වී තිබූ තව ත් ඡායාරූප සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන් වල නිරවද්‍යතාව විමසා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වසර 16කට පසු පැවැත්වුණු දළදා ප්‍රදර්ශනය පසුගිය අප්‍රේල් 18 වන දා සිට 27 වන දා දක්වා මහනුවර දළදා මාලිගාවේදී පැවැත් වුණා. නන් දෙසින් දෙස් විදෙස් ජනයා නුවරට ලක්ෂ ගණනින් ඇදෙද්දී නුවර වීදී ජනතාවගෙන් පිරී ඉතිරී යද්දී කැළි කසළ කළමණාකාරණය කර ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බව ප්‍රධාන මාධ්‍ය වරින් වර වාර්තා කරනු ලැබුවා.

කෙසේ වෙතත් දළදා ප්‍රදර්ශනය අවසන් වූවායින් පසු පිරිසිදු කිරීමේ කාර්ය සඳහා නගර සභා කාර්ය මණ්ඩල මෙන් ම ස්වෙච්ඡා සංවිධාන, පාසල් දරුවන්, නගර වාසීන්, මෙන් ම නොයෙකුත් සංවිධාන, සමිති එක් රොක් වුණා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපයේ පෙන්වා දෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව සේවා බලකාය’ විසින් මේ ආකාරයෙන් නුවර නගරය පිරිසිදු කිරීම සඳහා දායක වූ බවට කිසිදු සඳහනක් ඔවුන්ගේ ෆේස්බුක් පිටු හරහා පරීක්ෂා කළ ත්, දැක ගන්නට නොහැකි වූ බැවින් අප ඉහත ඡායාරූප කුමන අවස්ථාවල ඡායාරූප සහ කුමන සංවිධානයකට අයත් දැයි යන්න පරීක්ෂාවට ලක් කළා. 

ඒ අනුව, එම ඡායාරූප වල දැක්වෙන්නේ, ජවිපෙ ‘රතු තරුව සේවා බලකාය’ විසින් නොව Mindfull GenerationSri lankan Green Party, Green Regiment – හරිත රෙජිමේන්තුව යන සංවිධානවල සාමාජිකයන් සහ මහනුවර ප්‍රජාව සහ නියෝජිතයන්ගේ එකතුවෙන් කැළිකසළ ඉවත් කරන අවස්ථාවේ සහ ඉන් පසු ලබා ගත් ඡායාරූප බවයි.

එම අවස්ථාව සම්බන්ධයෙන් ඔවුන් විසින් ෆේස්බුක් වෙත ට එක් කර තිබූ සටහන පහතින්

Archived Link

කෙසේ වෙතත් මෙම ඡායාරූප වල දැක්වෙන පිරිස් විසින් ද, ඔවුන්ගේ ඡායාරූප අවභාවිත කර තිබීම සම්බන්ධයෙන් සටහන් පළ කරමින් මෙලෙසින් විවේචනය කර ඇති බව දැක ගන්නට ලැබුණා. Archived Link

ඉහත දෙවන සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඒවායෙහි පළමු වරට සමාජ මාධ්‍යට එක් කර ඇති කුමන කාලයකද යන්න පිළිබඳ සොයා ගැනීමට නොහැකි වූවත්, එම ඡායාරූප ද, දළදා ප්‍රදර්ශනය පැවැත් වීමට පෙර සිටම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූප බව දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived Link

එමෙන් ම අනෙක් ඡායාරූපය ද, සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක සිට සංසරණය වී තිබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් ‘රතු තරුව සහන සේවා බලකාය’ විසින් මෙලෙසින් නුවර නගරය පිරිසිදු කිරීමට සමගාමීව වැඩසටහන් ක්‍රියාත්මක කරාද, යන්න පිළිබඳ අප ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශය හරහා විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, එවැනි වැඩසටහනක් රතු තරුව සහන සේවා බලකාය විසින් සිදු නොකළ බව ත්, ඇතැම් පාර්ශව විසින් දේශපාලනික වාසි තකා ජනතා විමුක්ති පෙරමුණ වෙනත් පිරිස් විසින් සිදු කළ සේවයට නම ගැනීම සඳහා මෙලෙසින් ඔවුන්ගේ ඡායාරූප අවභාවිත කළ බවට හැඟවීමට උත්සහ දරන උත්සහයක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බැවයි.

එමෙන් ම Clean Sri Lanka වැඩසටහන සහ මාලිමාවේ වෙනත් සංවිධාන රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන සමග මහනුවර නගරය පිරිසිදු කිරීම සදහා මැදිහත් වූ බව ද, ඔවුන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයේ සාමාජිකයෙක් විසින් පළ කළ සටහනක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  ජනතා විමුක්ති පෙරමුණේ ‘රතු තරුව සහන සේවා’ මගින් දළදා ප්‍රදර්ශනය පැවති සමයේ අපිරිසිදු වී තිබූ නුවර නගරය පිරිසිදු කළ ආකාරය යනුවෙන් හඟවමින් ඔවුන් විසින් නුවර වීඨී පිරිසිදු කරන අවස්ථා ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ ඡායාරූප සටහන් නොමග යන සුළු අතර එම සහන සේවා ව නමින් මේ සඳහා දායකත්වය දක්වා නොමැති බව දැක ගන්නට ලැබේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසණය වන ඡායාරූප වෙනත් ස්වෙච්ඡා සංවිධාන විසින් නුවර නගරය පිරිසිදු කරන අවස්ථාවේ ඡායාරූප වේ. 

එමෙන් ම රතු තරුව සහන සේවාව විසින් නුවර නගරයට පිරිසිදු කිරීම සඳහා පිටත් වන අයුරු බවට දක්වා තිබූ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කලකට පෙර වරින් වර සංසරණය වී තිබූ ඡායාරූප වේ.

Avatar

Title:ජවිපෙ ‘රතු තරුව සහන සේවා’ විසින් මහනුවර පිරිසිදු කළ අවස්ථාවල ඡායාරූප ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *