
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙක් සියදිවි හානි කර ගැනීමත් සමඟ මෙරට විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ඇති නවක වදය සම්බන්ධයෙන් කතාබහ දැඩි ලෙස නැතත් සමාජයේ කතා බහට ලක්වී තිබෙනවා.එවන් පසුබිමක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වන එරංග ගුණසේකර මෙම නවක වදය අනුමත කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙමින් පැවති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
“විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සමහර පව්ඩර් බබාලට දරාගන්න බෑ. නියෝජ්‍ය ඇමති එරංගගෙන් සැර ප්‍රකාශයක්”
යනුවෙන් සඳහන් වන සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්. එය පළ කිරීමේදී තබා තිබූ සටහන මෙසේ ය.
“පවුඩර් බබාලද යන්නේ විශ්ව විද්‍යාලයට? මම මේ තරම් කල් හිතන් හිටියේ උගත් මුහුකුරාගිය තරැණ අය කියල.
අනේ වස්සෝ… විනෝදකාමී අහිංසක රැග් එකකයි, ලිංගික හිංසනයයි, මානසික සහ ශාරීරික හිංසනයයි වෙනස නොදන්න ඔහේ,ඔය තනතුරට නෙවී මොන තනතුරකටවත් සුදුසු නෑ…”
තවත් එවැනි සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර එවන් ප්‍රකාශයක් සිදුකළා ද යන්න සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙක් නවක වධ සිද්ධියක් හේතුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි හානි කර ගැනීමේ සිදුවීම පළමු වරට මාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ පසුගිය මැයි 1 වන දිනයි. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.
ඒ අනුව එම සිදුවීමෙන් අනතුරුව නැවතත් විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් කතාබහ මතු විය.
එබැවින් එවැනි පසුබිමක, අවුරුදු 23ක තරුණයෙක් ම මිය ගොස් ඇති මොහොතක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ම මෙම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සම්බන්ධයෙන් එය අනුමත කරමින් ප්‍රකාශයක් සිදුකළේ නම්, එය මෙරට මාධ්‍යයේ ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වනවා.
එනමුත් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සිදුකළ එවන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිඳු මාධ්‍ය වාර්තා කිරීමක් නොවීය.
එමෙන් ම මහ මැතිවරණයෙන් අනතුරුව නවක වදය සම්බන්ධයෙන් කතාබහ මතු වූයේ ම මෙම සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවාගේ මරණයත් සමඟ බැවින් පසුගිය දින කිහිපයේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සිදුකළ අදහස් දැක්වීම් කෙරෙහි අප අවදානය යොමු කළත්, ඔහු පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගනිමින් දක්වන අදහස්වලට අමතරව නවක වදය හෝ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළ අවස්ථාවක් වාර්තා වී නොතිබුණි.
එබැවින් ‘සියරට News’ යනුවෙන් මෙම සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව තිබූ බැවින් එවැනි පුවත් වෙබ් අඩවියක් හෝ පුවත් පළකරන ෆේස්බුක් පිටුවක් හෝ තිබේ ද යන්න සම්බන්ධයෙන් අප පරීක්ෂා කිරීමක් සිදුකළා. එනමුත් එවැනි ෆේස්බුක් පිටුවක් තිබූ නමුත් හෝ වෙබ් අඩවියක් නොමැති බවයි අපට නිරීක්ෂණය වුණේ.
සියරට නිව්ස් ලෙස පවතින එම ෆේස්බුක් පිටුවේද 2021න් පසුව පුවත් පළ වීමක් සිදුව තිබුණේ නෑ.
එනමුත් මෙම සමාජ මාධ්‍ය සටහන සහ මෙම ආකෘතියේ ම වෙනත් සමාජ මාධ්‍ය සටහන් ද Dul D Wimukthi නම් ගිණුමකින් ෆේස්බුක් සමූහ තුළ පළකර ඇති ආකාරය දැකගත හැකි විය. ඒවා කිසිඳු නිල මූලාශ්‍රයක් සහිතව හෝ පුවත සම්බන්ධයෙන් කිසිඳු නිල තොරතුරක් නොමැතිව සමාජ මාධ්‍ය සටහන පමණක් සහිතව පළකර තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ. එවැනි අවස්ථා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
විශ්ව විද්‍යාල නවක වදය අනුමත කරමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශයක් සිදුකළ බවට දැක්වෙන අවස්ථාව
එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල ෆේස් බුක් පිටුවේ පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමි පැවැත්වුණු කුඩා මහජන රැස්වීම්වල ඡායාරූප පළකර තිබූ අතර එහි අප්‍රේල් 27 වන දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් මල්ගම කොට්ඨාසයේ ජනතාව ඇමතීමේ අවස්ථාවක ඡායාරූපයක් මෙලෙස සමාජ මාධ්‍ය සටහන සඳහා උපුටාගෙන ඇති බව අපට දැකගත හැකි විය.
එනම් එම අවස්ථාව සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවා මිය යාමටත් පෙර, නවක වදය සම්බන්ධයෙන් කතාබහක් සමාජයේ දැඩි ලෙස මතු වී නොතිබුණු මොහොතකි.
එමෙන් ම ප්‍රාදේශීය සභා ඉලක්ක කරගනිමින් පැවැත්වෙන කුඩා කණ්ඩායම් රැස්වීම්වල විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් එම මහතා කතා කළා යැයි ද අපට සිතිය නොහැක.
කෙසේ වෙතත් එම අවස්ථාවේ එම මහතා සිදුකළ කතාව කිසිඳු මාධ්‍යයක හෝ එම මහතාගේ ෆේස් බුක් ගිණුමේවත් පළ කිරීමක් සිදුව තිබුණේ නෑ.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ මාධ්‍ය ලේකම්
එබැවින් මෙම අවස්ථාවේ එම මහතා සිදුකළ කතාව සම්බන්ධයෙන් විමසීමට සහ නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්ව විද්‍යාල නවක වදය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ මාධ්‍ය ලේකම් සම්බන්ධ කරගනු ලැබුවා.
ඔහු පැවසුවේ නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් පළවන මෙම ප්‍රකාශය අසත්‍ය එකක් බවත්, එවැනි ප්‍රකාශයක් කිසිඳු අවස්ථාවක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුනොකළ බවත් ය.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ජාතික ජනබලවේග මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදුකළ අතර එහිදී ද පැවසුවේ, මෙම සංසරණය වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය එකක් වන බවයි.
සබරගමු සරසවි සිසුවාගේ මරණය
නවක වදය හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත සියදිවි නසා ගත් බව කියන ගම්පොළ, අටබාගේ, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් දයාරත්න නමැති සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයා සමබන්ධයෙන් දැඩි කතාබහක් මතුව තිබෙනවා.
අප්‍රේල් 29 වන දා ඔහු සියදිවි හානි කර ගෙන ඇත.
සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන්වල සඳහන් වන්නේ, ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වැසිකිළියට කොට කලිසමක් ඇඳගෙන යාම නිසා ඔහු පිරිසක් ඉදිරියේ නිරුවත් කර නවක වදයට භාජනය කර ඇති බව ය.
කෙසේ වෙතත් මිය ගිය චරිත් දිල්ශාන්ගේ මව පවසන පරිදි ඔන්ලයින් දේශන පැවතිය ද ඔහු අප්‍රේල් මස 26 වන දා මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබෙනවා.
එහිදී ඔහු මෙලෙස නවක වදයට ලක් වී ඇති බවයි ඔහුගේ මව පවසන්නේ.
ඒ අනුව මෙම නවක වදය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින සමස්ථ සිසුන් සංඛ්‍යාව 10කි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සරසවියේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනෙක් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විශ්ව විද්‍යාල නවක වදය අනුමත කරමින් කිසිඳු ප්‍රකාශයක් සිදුකළ බවට වාර්තා කිරීමක් නොමැත.
එම මහතා සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ප්‍රකාශය සිදුකළ බවට දැක්වෙන අවස්ථා ද පසුගිය අප්‍රේල් 27 වන දින කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් මල්ගම කොට්ඨාසයේ ජනතාව ඇමතීමේ අවස්ථාවක ඡායාරූපයකි.
ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා මිය යාම සිදුවන්නේ අප්‍රේල් 29 වන අතර එම සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා වන්නේ මැයි 1 වන දායි. එම සිදුවීමෙන් අනතුරුව නවක වදය සම්බන්ධ කතාබහ සමාජයේ නැවත මතුවීම සිදුවන බැවින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර නවක වදය අනුමත කරමින් සිදුකළ බවට පැවසෙන ප්‍රකාශය ඇතුළත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන අවස්ථාව එම සිදුවීමටත් පෙර අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකි ය. එබැවින් මෙය නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනකි.

Title:නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ ඇති නවක වදය අනුමත කළා ද?
Fact Check By: Piumika LakshaniResult: False
