අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රාජ් සිදුකළ ප්‍රකාශයක් ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අපයෝජනයකට ලක්වීමෙන් පසු ඇතිවූ තවත් බලපෑම් සහ හිත්රිදවීම් නිසා සියදිවි නසාගත්තේයැයි කියන දැරියගේ සිද්ධිය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රජ් විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් මේ වනවිට සමාජයේ විවේචනයට ලක්වෙමින් තිබෙනවා.

මෙවැනි පසුබිමක මෙම සිදුවීමට ම අදාළව එම මහත්මිය විසින් සිදුකළ තවත් ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් ද හුවමාරු වෙමින් පැවති බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

සමාජ මාධ් සටහන් (Social Media):

මියගිය ළමයා සම්බන්ධයෙන් පෙත්සමක් නැතිව ක්රියාමාර්ග ගන්න මම මර්වින් සිල්වා නෙවෙයිමේ තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවකුත් නෙවෙයි. පෝල්රාජ් ඇමතිවරිය විපක්ෂය හාන්සි කරයි

යනුවෙන් සාවිත්‍රි අමාත්‍යවරිය මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් කළ බවට සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fb|Archive

ඒ අනුව අමාත්‍යවරිය එවන් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා ද යන්න අප කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.

Fact Check (සත් තොරතුරු විමර්ශනය කිරීම) :

බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයා විසින්, පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී ලිංගික හිංසනයට ලක්ව, අනතුරුව තවත් සිත්රිදවීම් සහ බලපෑම් හේතුවෙන් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් සියදිවි නසාගත් පුවතක් පසුගිය දා වාර්තා වුණා.

දැරිය සියදිවි නසා ගැනීම සිදුවුණේ, පසුගිය අප්‍රේල් 29 වන නමුත් ඇය ලිංගික අතවරයට ලක්වීමේ සිදුවීම සිදුව තිබුණේ, 2024 ඔක්තොම්බර් 23 වන දිනයි. අනතුරුව මෙම ලිංගික අතවරය සිදුකළ ගුරුවරයාව පොලිසිය අත්අංගුවට ගන්නේ 2025 වසරේ ජනවාරි මාසයේදීය. 

ඇප නියමවූ ගුරුවරයා නැවත එම පාසලේම සේවය කළ බවත්, දැරිය වෙනත් පාසලකට මාරුවී ගිය බවත් අනතුරුව දැරිය සහභාගී වූ උපකාරක පන්ති ආයතනයක ගුරුවරයෙක් ඇයට දෝෂාරෝපණය කළ බවත්, එසේම සමාජයෙන් එල්ල වූ බලපෑම් මත සිත්තැවුලට පත්වීම ද ඇතුළු හේතු මත දැරිය සියදිවි නසාගැනීමට හේතු වන්නට ඇති බව වාර්තා වී තිබුණා. 

මෙම සිදුවීම් මාලාව සහ ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්.

මෙම සිදුවීම පාර්ලිමේන්තුවේද වැඩි අවදානයකට ලක්වූ අතර, දැරියගේ මරණයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන මෙම වාචිකව අපයෝජනය කළ බව කියන උපකාරක මධ්‍යස්ථානයේ හිමිකරු ජාතික ජන බලවේගයට (NPP) අනුබද්ධ බැවින් රජයේ ක්‍රියාමාර්ග ප්‍රමාද වී ඇත්දැයි ප්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විසින් කරන ලද චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් විසින් දැක්වූ අදහසක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයෙන් විවේචනයන් එල්ල වෙමින් තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේදී සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය දුන් පිළිතුර කෙරෙහි අප අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී ඇය පවසන්නේ, මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් ලබාගෙන තිබෙන බවයි. 

තමා දරුවාගේ දෙමාපියන්ගෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට විධිමත් පැමිණිල්ලක් සිදුකර පෙත්සමක් රැගෙන තමා හමුවීමට පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බව අමාත්‍යවරිය සඳහන් කරනු ලැබුවා.

එමෙන් ම සමාජ මාධ්‍ය හරහා යුක්තිය ඉටු කළ නොහැකියි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සිදුවීමට අදාළව ඇය පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව නැවත ඇය ඇයගේ ෆේස්බුක් ගිණුමේ පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ මෙලෙසින්.

ඇය එහිදී එදින පාර්ලිමේන්තුවේ සිදුකළ කාතාව නැවත සිංහල උපසිරැසි සහිතව පළකර තිබූ අතර එම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කර තිබුණා.

එහිදී ඇය තබා තිබූ දීර්ඝ සටහන මෙසේ ය.

මේ මොහොතේ ආන්දෝලනාත්මක තත්ත්වයකට තුඩු දී ඇති 2025.05.08 දින මා විසින් පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ ප්රකාශය සිංහල උපසිරැසි සහිතව.

මා මේ අවස්ථාව පැහැදිලි කිරීමක් කල යුතු යැයි සිතනවා.

පහුගිය 29 වෙනිදා අදාළ ශිෂ්යාවගේ මරණයෙන් පසුව අපි පසුගිය දින කිහිපයේ විමර්ශන කටයුතු සඳහා සියළු තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරන පැහැදිලි කිරීම. මෙම සිදුවීම සිදුව තිබුනේ 2024 දෙසැම්බරයේ. සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමේදී අදාළ ශිෂ්යාව මානසික වෛද්යවරයෙකුගෙන් ප්රතිකාර ලබා ඇති බවත්, අදාළ අතවරය සම්බන්ධයෙන් අධිකරණ වෛද්යවරයෙකුගේ සහතිකයක් නිකුත් කර ඇති බවත්, මෙම සිදුවීමේ පසු විපරම සම්බන්ධයෙන් පාසලේදී සිසුවියගේ අධ්යාපන මට්ටම හා කුසලතා සම්බන්ධයෙනුත්, පාසලේ දී ඇය ඇසුරු කළ යහළුවන් හිතවතුන් සම්බන්ධයෙනුත් සියළු තොරතුරු ඇතුලත් කර මේ වන විටත් ලිපි ගොනුවක් සකස් කර තියෙනවා.

පසුගිය 5 වන දින අදාල සිසුවියගේ දෙමාපියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලුවද දැනට දින 4ක් ගත වී ඇතත් සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නෑ.

වගේම අද (08) මෙම උද්ඝෝෂණ අවස්ථාවේදීත් උද්ඝෝෂකයන් පෙත්සමක් භාර දීම සඳහා අධ්යාපන අමාත්යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ. හෙට හෝ අනිද්දා සම්බන්ධයෙන් මා හමුවන බව ඔවුන් පවසා සිටියා.

සමාජ මාධ් වලින් පමණක් යුක්තිය ඉල්ලීම සිදුකල නොහැක.යුක්තිය ලබාගන්න නම් සඳහා නීතිය ක්රියාත්මක කරන ආයතන වලට පැමිනිය යුතු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ට විය යුතු බවඅපිත් විස්වාස කරනවා. මෙවැනි ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ක්රියාත්මක වීමේදීනිසි ආකාරයෙන් කටයුතු කිරීමේ ක්රමවේදයක් ඇති කිරීමේ අවශ්යතාවයත් සමාජය තුළ පවතිනවා, වගේම සමාජ මාධ් කණ්ඩායම් හෝ සමාජ සංවිධාන නීතියට අතට ගෙන අවනත නොවී ක්රියා කිරීමෙන් නීතිය හා සාමය රැකෙන්නේ නෑ. නිසා මේ සම්බන්ධයෙන් ස්ථිර විසදුම ලෙස නීතිය ක්රියාත්මක කරන අදාල ආයතන වලට යොමුවන ලෙස ඉල්ලා සිටිනවා.”

ඒ අනුව අමාත්‍යවරිය මෙහිදී සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් නොකරන බව පැහැදිලි වනවා. එමෙන් ම පාර්ලිමේන්තුවේ මෙම කතාබහෙන් අනතුරුව හෝ ඇය සමාජ මාධ් සටහනේ දැක්වෙන ආකාරයේ ප්රකාශයක් සිදුකර නොමැති බවයි අප කළ පරීක්ෂණයේදී පෙනීගියේ.

කෙසේ වෙතත් තමා සිදුකළ ප්‍රකාශයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ එකක් බවට සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

මේ අවස්ථාවේ සමාජ මාධ් හරහා පැතිර යන පහත පෝස්ටුවෙහි (Facebook Post)  සඳහන් ප්රකාශය හෝ හා සමාන කිසිඳු ප්රකාශයක් මා විසින් සිදුකර නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.

සමාජ මාධ් පරිශීලකයන් වන අපට සන්නිවේදකයා සහ ග්රාහකයා යන භූමිකා ද්විත්වයම ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැළසී ඇත. එම අවස්ථාව අවභාවිතා කරමින් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජගත කරනු ලබන තොරතුරු හරහා සමාජ සාමකාමීත්වයට හානි වීමත් සමාජ ප්රචණ්ඩත්වය වර්ධනය වීමත්  සිදු විය හැකි බැවින් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන මෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.”

Fb|Archive

ළමා ආරක්ෂක අධිකාරියට විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ මැදිහත්වීමක් කිරීමට පැමිණිල්ලක් කිරීම අත්යවශ් ?

ළමා අපචාර වළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්ය සඳහා සහ සියලු ආකාරයෙන් වූ ළමා අපචාරවලට එරෙහිව වූ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය හා නියමානය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියක් පිහිටුවීම පිණිස ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ පනත වන 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත අප පළමුව පරීක්ෂා කළා.

අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී හා කාර්තව්‍ය ඉටු කිරීමේදී, අධිකාරිය, ළමයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය හා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලව හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අධිකාරිය වෙත නිකුත් කරන පොදු හෝ විශේෂ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතුය යන්න එම පනතේ 12 වන වගන්තියේ සඳහන් වනවා.

එනම් අධිකාරියට පොදු හෝ විශේෂ විධිවිධාන නිකුත් කිරීමට අමාත්යවරයාට බලය තිබෙනවා.

අධිකාරිය කටයුතු කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලවය.  අදාල පනතේ 14 වැනි වගන්තියේ අධිකාරී කර්තව්‍ය දක්වා තිබේ. එහි මුලින්ම සඳහන්ව ඇත්තේ,

(අ) ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකස් සකස් කිරීමෙහි ලා ආණ්ඩුවට උපදෙස් දීමය. 

(ආ) ළමා අපචාර වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීම, 

(ඇ)එවැනි අපචාරවලට ගොදුරුවූවන් අුාරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීම.

(ඈ)අපරාචවලින් ආරක්ෂා කරනු ලැබීමට ළමුන් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ ළමා අපචාර වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීම, 

() ළමා අපචාර වැළැක්වීමේ කාර්යය සඳහා සහ එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ් සියලු ක්රියාමාර්ග ගැනීම 

() ළමා අපචාර හා සම්බන්ධ සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්රගතිය නියාමනය කිරීම , අපරාධ පිළිබඳ විමර්ශනවලට සහ අපරාධ නඩු කටයුතුවලට සම්බ්නධ ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා අවශ් අවස්ථාවලදී උචිත පියවර ගැනීම ද මෙම ආයතනයේ කර්තව්‍යට අයත්ය. එසේම ළමා අපචාරවලට එරෙහිව කරනු ලබන වැඩ සම්බන්ධීකරණය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලට ඒ සඳහා උපදෙස් දීම සහ සහාය වීමත ළමා ආරක්ෂණ අධිකාරීයේ වගකීමකි.

ඒ අනුව මෙම පනතට අනුව මෙවැනි සිදුවීමක දී විෂය භාර අමාත්‍යවරයාට ළමා ආරක්ෂණ අධිකාරියට විශේෂ විධි විදාන නිකුත් කරමින් කටයුතු කිරීමේ හැකියාව තිබෙන අතර, ළමා අපචාර වැළැක්වීමේ කාර්යය සඳහා සහ එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම ද මෙම අධිකාරියේ වගකීමකි.

ඒ අනුව මෙවැනි අවස්ථාවක එවැනි සිදුවීමකට අදාළව නිසි පියවරයන් ගැනීමට අවශ්‍ය පරිදි මැදිහත්වීමේ හැකියාවක් ළමා ආරක්ෂක අධිකාරියට ඇති බව පෙනී යනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ නිසි බලධාරියෙක්ගේ පැහැදිලි කිරීමක් ද සහිතව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම සිදුවීමට අදාළව වර්තමාන විමර්ශන තත්වයන්

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික හිංසනයට ලක්ව ඇති බව අනාවරණ වි තිබෙනවා.

සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බව වාර්තාවනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසනවා.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද වාර්තාවනවා.

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Conclusion (අවසාන නිගමනය) :

සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය පසුගියදා මෙම සියදිවි නසාගත් දැරියගේ සිදුවීමට අදාළව ගන්නා පියවර සම්බන්ධයෙන් මනෝ ගනේෂන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදුකළ විමසීමට පිළිතුරු දෙමින්, අදාළ දෙමව්පියන් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත්, පෙත්සමක් තමාට ගෙනත් දෙන ලෙසත් මෙතෙක් එය ගෙනවිත් නොදුන් බවටත් පැවසූ නමුත්, සමාජ මාධ්‍ය සටහනේ සඳහන් ආකාරයේ ප්‍රකාශයක්, එනම් පෙත්සමක් නොමැතිව ක්‍රියාමාර්ග ගැනීමට තමා මර්වින් සිල්වා නොවේ යනුවෙන් ප්‍රකාශයක්, ඇය විසින් සිදුකර නොමැත.

Avatar

Title:අමාත්‍ය සාවිත්‍රි පෝල්‍ රාජ් සිදුකළ ප්‍රකාශයක් ද?

Fact Check By: Piumika Lakshani 

Result: Misleading


Leave a Reply